21 July 2018
RSS Facebook Twitter   

ග්‍රීක අර්බුදය - යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

greece crisisජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් ඉදිරිපත් කළ ඇප කොන්දේසි පිළිගන්නේද යන්න සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය හා යුරෝ කලාපයෙන් ඉවත්වීමේ අවදානම හමුවේ නව යෝජනා ඉදිරිපත් කිරීමට අගමැති ඇලෙක්සිස් සිප්රාස් ප්‍රධාන ග්‍රීක රජයට ලබාදුන් කාලය අදින් අවසන්වීමට නියමිතය. සිප්රාස් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරි පැය කිහිපය තම රටට ඉතාමත් තීරණාත්මක වන බවයි.
 
ග්‍රීක රජය ඉදිරිපත් කරන නව යෝජනා සම්බන්ධයෙන් යූරෝ කලාපයේ මුදල් ඇමතිවරුන් සෙනසුරාදා දිනයේදී අධ්‍යයනය කිරීමට නියමිත අතර ඉරිදා දිනයේදි පැවැත්වෙන පූර්ණ යුරෝපා සංගමයේ සමුළුව විසින් එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
 
ග්‍රීක රජය එරට බැංකුවලට උපදෙස් දී ඇත්තේ සඳුදා දිනය දක්වා ඔවුන්ගේ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට නිකුත් කරන මුදල් සීමාසහිත කරන ලෙසයි. එරට බැංකු සංගමයේ ප්‍රධානී Louka Katseli මාධ්‍යකරුවන් වෙත පවසා ඇත්තේ තම බැංකු සතුව ඉදිරි සඳුදා දක්වා ප්‍රමාණවත් තරම් මුදල් තිබෙන බවයි. 
 
අග්‍රාමාත්‍ය සිප්රාස් බ්‍රසල්ස් නගරයේ පැවති යුරෝපා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු මේ වනවිට නැවත ඇතන්ස් වෙත පැමිණ තිබේ. ඉන් අනතුරුව රජයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. 

 

 

විදෙස්