21 July 2018
RSS Facebook Twitter   

ලක්ෂ්මන් වසන්ත පෙරේරා පොලිස් අත්අඩංගුවට

lakshman wasanthaහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එජනිස මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අද (03) උදෑසන මාතලේ පොලීසිය විසින අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වන දින මාතලේ නගරයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔහුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මීට පෙර ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ආධාරකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read more...

අත්අඩංගුවට ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට

hrc 2සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි සහෝදරයා පසුගිය ජූලි 30 වන දින හලාවත රෝහලේදී අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද (03) දින මානව හිමිකම් කොමිසම වෙත HRC 2753/15 අංක යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. අනවසරයෙන් රෝහලට ඇතුළු වී නීති විරෝධී ඡන්ද රැස්වීමක් පවත්වන බවට කරන ලද චෝදනාවක් මත අත්අඩංගුවට ගත් නමුත් ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය කොට තිබුනේ මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහැරීම හේතුකොටගෙන අත්අඩංගුවට ගත් බවකි. කෙසේ නමුත් සමන්ත කෝරලේආරච්චි සහෝදරයා රෝහලට ඇතුල්වී තිබෙන්නේ රෝහල් අධ්‍යක්‍ෂකවරයාගේ අවසරය මත බවත්, කිසිදු මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහැරීමක් සිදුනොකළ බවත් පවසන පවසන අතර මෙම අත්අඩංගුවට ගැනීම නිසා ඔහුගේ මානව හිකම් කඩවීම හේතුකොටගෙන මෙලෙස කොමසම වෙත පැමිණිලි කිරීම සිදුවිය.

Read more...

විමල්-ශෂීගේ පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත

shashi wimalව්‍යාජ තොරතුරු  භාවිතා කරමින් රාජ්‍ය ලේඛණ සැකසීම  පිලිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසන්ව ඇත. මේ වන විට එම අවසන් වාර්තාව නීතිපති වෙත යොමු කර තිබෙන බව අරංචි මාර්ග පෙන්වා දෙයි. Read more...

දේශපාලන වාසි ගන්න ප්‍රේමකීර්තිගේ නම විකුණන්න එපා ! - නිර්මලා ද අල්විස්

premakeerthiඝාතනයට ලක්වී පසුගිය ජූලි 31 වෙනිදාට වසර 26 ක් සැපිරුණු ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නමින් මාර්ග 2ක් නම්කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව ගත් තීරණය වලක්වාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රේමකීර්ති මතාගේ භාර්යාව, නිර්මලා ද අල්විස් මහත්මිය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. Read more...

අනුර යාපා සහ දයාසිරි වෙනම ගේමක!

anura yapa dayasiriමේ වන විට එක්සත් ජනතා සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප පොරය බලු පොරයක් බවට පත්වන ආකාරය දිස් වෙමින් පවතී.

මහින්ද රාජපක්ෂ මහතා සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒකාබද්ධව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර ඔවුන් දෙදෙනා සමග ඉන්දික බණ්ඩාරනායකද එක්වී සිටී.

Read more...

රාජපක්ෂලා මෛත්‍රී සමග අතරමැද සමාදානයකට සාකච්ඡා!

mahinda maithripalaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය කවර උප්පරවැට්ටි දමා හෝ නැවත ලබා ගැනීමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ කල්ලිය ඒ සැම ව්‍යවර්ථව ගිය කල අතරමැද සමාදානයක් සඳහා සාකච්ඡා අරඹා ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. Read more...

මහින්ද ඝාතකයා කුරුණෑගල ගියේ මංජුලා දිසානායකගේ ඉල්ලීමට

mrrrකුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරියෙකු බලෙන් රඳවා තබාගැනීමේ පුවතක් වාර්තා වේ. රාජපක්ෂගේ ආධාරකරුවන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින බවත් රජය එම කුමන්ත්‍රණය පිටුපස සිටින බවත්ය. ඔවුන් පවසන පරිදි
Read more...

රනිල්ටත්, මහින්දටත් රාජ්‍ය සේවය ගැන කතා කරන්න අයිතියක් නැහැ - ටිල්වින්

tilvinරාජ්‍ය සේවය දියකර හැරිය රනිල්ටත් රාජ්‍ය සේවය පවුලේ බූදලයක් කරගත්තු මහින්දටවත් රාජ්‍ය සේවය ගැන කතා කරන්න අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(02)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. Read more...

යක්කල සියනෑ උයන ජාතික නිවාස සංකීර්ණයට ජලය ඇණහිටීමෙන් මහත් පීඩා!

water tapදින දෙකක් තිස්සේ ජලය නොලැබීම හේතුවෙන් යක්කල සියනෑ උයන ජාතික නිවාස සංකීර්ණයේ නිවාස 350 කට අධික ප්‍රමාණයක වෙසෙන දහස් ගණනක ජනතාව මහත් අපහසුතාවකට පත්ව ඇත. Read more...

තැපැල් ඡන්ද සළකුණු කිරීම පළමු අදියර හෙට

vote2015 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. ඒ අනුව එහි පළමු අදියර හෙට (03) ක්‍රියාත්මකවීමට නියමිතය. 
Read more...

රාජපක්ෂගේ ‘අරලියගහ මන්දිර දන්සැල'ට බුරියානි කුඩු රජාගෙන්ලු

mohomad mujaidමැලේසියාව පදනම් කරගනිමින් හෙරොයින් ජාවාරම මෙහෙයවූ මෙරට ප‍්‍රකට ජාවාරම්කරු පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග මෙරට ප‍්‍රමුඛ දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරිකයන් රැසක්ම බරපතල කම්පනයකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. මෙතෙක් කලක් බොහෝ දෙනා සිතා සිටියේ මෙරටට කුඩු රැගෙන ආ පුද්ගලයා වෙළේ සුදා බවයි. එහෙත් මැලේසියාවේ රැඳී සිටිමින් ප‍්‍රභූ වරප‍්‍රසාද විඳිමින් හෙරොයින් ජාවාරම මෙහෙයවන තවත් පුද්ගලයෙකු සිටින බව අනාවරණය වීමත් සමග ඔහු සමග මෙතෙක් ගනුදෙනු කළ පුද්ගලයන් රැසකගේ ඉහින් කණින් දාඩිය වැගිරෙන්නට පටන් ගෙන ඇත. මෙසේ මහා පරිමාණ කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳ හෙළිදරව්වීමත් සමග ඔහු හා රාජපක්ෂ පවුලේ ඇති සමීප සම්බන්ධතා රැසක්ද මේ සමග අනාවරණය වෙමින් තිබේ. Read more...

 

 

නවතම පුවත්