23 July 2018
RSS Facebook Twitter   

වරාය සේවකයන් ජනාධිපතිවරණයේදී ඡන්ද වැඩට අරගෙන - අර්ජුණ

arjuna ranathungaකුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව ඇමති අර්ජුණ රණතුංග මහතා පවසයි. සේවකයන් 581 ක් පමණ මෙසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව වරාය හා නාවික ඇමතිවරයා පවසයි. 
 
Read more...

මුදල් අමාත්‍යවරයා සහ නව ජපන් තානාපතිවරයා අතර හමුවක්..

raviමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති Kenichi Suganuma අතර හමුවක් ඊයේ (23) මුදල් අමාත්‍යංශයේ දී පැවැත් වුණා. Read more...

"ණය බරින් නිදහස් නව සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් ඇතිකරනවා" - චම්පික

champika ranawakaණය බරින් පවුල් බරින් නිදහස් රටක් ගොඩනඟන නව සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක්, නව නිෂ්පාදන ක්‍රමයක්,ඇති කරමින් රටේ දරුවන්ට රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඇති කරන බව එක්සත් යහපාලන ජාතක පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (23) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට එක්වෙමින් ප්‍රකාශ කළේය Read more...

මහින්ද රාජපක්ෂ පාලන සමය තර්කයෙන් හා බොරුවෙන් සත්‍ය යටපත් කළ කාලයක්!

kabir hashimමහින්ද රාජපක්ෂගේ දස වසරක පාලන සමය යනු තර්කයන් හා බොරුවෙන් සත්‍ය යටපත් කළ කාල පරාසයක් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි. ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ‘දැන් ඔහු යළිත් වතාවක් උත්සාහ කරමින් සිටිනුයේ තර්කයෙන් හා බොරුවෙන් මහ පොළොවේ ඇත්ත යටපත් කිරීමටය' යනුවෙනි.

කබීර් හෂීම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය තවදුරටත්........

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා අමූලික බොරු බේගල් බව කියමින් ප්‍රචාරක යුද්ධයක් රාජපක්ෂ දැන් අරාඹා තිබේ. පුවත්පත් පිටු පුරා දැන්වීම් පළ කරමින් තම කළු චරිතයට ගිලිහුණු වටිනාකමක් ලබා ගැනීමේ බාල උත්සාහයක, හිටපු ජනාධිපතිවරයා හා ඔහුට සහාය දෙන, ඔහුගේ පහනින් දියවන්නාව තරණය කිරීමට සිහින දකින කණ්ඩායම් නිරතව සිටී. එම බොරු බේගල් සමාජ ගත කිරීමේ දී නම සදහන් කිරීමට පවා ධෛර්යයක් හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ අන්තේවාසිකයන්ට නොමැති බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මේ සිද්ධිය බරපතල සිදුවීම් රැසක් නිර්මාණය කර තිබේ. Read more...

කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි!

chandana kaththiarachchiකැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි මහතා පත් කෙරේ.

ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. Read more...

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී!

uni manifesto 00අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ දී එක්සත් ජාතික පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වීය.

Read more...

‘සර් අපේ පක්ෂෙ කෑවා'- තිලංග මහින්දට කියයි!

mr thilanga‘මේ හැම විනාසෙකටම වග කියන්න ඕනෙ සර්. සර්ම තමයි මෛත්‍රීපාලව පක්ෂෙ නායකයා කලේ. පවුල බේරගන්න සර් පක්ෂය පාවලා දුන්නා. මෛත්‍රීපාල මහත්තයා නායකකම ඉල්ලුවෙ නෑ. ඒක සර් බලෙන් එයාගෙ ඇඟේ ගැහුවෙ සර්ටයි සර්ගෙ පවුලෙ කට්ටියගෙයි හොරකම් වහගන්න. එහෙම නොකලා නම් ජනාධිපතිතුමා පක්ෂෙ නායකයා වෙන්නෑ. එහෙම නොවුනානම් අද පක්ෂෙ මේ විදිහට දෙකඩ වෙන්නෑ' යනුවෙන් හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂට පවසා තිබේ. Read more...

හිටපු ජනාධිපතිවරයාට රජයේ සේවකයන්ගේ මූලික වැටුප ගැනවත් අවබෝධයක් නෑ - රවී කරුණානායක

ravi karuna 23රාජ්‍ය සේවයකයන්ගේ මූලික වැටුප ගැන හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවමත් අවබෝධයක් නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read more...

කෝප් අතුරු වාර්තාවට එරෙහි වාරණය ඉවතට

law symbolමහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය අද (23)  ඉවත් කර තිබේ. Read more...

සුදු වෑන් එක ගැන මේජර් ජනරාල් ප‍්‍රසන්නගෙන් ප‍්‍රශ්න කෙරේ

prasanna silvaමිරිහනේදී  'සුදු වැන්' රථයක  ගිනි අවියක් සමග අත්අඩංගුවට ගැණුනු හමුදා සාමාජිකයින් තිදෙනා පිළිබඳව මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගෙන් පොලීසිය ඊයේ (22) ප‍්‍රශ්න කර ඇත. Read more...

 

 

නවතම පුවත්