21 April 2018
RSS Facebook Twitter   

ඉස්ලාමීය පාලනයක් වෙනුවෙන් එක්වෙමු - නව තලේබාන් නායක

thaliban leaderඇෆ්ගනිස්ථානයේ පිරිසිදු ඉස්ලාමීය පාලනයක්වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව නව තලේබාන් නායක මුල්ලා අක්තාර මන්සූර් පවසයි. ඇෆ්ගන් රජයට එරෙහි සටන දිගටම සිදුකරන බවද ඔහු පවසයි. ඔහු තලේබාන් සංවිධානය විසින් නිකුත් කළ නවතම හඬ පටයක මේ බව සඳහන් වේ.
හිටපු තලේබාන් නායක මුල්ලා ඕමාර්  මියගිය බව නිළවශයෙන් තහවුරු කිරීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා මුල්ලා අක්තාර් මන්සූර් තලේබාන් සංවිධානයෙන් නායකයා වශයෙන් තෝරාගෙන තිබේ. එහෙත් තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු බීබීසී වෙත ප්‍රකාශ කර ඇත්තේ සියලු තලේබාන්වරුන්ගේ අනුමැතිය නව නායකයාට හිමිවී නොමැති බවයි. 
 
විනාඩි 30 ක් පමණ වන තලේබාන් නායකයාගේ කතාවේදී 'අප බෙදී, වෙන්වී සිටීමෙන් සතුටු වන්නේ අපගේ සතුරන් පමණක් බැවින් අප එක්ව කටයුතු කළයුතුය. අප රටතුළ ස්ලාමීය නීති ක්‍රියාත්මක වන රජයක් වෙනුවෙන් අපගේ ජිහාඩ් යුද්ධය සිදුකළ යුතුය' යනුවෙන් අවධාරණය කරයි. තලේබාන් ප්‍රකාශක ෂබිඋල්ලා මුජහිඩ් විසින් මෙම හඬ පටය සෙනසුරාදා ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇත. 
 
නව නායකයා නිකුත් කළ ලිඛිත ප්‍රකාශයක සඳහන් වන්නේ ඔහු හිටපු නායක මුල්ලා ඕමාර්ට වඩා වෙනස් ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇති බවයි. ඔහු නව නායත්වයට පත්වීමෙන් පසු තලේබාන් සංවිධානයේ සාමාජිකයන් ඉදිරියේ කතාවක් ද පවත්වා තිබේ. 
 
මේ අතර තලේබාන් සංවිධානයේ ඉහළ පෙලේ නායකයන් පිරිසක් නව නායකයාගේ පත්වීමට එරෙහි වී සිටිති. නව නායකයා මේ වනවිට තම බලය සංවිධානය තුළ තහවුර කරගනිමින් සිටී.

 

 

විදෙස්