23 April 2018
RSS Facebook Twitter   

ඉතාලිය සමරිසි අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව යුරෝපා අධිකරණය පවසයි

gay coupleසමරිසි සහකරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට ඉතාලි රජය අපොහොසත්වීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව යුරෝපා අධිකරණය පවසයි. ඉතාලිය විසින් තම රටේ පිරිමි යුවළ තුනකට විවාහ වීමේ අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම ප්‍රකාශය සිදුකර තිබේ. 
 
සමලිංගික පුරුෂයන්ගේ විවාහයට තවමත් අවසර දී නොමැති එකම ප්‍රධාන බටහිර යුරෝපීය රට වන්නේ ඉතාලියයි.
Read more...

චීන රජයේ හිටපු ප්‍රබලයෙකුට දූෂණ චෝදනා

china lin jihuaචීනයේ හිටපු ජනාධිපති හූ ජින්තාවෝ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට දූෂණ චෝදනා එල්ල වී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වූ ලින් ජිහුවා නමැත්තාට මෙසේ චෝදනා එල්ලවී ඇති අතර ඔහු මේ වනවිට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැර තිබෙනවා. මීට අමතරව ඔහුට ලිංගික අපචාර චෝදනාවක් ද එල්ලවී ඇත.
 
Read more...

යුරෝපා සංගමයෙන් ග්‍රීසියට දැඩි කොන්දේසි මත ණය ආධාර

greece bankග්‍රීක ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ වසාතිබූ බැංකු නැවත විවෘත කිරීමට ග්‍රීක රජය තීරණය කර තිබෙනවා. සති තුනක් තිස්සෙ මෙම බැංකු මහජනයා සමග ගනුදෙනු අත්හිටුවා තිබිණි. 
 
පසුගිය සතියේ ජාත්‍යන්තර ණයදෙන ආයතන සමග ග්‍රීක රජය ගිවිසුමකට එළඹි අතර එතුළින් නැවතත් ග්‍රීක ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතන ග්‍රීසියට උපකාර කිරීමට එකඟ වී තිබේ.
Read more...

ඇමරිකානු නාවික භටයන් සිව්දෙනෙකු ඝාතනය කරයි

usa shoot01ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සෙබළුන් සිව්දෙනෙකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ චැටනුගා ප්‍රදේශයේ පිහිටි නාවික කඳවුරකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර පුද්ගලයන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ. 
 
මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇත්තේ යූසුෆ් අබ්දුල්අසීස් නැමැති 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු කුවේට්හි උපන් පුද්ගලයෙකු බවට විශ්වාස කරයි. වසර ගණනාවක සිටි මෙම පුද්ගලයා ඇමරිකාවේ වාසය කොට ඇති බවට තොරතුරු සොයාගෙන තිබේ. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පසු ඇමරිකානු ආරක්ෂක අංශවල ප්‍රහාර හමුවේ තුවක්කුකරු මියගොස් ඇත. යූසුෆ් අබ්දුල්අසීස් ටෙනසි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර 2012 දී ඔහු තම උපාධිය සම්පූර්ණ කර තිබේ. 
 
මෙම වසර මුලදී චැටනුගා ප්‍රදේශයේදී අබ්දුල්අසීස් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුව පත්ව තිබෙන බව එම ප්‍රදේශයේ පොලිස් ප්‍රකාශකයෙකු තහවුරු කර ඇති අතර මේ වනවිට ඇමරිකානු ආරක්ෂක අංශ ඔහු ත්‍රස්වාදී සංවිධාන සමග සබඳතා පවත්වා ඇත්තේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී. 
 
තුවක්කුකරු නැවතී සිටි චැටනුගා ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ සොයාගෙන ඇති අතර එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි. 
 
ඉරාකය, යේමනය ඇතුළු මැදපෙරදිග කලාපය පුරා ත්‍රස්ත කටයුතුවල නිරත IS සංවිධානය මුස්ලිම් රාමදාන් උත්සව සමයේ ලොවපුරා ප්‍රහාර සිදුකරන බවට මෙයට පෙර අනතුරු අඟවා තිබූ අතර මෙම ප්‍රහාරය හා එම අනතුරු ඇඟවීම අත් සම්බන්ධයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ පරීක්ෂණ සිදුකරමින් සිටී.
 
usa shoot02
usa shoot03

පකිස්ථානු හමුදාව ඉන්දියාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළයි

drone clashඉන්දීය හමුදාවට අයත් ඩ්‍රෝන යාත්‍රවක් පකිස්ථානු හමුදාව විසින් වෙඩිතබා බිමහෙළා තිබේ. පකිස්ථානය හා ඉන්දියාව අතර මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීර ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක මෙම ඩ්‍රෝන යාත්‍රාව ඔත්තු බලමින් තිබියදී පකිස්ථානු හමුදා ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
දෙරට අතර බිඳවැටී තිබූ සාකච්ඡා නැවත ආරම්භ කරමින් තිබියදී මෙම තත්ත්වය ඇතිවී තිබීම දෙරට අතර වර්ධනය වෙමින් තිබෙන හොඳහිත පළුදුවීමට හේතු වියහැකි බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ මතයයි.
Read more...

