21 July 2018
RSS Facebook Twitter   

දකුණු කොරියාවේ ඇමරිකානු තානාපති ඝාතන තැතක් ව්‍යවර්ථ වේ

us embass skදකුණු කොරියාවේ ඇමරිකානු තානාපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් හෙළිකර ගැනීමට කොරියානු පොලීසිය සමත්ව තිබෙනවා. මෙම පුද්ගලයා මීට සති කිහිපයකට පෙර තර්ජනාත්මක ප්‍රකාශයක් ධවල මන්දිර වෙබ් අඩවියටද යවා තිබෙන බව වාර්තා වේ. 
 
ලී යනුවෙන් හඳුන්වා ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොරියානු පොලීසිය විසින් මෙතෙක් හෙලිදරව් කර නොමැත. පසුගිය 14 වැනිදා මෙම පුද්ගලයා කොරියානු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකටයුතු වාර්තා කිහිපයක් ඔහුගේ පරිගනකය තුළ තිබී සොයාගෙන තිබේ. 
 
පසුගිය වසරේදී ඇමරිකානු තානාපතිවරයා සෝල් නුවරදී පිහි ඇනුමකින් තුවාල ලැබූ අතර ඉන් ඔහුගේ මුහුණට තුවාල සිදුවිය. පුද්ගලයන් කිහිප දෙනෙක් සමග සෝල් නුවර හෝටලයක උදෑසන ආහාර ගනිමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල  වූ අතර කිම් කී ජොන්ග් නැමැති කොරියානු ජාතිකයෙකු මෙම පිහිඇනුම සිදුකොට තිබේ. 
 
ලී විසින් සකස් කොට තිබූ වාර්තාවල තිබෙන කරුණු මෙතෙක් ප්‍රසිද්ධියට පත්කොට නොමැති අතර ඔහු විසින් ධවල මන්දිර වෙබ් අඩවිය පරීක්ෂාක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඔහුගේ පරිගනකයෙන් කොරියානු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. කොරියානු පොලීසිය දැනට විස්වාස කරන්නේ මෙම පුද්ගලයා කිසිදු සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක් නොව තනිව මෙම ක්‍රියාකාරකම් සිදුකොට ඇති බවයි. 
 
ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තානාපතිවරයාගේ දෛනික කටයුතුවලට මෙම ක්‍රියා මගින් දැඩි බලපෑමක් එල්ලකොට නොමැති බවයි. මෙම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ගනු ඇති බවට ඇමරිකාව විශ්වාස කරන බව ප්‍රකාශ කොට තිබේ. 

 

 

විදෙස්