23 April 2018
RSS Facebook Twitter   

අල්ලස් කොමසාරිස්වරුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ!

briberyඅල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණය් සිදු කිරීමට යන බව වාර්තා වේ.

Read more...

ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවී දෙවන වරටත් කමාන්ඩෝ රෙජිමෙන්තුව පරිසරය බිල්ලට දෙයි.

four wheelශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය හා පාරිසරික පද්ධතීන් කෙළිබඩු ලෙසට තකන ධනවත් මුග්ධයන් කිහිපදෙනකුගේ ආශීර්වාදය ඇතිව යුද හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four Weel Vehicle) සමාජය විසින් මේවනවිට ශ්‍රී ලංකාවේ වනබිම් විනාශ කිරීමේ ව්‍යසනකාරී ව්‍යාපෘතියට දෙවන වරටත් අත ගසා ඇත.
Read more...

මහ බැංකු බැඳුම්කර කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා පෙත්සමක්!

courtesy slමහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන මෙන් රජයට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබේ. Read more...

ජගත් මත්කුඩු ජාලයේ ප්‍රධානියාගේ තතු හෙලිවේ!

gota drugවසර ගණනක් පාකිස්තානයේ සිට ලෝකයේ විවිධ රටවල්වලට හෙරොයින් කන්ටේනර් යවන මත්කුඩු ජාලයේ ප්‍රධානියා හඳුනාගෙන ඇති මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහුගේ ප්‍රධාන ශ්‍රී ලාංකික ඒජන්තවරයා, නියෝජ්‍ය ඒජන්තවරු තිදෙනෙක් ඇතුළු එම ජාලයට සම්බන්ධ විසිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more...

නීති විරෝධී ලෙස ආනයනය කළ මත්පැන් බෝතල් 15,465ක් අත්අඩංගුවට!

custom 29 2ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද  විදේශීය මත්පැන් බෝතල් 15,465ක් බහාලුම් දෙකක තිබී රේගුව විසින් අද සොයා ගැණිනි.

Read more...

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සහ සමගි බලවේගය රුස්වීම් 25ක් කුරණෑගලදී .........

rally 25ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය සහ සමගි බලවේගය එක්ව රාජපක්ෂ පැරදවීමේ රුස්වීම් මාලාවක්  ජූලි 30 හා 31 දිනයන්හි කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read more...

මහින්ද රාජපක්ෂගේ තුරුම්පුව නැවත වරදී!

mr sadnessශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති  මෛත්‍රීපාල සිරිසේන මහතා නෙරපීම සඳහා මධ්‍යම කාරක සභාව රැස්කිරීමට දැඩි උත්සාහයක යෙදුණු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ බව වාර්තා වේ.

Read more...

ප්‍රේම කතා අස්සෙ ගෑනු කතා..

election 123යාම්තමට හතරවටින් අඳුරක් ගාටමින් තිබුණා. විහාර මහාදේවිය සිසාරා ඉගිල්ලුණ හුළඟ වගේම තණබිස්සත් සීතල අත්දහසකින් අපිව වැළඳගනිමින් උන්නා.. හිතට දැණුනෙ මහා නිදහසක්. ඇත්තටම ඉස්සර මෙහෙම නිදහසක් තිබුණෙ නෑ විහාරමහාදේවි උද්‍යානයෙ. සෙල්ලමට වැටෙන බබාලට ලැබුණු නිදහසවත්, පෙම් කරන කොලු කෙල්ලන්ට තිබුණෙ නෑ...  ශෘංගාර රසවින්දනය දෑහින් කොල්ලකන්න තිබුණු ස්වභාවික ආශාව හින්ද ප්‍රේමවන්තයින්ට ලැබුණු නිදහසවත් වල්පල් දෙඩවිල්ලක් වෙනුවෙන් හරි එක් වෙන කණ්ඩායමකට තිබුණෙ නෑ..... Read more...

සෑම මුස්ලිම්වරයකු ත්‍රස්තවාදියෙක් යැයි කිව්වේ නෑ- බොදු බල සේනා

bodubalasenaසෑම මුස්ලිම්වරයකු ත්‍රස්තවාදියකු ලෙස  සන්නාම කරමින් හා  පහර දෙමින්  බොදු බල සේනා මහා ලේකම් ඥානසාර හිමි  බොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මැතිවරණ සටන ආරම්භ කල බවට මුස්ලිම් කවුන්සිලයේ නිලධාරියකු හා මාධ්‍ය ආයතන ප්‍රධානියකු වන හිල්මි අහමඩ් මහතා කරන ලද ප්‍රකාශය     Read more...