අවුෂ්විට්ෂ් වද කඳවුරේ සේවය කළ අයෙක් වසර හතරක් සිරගෙට

Oskar Groening01සුප්‍රසිද්ධ අවුෂ්විට්ස් වද කඳවුරේ පොත් තබන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට ජර්මන් අධිකරණය මගින් වසර හතරක සිර දඬුවමක් නියමකොට ඇති බව වාර්තා වේ. මෙසේ සිරදඬුවම් හිමිව ඇත්තේ Oskar Groening නැමැති මේ වනවිට 94 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුටයි.  
 
Read more...

ඉරාන න්‍යෂ්ටික අර්බුදය ගැන ලෝක බලවතු සාකච්ඡාවක

Iran nuclearඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතු අතර ඔස්ට්‍රියාවේ වියානා නුවරදී සාකච්ඡා පවත්වා තිබේ. එසේම මේ වනවිට ඉරානයට පනවා ඇති සම්බාධක ඉදිරියට පවත්වාගෙන යන්නේද සම්බාධක තවදුරටත් ඉහළ දමන්නේද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටී. 
 
ඉරානයේ න්‍යෂ්ටික කටයුතු නිරීක්ෂණය සම්බන්ධයෙන් ඉරානය හා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අතර ගිවිසුමක ද මේ වනවිට අත්සන් කර තිබේ.
Read more...

ඉන්දු - පකිස්ථාන් රාජ්‍ය නායකයන් අතර විශේෂ හමුවක්

modi nawafඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් අතර හමුවක් රුසියාවේදී සිදුව තිබේ. 2014 වර්ෂයේ නරේන්ද්‍ර මෝඩි අගමැති පදවියේ දිවුරුම්දීමේ උත්සවයට පකිස්ථානු අගමැතිවරයා සහභාගි වූ අතර ඉන්පසු දෙරටේ නායකයන් රුසියාවේදී මුණගැසී ඇත්තේ පළමු වතාවටයි. ඒ නායකයන් දෙදෙනා ෂැංහයි සහයෝගීතා සමුළුවට සහභාගිවීමට ගොස් සිටින අතරතුරයි.
 
Read more...

ග්‍රීක අර්බුදය - යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

greece crisisජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ ඇප කොන්දේසි පිළිගන්නේද යන්න සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය හා යුරෝ කලාපයෙන් ඉවත්වීමේ අවදානම හමුවේ නව යෝජනා ඉදිරිපත් කිරීමට අගමැති ඇලෙක්සිස් සිප්රාස් ප්‍රධාන ග්‍රීක රජයට ලබාදුන් කාලය අදින් අවසන්වීමට නියමිතය. සිප්රාස් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරි පැය කිහිපය තම රටට ඉතාමත් තීරණාත්මක වන බවයි.
 
Read more...

ලන්ඩන් බෝම්බ ප්‍රහාරයෙන් මියගියවුන්ගේ දසවන සංවත්සරය සැමරේ

london attacපුද්ගලයන් 52 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නගරයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ දසවන සංවත්සරය අදට (07) යෙදී තිබෙනවා. මියගිය පුද්ගලයන් සැමරීමේ දේව මෙහෙය සහ නිළ උත්සවය ලන්ඩන්හි ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී පැවැත්වීමට නියමිතය. 
 
බෝම්බ ප්‍රහාර එල්ල වූ ස්ථාන තුනෙහි බ්‍රිතාන්‍ය වේලාවෙන් දහවල් 11.30 ට මියගිය පුද්ගලයන් සිහිකරමින්
Read more...

ග්‍රීසිය යූරෝ කලාපයෙන් නෙරපීමේ අවදානමක

siprasඊයේ (05) ග්‍රීසියේ පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵලය හේතුවෙන් ග්‍රීසිය යූරෝ කලාපයෙන් ඉවත්කිරීමේ අවදානමක් මතුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල ඇප කොන්දේසි පිළිගැනීම සම්බන්ධයෙන් ඊයේ
Read more...

 

 

විදෙස්