21 July 2018
RSS Facebook Twitter   

ඉන්දු - පකිස්ථාන් රාජ්‍ය නායකයන් අතර විශේෂ හමුවක්

modi nawafඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් අතර හමුවක් රුසියාවේදී සිදුව තිබේ. 2014 වර්ෂයේ නරේන්ද්‍ර මෝඩි අගමැති පදවියේ දිවුරුම්දීමේ උත්සවයට පකිස්ථානු අගමැතිවරයා සහභාගි වූ අතර ඉන්පසු දෙරටේ නායකයන් රුසියාවේදී මුණගැසී ඇත්තේ පළමු වතාවටයි. ඒ නායකයන් දෙදෙනා ෂැංහයි සහයෝගීතා සමුළුවට සහභාගිවීමට ගොස් සිටින අතරතුරයි.
 
2014 මැයි හමුවෙන් පසු දෙරට අතර සබඳතා පිරිහුණු අතර ඉන්දියාව පකිස්ථානයට චෝදනා කළේ ඔවුන තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි. එසේ කියමින් ඒකපාර්ශ්විකව ඉන්දියාව දෙරට අතර සාකච්ඡා අවලංගු කළේය. 
බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබීමට පෙර එක් රටක්ව පැවති ඉන්දියාව හා පකිස්ථානය නිදහසින් පසු දේශසීමා ආදී ගැටලු සම්බන්ධයෙන් උණුසුම් තත්තවයන් ඇතිවිය. විශේෂයෙන් කාශ්මීර ප්‍රාන්තයේ අයිතිය වෙනුවෙන් දෙරට අතර කිහිපවරක් යුදගැටුම් ඇතිවිය. 
 
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක විකාස් ස්වරූප් පවසන්නේ පසුගය ජූනි මාසයේදී දෙරට නායකයන් දුරකතනයෙන් කතාබහ කළ බවයි. 
 
රුසියාවේදී පැවති සාකච්ඡාවේදී කාශ්මීර අර්බුදය ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. එහිදී පසුගිය සමයේ ඉන්දියානු හමුදාව විසින් කාශ්මීරයේ පාකිස්ථානු දේශසීමාවේ ආරක්ෂාවට සිටි පාකිස්ථානු හමුදා භටයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා කර තිබේ. මේ වනවට කාශ්මීරය සම්බන්ධයෙන් දෙරට වසර 60 ක කාලයක් විටින් විට යුද්ධ කරමින් සිටින අතර 2003 දී ඉන්දියාව හා පකිස්ථානය සටන් විරාමයකට එකඟ විය. එහෙත් එතැන් පටන් දෙරටම අනෙකාට චෝදනා කරන්නේ සටන් විරාමය උල්ලංඝනය කරන බවයි. 

 

 

විදෙස්