20 April 2018
RSS Facebook Twitter   

කැසිනෝ වසංගතයට තල්ලුවක්

 

casino 1පූර්විකාව
‘‘එදා කී කතා’’ තීරය අප ඔබ වෙතට ගෙන එන්නේ ඉතිහාසයේ සිදුවූ සියල්ල වෙනස් මුහුණුවරකින් වුව නැවත නැවතත් ඒ ආකාරයෙන් ම සිදුවෙමින් පවතින බව ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ය. එය වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ කරනු වස් අද සිට වරින් වර අප ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ 80 දශකයේ මැද භාගයේ ඇරඹි ‘‘රාවය’’ සඟරාවේ ‘‘සංස්කාරක සටහන’’ තීරයේ පළවූ කතු වැකි කිහිපයකි.

මේ ඇතැම් සටහන් වර්තමානයට ද ඒ ආකාරයෙන් ම බලපාන්නේ ය. එහෙත් එදා රාවයේ සංස්කාරක වර්තමානයේ එවන් සංස්කාරක සටහනක් ලියන්නට තම පන්හිඳ අතට ගනීද යන්න පවා සැක සහිත ය.මන් ද අද ඔහුගේ පන්හිඳට ඔහුම අඩන්තේට්ටම් පමුනුවන බැවිනි; පාලනය කරන බැවිනි; ‘‘උඹට වුවමනා විදියට නොව මට වුවමනා විදියට ලියපන්’’ යැයි තමන්ගේ පන්හිඳට තරවටු කරන බැවිනි.

අප පළමුවෙන් ම ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වර්තමානයේ වඩාත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක් සම්බන්ධයේ එදා රාවය සඟරාවේ කතුවරයා තැබූ සටහනකි. ඔහු එදා පැවසූදෑ අදට ද ඒ ආකාරයෙන් ම වලංගුය. වෙනසකටඇත්තේ එදා ඔහු සිය පන්හිඳ මෙහෙය වූයේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට වීම පමණි. වත්මන් ආණ්ඩුවට එරෙහි ව ඔහුගේ සටහන අද නොලියවෙන බැවින් එදා ලියූ සටහන හෝ අඉදිරිපත් කරන්නේ විෂය කරුණු දෙකක් හේතුවෙනි. ඉන් එකක් නම් ඔහු අද පත්ව සිටිනතත්ත්වය ඔහුවත් නොදන්නා හෙයිනි. අනෙක ඔහුගේ පන්හිඳෙන් ද නොලියවෙන, එදා ලියූ දෑ එදාටත් වඩා අද වලංගු බැවිනි. ඒ වලංගු භාවය ඔහු විසින් ම අතපසු කරන බැවිනි.

එක් පසෙකින් සලකා බලන විට ඔහු අහිංසක ය. මන් ද එදා සුරාව, සූදුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් උගුර ලේ රස වනතුරු කෑමොර ගැසූ පට්ට වාමාංශිකයන් අද පට්ට දක්ෂිනාංශිකයන් වී: අපේ රටේ වුන් හැර පිටරටවුන් සහ අපේ රටේ වුව ධනපතියන් කැසිනෝ සූදුවේ යොදුනාට කම් නැතැයි පාරම්බාන හෙයිනි.

සුරාව, සුදුව අකැප යැයි දෙසූ බුදුන්වහන්සේගේ පරපුරේ එවුන් ‘‘සූදුව හොඳාාායියියියි’’ සහ රජ මැදුරේ තිතට මත තිබුණාට කම් නැතැයි පවසති, රජය නිධන් හෑරුවාට කම් නැතැයි පවසති. පාලකාධිපතියා කුමන අවලම් වැඩේ කෙරුවත් එය හොඳ බව ඒත්තු ගන්වන්නට කප්පරක් බින්න ඇද බාද්දී එකී බින්න‘බින්න’ යැයි පවසන්නවුන්ට ‘දේශ ද්‍රෝහී’ලේබල් අලවති. ඉන් නොනැවතී අදාළ පුද්ගලයන් වෙත රාජ්‍ය බුද්ධි අංශයේ උකුසු ඇස් යොමු කරති. එහෙවු මොහොතක එදා රාවය සගරාවේ සංස්කාරකවරයා අද සිය පන්හිඳට තීන්ත ඇතුළත් නොකිරිම අරුමයක් නොවේ.

