21 April 2018
RSS Facebook Twitter   

ඉන්දීය පොලිස් ස්ථානයකට ප්‍රහාරයක්

punjab attacඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ පාකිස්ථානු දේශසීමාව අසල ගර්දස්පූර් දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
තුවක්කුකරුවන් පිරිස පළමුව මෝටර් රථයක් පැහැරගෙන ගොස් බස් නැවතුම්පලක් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. ඉන් අනතුරුව පොලිස් ස්ථානයට ඇතුළුවී මෙම වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි. ඊට අමතරව තවත් පුද්ගලයන් හයදෙනෙකු පමණ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා තිබේ. 
 
ඉන්දීය පොලීසියේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම තුවක්කුකරුවන් පිරිස ඉන්දු කාශ්මීරයේ පුද්ගලයන් බවයි. පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිළධාරීන් තුවක්කුකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ලකොට ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ. 
 
ඉන්දු කාශ්මීරයේ මෙවැනි ප්‍රහාර ඉතා සුලබ වුවද පන්ජාබ් ප්‍රාන්තය තුළ මෙවැනි ප්‍රහාර දුලබ අත්දැකීමකි. ආරක්ෂක හමුදා විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට ඇති අතර මියගිය පුද්ගලයන්ගෙන් එක් අයෙක් පොලිස් නිළධාරියෙකු බව වාර්තා වේ. 

 

 

විදෙස්