21 April 2018
RSS Facebook Twitter   

ඉතාලිය සමරිසි අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව යුරෝපා අධිකරණය පවසයි

gay coupleසමරිසි සහකරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට ඉතාලි රජය අපොහොසත්වීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව යුරෝපා අධිකරණය පවසයි. ඉතාලිය විසින් තම රටේ පිරිමි යුවළ තුනකට විවාහ වීමේ අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙම ප්‍රකාශය සිදුකර තිබේ. 
 
සමලිංගික පුරුෂයන්ගේ විවාහයට තවමත් අවසර දී නොමැති එකම ප්‍රධාන බටහිර යුරෝපීය රට වන්නේ ඉතාලියයි.
ඉතාලි අගමැති Matteo Renzi මේ සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ මේ සම්බන්ධයෙන් පොරොන්දු ලබාදුන්නද එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අසමත් වී තිබේ. 
 
සමරිසි අයිතිවාසිකම් හඳුන්වාදීමට ඉතාලි රජය අසමත්වීම හේතුවෙන් එරට සමරිසි පුද්ගලයන්ගේ ජීවිත හා සබඳතා ස්ථායී ලෙස පවත්වාගැනීමේ අයිතිය අහිමිව ගොස් තිබෙන බව යුරෝපා මානව හිමිකම් අධිකරණය පෙන්වා දෙයි. ඉතාලි රජය යුරෝපීය මානව හිමිකම් ගිවිසුමේ අටවැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරඇති බව එම අධිකරණය පෙන්වා දෙයි. එම ව්‍යවස්ථාවෙන් පෙන්වා දෙන්නේ සියලු පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතයේ සහ පවුල් ජීවිතයේ අයිතිවාසිකම්වලට ගරු කළයුතු බවයි. 
 
ඉතාලිය තුළ මේ වනවිට සමරිසි අයිතීන් සම්බන්ධයෙන් ඉතා සීමිත අවස්ථාවන් ලබාදී ඇතත් සමස්තයක් ලෙස ඉතාලිය තුළ සමරිසි විවාහයන් සඳහා අවසර නොලැබේ. යුරෝපා මානව හිමිකම් අධිකරණය පවසන්නේ එම ලබාදී ඇති අවස්ථාවන් කිසිසේත් ප්‍රමාණවත් හා විශ්වාසවන්ත නොවන බවයි. 
 
යුරෝපා සංගමයට අයත් රටවල් 47 රටවල් 24 ක් ම මේ වනවිට පූර්ණ ලෙස සමරිසි අයිතිවාසිකම් පිළිගෙන තිබේ. 

 

 

විදෙස්