එහෙත් ඔහු වැන්නකු තවදුරටත් එසේ කටයුතු කරන්නේ නම් රටේ ජනතාව ද ඊට එරෙහිව නොකර සිටීම රටක් වශයෙන් අප අනාගතයේ දී කෙබඳු ව්‍යසනයන්ට මුහුණ පාවිදැයි දැඩි බියක් පවතී. එහෙත් ජනතාව දැනුවත් කිරීම අපේ යුතුකමකි. අපි එය ඉටුකරමින් සිටින්නෙමු.

කොළඹ නගරයට දැනටමත් වසංගතයක් වී තිබෙන කැසිනෝ සූදුව සංචාරක හෝටල් ඔස්සේ රට පුරා ම ව්‍යාප්ත කිරීමේ වෑයමක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. සංචාරක හෝටල්කරුවන් කැසිනෝ සූදු පොළවල් පවත්වාගෙන යාමට අවශ්‍යය අනුමැතිය සංචාරක මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර එයට සංචාරක මණ්ඩලයෙන් ලැබී තිබෙන පිළිතුර වී ඇත්තේ තමන් ප්‍රතිපත්තියක් වශයෙන් සූදුව අනුමත නොකරන මුත් ඒවා (සූදු පොළවල්) පවත්වාගෙන යාමට අවහිරයක් නැති බව ය.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩාවැටි තිබෙන විශේෂ තත්වය තුළ දැන් සංචාරක හෝටල්කරුවන්ගේ ප්‍රධාන ම ගැනුම්කරු වන් වී ඇත්තේ විදේශීය සංචාරකයින් නොව ස්වදේශිකයන් ය. ඔවුන් නිතිපතා පුවත්පත් දැන්වීම්වලින් අමතන්නේ ද ස්වදේශිකයන්ට ය. ඔවුන් තමන්ගේ අලුත් ගැනුම්කරුවන්ට රසමුසු යුරෝපීය ආහාර සපයනවාට අමතර ව අනාචාරය සඳහා අඩු මිලකට කාමර බදු දීමෙන් විශාල ආදායමක් උපයන බව රහසක් නොවේ. කොළඹ නගරයේ හෝටල්වලට එන ව්‍යාපාරිකයන් සතුටු කොට තමන්ට අවශ්‍යය අතිරේක ආදායම් අපයා ගැනීම පිණිස ඒවාට එන කාන්තාවන් අතර කොළඹ නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලවල ගුරුවරියන් ද සිටින බව කියැවෙන පුවතක් පසුගිය දිනෙක එංගලන්තයේ පළ කෙරෙන South සඟරාවේ පළවී තිබිණ.හෝටල්කරුවන් තමහොටල්වල නිල නොවන ගණිකා නිවාස පවත්වාගෙන යාමෙන් පමණක් තෘප්තිමත් වීමට කැමති නැති බව පෙනේ. දැන් ඔවුන්ට එවැනි ම සූදු පොළවල් පවත්වාගෙන යාමට අවශ්‍ය වී තිබෙන අතර ඒ සියල්ලට ම නිහඬව ඉඩදීමට රටේ බලධාරීහු ද සූදානම් ය.

අපි මේ යමින් සිටිනුයේ කොතැනට ද? එහි කෙළවර කුමක් ද? ලංකාව පුංචි බැංකොක් නගරයක් බවට පත්කිරීම ලංකාවේ තිබෙන ප්‍රශ්නවලට තිබෙන පිළිතුර ලෙස පාලකයින් සිතනවාවත් ද?

රාවය සඟරාව 1987 මැයි 10 වන කලාපය

 

 

 

 

එදා කී කතා