අබ්දුල් කලාම් මහතාගේ අභාවය පිළිබඳව චම්පික ඇමතිවරයාගේ ශෝක පණිවිඩය

champika kalam 1හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතාගේ අභාවය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිකුත් කළ ශෝක පණිවිඩය පහත දැක්වේ.
 
හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතාගේ අභාවය පිළිබඳව අප අතිශය  සංවේගයට පත්වෙනවා. එතුමා ඉන්දියාවට පමණක් නොවෙයි මේ මුළු ආසියානු කලාපයටම  හිටපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඒ වගේම අවසාන මොහොත දක්වාම, තම මියයන මොහොතේදීත් ඔහු
Read more...

ජවිපෙ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ ව්‍යාපාරිකයන්ට පිළිගන්වයි

jvp07.27 1ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ ව්‍යාපාරිකයින්ට පිළිගැන්වීම සහ ඒ පිළිබඳ සංවාදයක් කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී ඊයේ (27) සවස 6.00ට පැවැත්විණි. මෙම අවස්ථාවට ජ.වි.පෙ. නායක අනුර දිසානායක සහෝදරයා, ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා සහ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් වන හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා, ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කි‍්‍රස්මාල් වර්ණසූරිය මහතා, මාධ්‍යවේදිනි සමාජ ක‍්‍රියාකාරිනී නයෝමිනී වීරසූරිය මහත්මිය ඇතුළු ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක්ද සහභාගි විය.
 
එහිදී අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක මහතා
 
අපේ රටේ ජනතාවට සතුටින් සිටිය හැකි ස්ථාවර රටක් දැන් අවශ්‍යයි. සතුටින් ඉන්න නම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සෑම පවුලකටම හොඳ ආදායම් මාර්ගයක්, ඔවුන්ට ජීවත් වෙන්න නිවසක්, නිරෝගී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් වගේම කාර්යක්‍ෂම රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි අපේ හෘදසාක්‍ෂියේ සම්මුතිය නම් වැඩපිළිවෙළ යෝජනා කොට තිබෙන්නේ. ඒ වගේම අපේ රට ස්ථාවර රටක් බවට පත්කළ යුතුයි. රටක ස්ථාවරය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ තිබෙන ඔළුගෙඩි ගණනින් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකයෙන් තොර වටපිටාවක්, සියලූ ජාතිකත්වය අතර ජාතික සමගිය, හොඳ විදේශ ප‍්‍රතිපත්තියක්, නීතියේ  විධානයේ ආධිපත්‍යය තිබෙන රටක් සහ ජාතික ආරක්‍ෂාව මත තමයි රටක ස්ථාවරය රඳා පවතින්නේ. ජන කණ්ඩායම් අතර අසමගිය වගේම ජාතික ආරක්‍ෂාවක් නැතිව, ගැටුම්කාරී විදේශ ප‍්‍රතිපත්තියක් තිබෙන විට, අධිකරණයේ ආධිපත්‍යය කඩා දමා තිබෙන විට රටක ස්ථාවරය රඳා පවතින්නේ නැහැ. රටේ ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අපේ වැඩපිළිවෙළ යෝජනා කොට තිබෙනවා. අපේ වැඩපිළිවෙළේ මූලික හරය වී තිබෙන්නේ ජනතාවට සතුටින් සිටිය හැකි රටක් ස්ථාවර රටක් යන්නයි. 
 
අද අපි මුණගැසී තිබෙන්නේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, නියෝජනය කරන පිරිසක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරන ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිපත්ති ගැන කථා කිරීම සුදුසුයි කියල මම හිතනවා. අපේ රටේ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සැකයක් මතුකරලා තිබෙනවා. සාමාන්‍ය කථාබහක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් වාහන දෙකක් තිබෙන පුද්ගලයාගෙන් එක වාහනයක් ආණ්ඩුවට ලබාගන්නවා, එසේත් නැතිනම් ෆැක්ටරි දෙකක් තිබෙන ව්‍යාපාරිකයාගෙන් එක් ෆැක්ටරියක් අත්පත් කරගන්නවා වැනි සැකයක්. පැහැදිලිව කියන්න  ඕනි ඒ ක‍්‍රමය අනුගමනය කළේ සරදියෙල්. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්තිය තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියෙල් පන්නයේ එකක් නෙවෙයි. 
 
jvp07.27 2
jvp07.27 3
jvp07.27 4
jvp07.27 5

 

 

නවතම පුවත්