21 July 2018
RSS Facebook Twitter   

යුරෝපා සංගමයෙන් ග්‍රීසියට දැඩි කොන්දේසි මත ණය ආධාර

greece bankග්‍රීක ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ වසාතිබූ බැංකු නැවත විවෘත කිරීමට ග්‍රීක රජය තීරණය කර තිබෙනවා. සති තුනක් තිස්සෙ මෙම බැංකු මහජනයා සමග ගනුදෙනු අත්හිටුවා තිබිණි. 
 
පසුගිය සතියේ ජාත්‍යන්තර ණයදෙන ආයතන සමග ග්‍රීක රජය ගිවිසුමකට එළඹි අතර එතුළින් නැවතත් ග්‍රීක ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතන ග්‍රීසියට උපකාර කිරීමට එකඟ වී තිබේ.
මේ හේතුවන නිසා යූරෝ කලාපයෙන් ඉවත් කිරීමේ ග්‍රීක අවදානම ඉවත්ව යනු ඇත. කෙසේ වෙතත් එරට ආර්ථිකයේ එකතුකළ අගය මත බද්ද (වැට්) ඉහළ යාම හේතුවෙන් මෙම ජාත්‍යන්තර මුල්‍ය ආයතවල ආධාර ඵලදායී වීම සැකසහිත බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතයයි. 
 
මේ අතර ජර්මනිය ග්‍රීසියට ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සලකාබැලීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. 
 
යූරෝ කලාපයට අයත් රටවල් යූරෝ බිලියන 86 ක ණය මුදලක් ලබාදීමට එකඟවී ඇති අතර එම එකඟතාවයට පැමිණ ඇත්තේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි. කෙසේ වෙතත් ඔවුන් ඒ සඳහා දැඩි ඇප කොන්දේසි ඉදිරිපත් කර තිබේ. හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ වැට් අගය 23% දක්වා පවත්වාගෙ යාම, වසර 2019 වනවිට එරට දුප්පත්ම විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන ආධාර අත්හිටුවීම සහ 2022 වනවිට විශ්‍රාම යන වයස අවුරුදු 67 දක්වා ඉහළ දැමීම, මුල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම එම කොන්දේසි අතර වේ.
 
මේ අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ජනතාවට මුදල් ලබාගැනීමේදී පනවා තිබූ දිනකට යූරෝ 60 සීමාව ඉවත් කොට ඒ වෙනුවට සතියකට යූරෝ 420 ක සීමාවක් හඳුන්වා දී ඇති බවයි. දෛනික කටයුතු සඳහා බැංකු විවෘතව තැබීමට තීරණ කරඇති නමුත් බැංකු පද්ධතිය තුළ හටගෙන ඇති දීර්ඝකාලීන අර්බුදයට තවමත් විසඳුම් සොයාගෙන නොමැත. 

 

 

විදෙස්