20 April 2018
RSS Facebook Twitter   

ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා 36 ක් මිලදී ගනී

hollande modiප්‍රංශයේ නිෂ්පාදිත  රෆායල් ජෙට් යානා 36ක් මිලදී ගැනීමට ඉන්දියාව සූදානම් බව වාර්තා වේ.

නරේන්ද්‍ර මෝඩි මහතා ඊයේ (10) පැරිස් නුවර දී ප්‍රංශ ජනාධිපති ප්‍රාංශුවා හොලාන්ඞ් මුණ ගැසුණු අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more...

ඇමරිකාව සහ කියුබාව අතර සබඳතා තර වෙයි

obama---Raulඇමරිකා එක්සත් ජනපද ත්‍රස්ත ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබෙනවා. මේ සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර මෙවැනි සාධනීය පිවරක් ගෙන ඇත්තේ කියුබානු විප්ලවයෙන් වසර 55 කට පසුවයි.

Read more...

ඇමරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

yemannnnn-1ඉරාන පාලනය යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන හොයුති කැරලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉරානයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසන්නේ මැදපෙරදිග කලාපය අස්ථාවර කිරීමේ උත්සාහයක ඉරානය නිරත වෙමින් සිටින බවයි.

Read more...

මත් රකුසාට එරෙහිව ඕස්ට්‍රේලියානු රජයෙන් කාර්ය සාධක බලකායක්

AUSඕස්ට්‍රෙලියාව පුරා මේ වනවිට ව්‍යාප්තවපවතින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අදහසින් සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව හෙලිදරව් කරගැනීමේ අරමුණින් මෙම විශේෂ බලකාය පිහිටුවීමට නියමිත වන අතර

Read more...

බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ චූදිතයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ?

bostan-1සුප්‍රසිද්ධ බොස්ටන් මැරතන් තරගය පැවැත්වෙමින් තිබියදී තිදෙනෙකුට මරු කැඳවමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ සැකකරුට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමකට මුහුණදීමට සිදුවනු ඇති බව බීබීසීය වාර්තා කරයි. 2013 වර්ෂයේ බොස්ටන මැරතන් තරගය පැවැත්වෙමින් තිබියදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් වසර අටක පිරිමි ළමයෙකු ඇතුළ තිදෙනෙක් මියගිය අතර 260 කට වඩා වැඩි පිරිසක් තුවාල ලැබූහ.

Read more...

බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්ලාම් පක්ෂ නායකයාගේ ආයාචනය ප්‍රතික්ෂේප කරයි

Bangladeshමරණ දඬුවම හිමිව ඇති බංග්ලාදේශයේ ජමාට් ඉ ඉස්ලාමි පක්ෂයේ නායක Mohammad Kamaruzzaman ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වී තිබෙනවා. පසුගිය 2013 වසරේ මැයි මාසයේදී ජන සංහාර චෝදනාව මත යුද අපරාධ අධිකරණයක් මගින් ජමාට් ඉ ඉස්ලාමි පක්ෂ නායකයාට මරණ දණ්ඩනය හිමි වූ අතර ඉන් පසු ඒ සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කළේය.

Read more...

යේමන් අර්බුදය තවදුටත් වර්ධනය වෙයි

yeman---3යේමනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යේමනයේ මේ වනවිට සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් තම බලය ව්‍යාප්ත කරගැනීමේ අරගලය නිරත වීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. සයිදි ෂියාගේ නායකත්වයෙන් යුතු හොයුති කැරලිකරුවන් ඔවුන් අතරින් බලවත් ම කණ්ඩායම වන අතර ඔවුන් උතුරු යේමනයේ සානා නගරය තම මූලස්ථානය ලෙස භාවිතා කරයි.

Read more...

කෙන්යානු විශ්වවිද්‍යාලකට එල්ල කළ ප්‍රහාරයකින් 147 ක් මියයයි

kenya-attkak-1ඊසානදිග කෙන්යාවේ ගරිස්සා නගරයේ විශ්වවිද්‍යාලයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සිසුන් ඇතුළු පුද්ගලයන් 147 ක් මියගොස් ඇති බව වාර්තා වේ. සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල් ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇත.

Read more...

යේමනයේ ඒඩ්න් නගරයේ ගැටුම් උත්සන්න වෙයි

yeman-crisis-1යේමනයේ රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර ගැටුම් මේ වනවිට උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යේමන් රජයට එරෙහිව සටන් වැද සිටින හොයුති කැරලිකරුවන් යේමනයේ ඒඩ්න් නගරය අල්ලා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර එහිදී දෙපාර්ශ්වය අත දරුණු සටන් ඇවිලී ඇත.

Read more...

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

worlds-oldest-personලොව වයස්ගතම පුද්ගලයාගේ ගිනස් වාර්තාව සතු කර‍ගෙන සිටි ජපානයේ මිසාඕ ඔකාවා (Misao Okawa) නැමැති කාන්තාව මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. හෘදය අකර්මන්‍ය වීමෙන් ඇය මියගොස් ඇති අතර ඒ වනවිට ඇය 117 වන වියේ පසුවිය. මියයන විට ඇය ජපානයේ ඔසාකා නුවර සාත්තු නිවාසයක ප්‍රතිකාර ලබමින් සිටියාය.

Read more...

මැදපෙරදිග කලාපයේ ආරක්ෂාවට ඒකාබද්ධ හමුදාවක්

Arab Leagueමැදපෙරදිග කලාපයේ ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අරාබි ලීගයට අයත් රටවල සෙබළුන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ හමුදාවක් ගොඩනැගීමට එම සංවිධානයට අයත් රටවල් බලාපොරොත්තු වේ. 40,000 ක් පමණ වන පිරිසකගෙන් සමන්විත හමුදාවක් ගොඩනැගීමට එකඟ වී ඇති අතර ඊජිප්තුවේ කයිරෝ නුවර හෝ රියාද් නගරය එහි මූලස්ථානය සඳහා යෝජනා වී තිබෙනවා.

Read more...

 

 

විදෙස්