21 July 2018
RSS Facebook Twitter   

මිසයිල මිනිසා ලොවට සමුදෙයි

modis funeralමිසයිල මිනිසා ලෙස හඳුන්වන ඉන්දීය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතාගේ අවසන් කටයුතු අද (30) රාමේෂ්වරම්හිදී පැවැත්විණි. රාමේෂ්වරම්හි Pei Karumbu ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඉන්දියානුවන් දහදහස් ගණනක් තම හිටපු ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, කොන්ග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි සහ දේශපාලන නායකයන් ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. 
 
තම හිටපු ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් බස්රථ, දුම්රිය හා බෝට්ටුවල නැගී සාමාන්‍ය ජනයා විශාල ප්‍රමාණයක් රාමේෂ්වරම් වෙත පැමිණි අතර බොහෝදෙනා ඊයේ රාත්‍රිය මහමග ගතකොට තිබේ.
 
අද උදෑසන මිසයිල මිනිසාගේ මළ සිරුර ඔහුගේ නිවසේ සිට පල්ලිය වෙත රැගෙන ආ අතර මග දෙපස සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් රැස්ව තම නායකයාට අවසන් ගෞරව දැක්වීය. මේ අවස්ථාවට කාලාම් මහතාගේ වැඩිමහල් සොයුරු 99 හැවිරිදි මොහමඩ් මුතු මීරා ලෙබ්බේ ඇතුළු පවුලේ ඥාතීන් සහභාගි වී සිටියේය.
 
කලාම් මහතා පසුගිය සඳුදා ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා සහභාගිවෙමින් සිටියදී මියගිය අතර ඒ වනවිට ඔහු 83 හැවිරිදි වියේ පසුවිය. මිසයිල මිනිසා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු ඉන්දීය න්‍යෂ්ටික අත්හද බැලීම් සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඔහු ඉන්දීය පද්ම භූෂණ සම්මානයෙන් සහ ඉන්දියාවේ උසස්ම පුරවැසියාට හිමිවන භාරත රත්න සම්මානයෙන්ද පිදුම් ලැබීය. 

 

 

විදෙස්