19 January 2018
RSS Facebook Twitter   

ඉන්දියානුවන් සිව්දෙනෙකු ලිබියාවේදී පැහැර ගනී

four indianලිබියාවේ සර්ට් නගරයේදී ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙකු පැහැරගෙන ඇති බව වාර්තා වේ. IS සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම පැහැරගැනීම සිදුකර තිබේ. 
 
හයිද්‍රාබාද්හි පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ගෝපි ක්‍රිෂ්ණා නැමැත්තා සහ ඔහුගේ සහායක බල්රාම් පැහැරගත් පිරිස අතර සිටින අතර අනෙක් දෙදෙනා වන්නේ
කර්නාටක ප්‍රාන්තයේ ලක්ෂ්මිකාන්ත් සහ විජයකුමාර්ය. මොවුන් සර්ටි විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතුව සිට තිබේ. 
 
සර්ට් නගරය IS ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතුවීමෙන් පසු මෙම සිව්දෙනා එම නගරය අත්හැර පලායාමට උත්සාහ කළ අතර  එහිදී සන්නද්ධ පුද්ගලයන් විසින් පැහැරගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් සර්ට් නගරයට කිලෝමීටර් 50 ක් පමණ දුරින් සන්නද්ධ කණ්ඩායම විසින් රඳවාගෙන  තිබිණි. 
 
කෙසේ නමුත් පසුගිය සිකුරාදා සවස පුද්ගලයන් දෙදෙනෙකු නිදහස් කර තිබේ. ලක්ෂ්මිකාන්ත් හා විජයකුමාර් සන්නද්ධ කණ්ඩායම විසින් නිදහස් කොට ඇති අතර ඉන්දියානු විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සඳහන් කරන්නේ අනෙක් දෙදෙනාද නිදහස් කරගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. 
 
හිටපු ලිබියානු නායක ගඩාෆි බලයෙන් පහකිරීමෙන් පසු මේ වනවිට ලිබියාව දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව තිබේ. IS ත්‍රස්තවාදී වැනි සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ලිබියාවේ වත්මන් පාලනයට එරෙහිව සටන්වැද සිටින අතර ඔවුන් එරට නොයෙක් ප්‍රදේශ තම පාලනයට නතු කරගෙන තිබේ. 
 
පසුගිය පෙබරවාරි මාසයේදී IS ත්‍රස්තාවදීන් විසින් ඊජිප්තු ජාතිකයන් 21 දෙනෙක් පැහැරගත් අතර පසුව ඔවුන් මරා දැමූහ. 

 

 

විදෙස්