21 July 2018
RSS Facebook Twitter   

ඇමරිකානු නාවික භටයන් සිව්දෙනෙකු ඝාතනය කරයි

usa shoot01ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සෙබළුන් සිව්දෙනෙකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ චැටනුගා ප්‍රදේශයේ පිහිටි නාවික කඳවුරකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර පුද්ගලයන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ. 
 
මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇත්තේ යූසුෆ් අබ්දුල්අසීස් නැමැති 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු කුවේට්හි උපන් පුද්ගලයෙකු බවට විශ්වාස කරයි. වසර ගණනාවක සිටි මෙම පුද්ගලයා ඇමරිකාවේ වාසය කොට ඇති බවට තොරතුරු සොයාගෙන තිබේ. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පසු ඇමරිකානු ආරක්ෂක අංශවල ප්‍රහාර හමුවේ තුවක්කුකරු මියගොස් ඇත. යූසුෆ් අබ්දුල්අසීස් ටෙනසි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර 2012 දී ඔහු තම උපාධිය සම්පූර්ණ කර තිබේ. 
 
මෙම වසර මුලදී චැටනුගා ප්‍රදේශයේදී අබ්දුල්අසීස් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුව පත්ව තිබෙන බව එම ප්‍රදේශයේ පොලිස් ප්‍රකාශකයෙකු තහවුරු කර ඇති අතර මේ වනවිට ඇමරිකානු ආරක්ෂක අංශ ඔහු ත්‍රස්වාදී සංවිධාන සමග සබඳතා පවත්වා ඇත්තේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී. 
 
තුවක්කුකරු නැවතී සිටි චැටනුගා ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ සොයාගෙන ඇති අතර එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි. 
 
ඉරාකය, යේමනය ඇතුළු මැදපෙරදිග කලාපය පුරා ත්‍රස්ත කටයුතුවල නිරත IS සංවිධානය මුස්ලිම් රාමදාන් උත්සව සමයේ ලොවපුරා ප්‍රහාර සිදුකරන බවට මෙයට පෙර අනතුරු අඟවා තිබූ අතර මෙම ප්‍රහාරය හා එම අනතුරු ඇඟවීම අත් සම්බන්ධයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ පරීක්ෂණ සිදුකරමින් සිටී.
 
usa shoot02
usa shoot03

 

 

විදෙස්