21 April 2018
RSS Facebook Twitter   

අවුෂ්විට්ෂ් වද කඳවුරේ සේවය කළ අයෙක් වසර හතරක් සිරගෙට

Oskar Groening01සුප්‍රසිද්ධ අවුෂ්විට්ස් වද කඳවුරේ පොත් තබන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට ජර්මන් අධිකරණය මගින් වසර හතරක සිර දඬුවමක් නියමකොට ඇති බව වාර්තා වේ. මෙසේ සිරදඬුවම් හිමිව ඇත්තේ Oskar Groening නැමැති මේ වනවිට 94 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුටයි.  
 
ලක්ෂ තුනක් පමණ යුදෙව්වන්ගේ ඝාතනවලට ඔහු සම්බන්ධ බව අධිකරණය පිළිගෙන තිබේ. ඔස්කාර්ගේ නීතීඥයන් ඔහු මෙම ඝාතනවලට සම්බන්ධ නොමැති බවට තර්ක කර ඇති අතර ඔහු පොත් තබන්නෙකු වශයෙන් සේවය කළ බවත් සෘජුව යුදෙව්වන්ගේ ඝාතනවලට ඔහුගේ සම්බන්ධයක් නොමැති බවට නීතීඥයන් අධිකරණයට කරුණු පැහැදිලි කර තිබේ. එහෙත් මියගිය යුදෙව්වන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් අධිකරණයට ඒත්තු ගන්වා ඇත්තේ අවුෂ්විට්ෂ් වද කඳවුරේ සිදු වූ පුද්ගලයන් ලක්ෂ තුනකගේ ඝාතනවලට වක්‍රාකාරයෙන් හෝ ඔහු වගකිවයුතු බවයි. 
 
මෙම නඩු විමසීම උතුරු ජර්මනියේ ලුඑන්බර්ග් නගරයේ පවත්වා ඇති අතර සාක්ෂි දීම සඳහා අවුෂ්විට්ෂ් වද කඳවුරේ සිට නිදහස ලබා පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් ද පැමිණ තිබේ.
 
වසර 2005 දී Oskar Groening බීබීසී වෙත අවුෂ්විට්ෂ්හි තම කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ තමන් පුද්ගලයන් මරණයට පත්කරන ගෑස් කුටි සහ ආදාහනාගාර දුටු බවයි. එසේම ගෑස් කුටිවලට පුද්ගලයන් ඇතුළු කරන ආකාරය දුටු බවත් එහිදී සඳහන් කර තිබේ. 
 
1940 - 1945 කාලසීමාවේදී යුරෝපීය යුදෙව්වන් මිලියනයකට අධික ප්‍රමාණයක් මෙම අවුෂ්විට්ෂ් කඳවුර තුළ ඝාතනය කර ඇති බව වාර්තා වේ. 
 
Oskar Groening02

 

 

විදෙස්