15 December 2017
RSS Facebook Twitter   

ලාංකීක අපි පැමිණ සිටින්නේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකට - CNLC

voing 05 02 oldකතෝලික ජාතික ගිහි කොමිසමෙන් අපගේ හිතවත් ශ‍්‍රී ලාංකීක පුරවැසියන් වෙත නිකුත් කෙරෙන විශේෂ පණිවුඩයයි

අප කව්රුත් දන්නා පරිදි මෙම ගෙවීයන කාල පරිච්ඡේචය තුල ශ‍්‍රීලාංකීක අපි පැමිණ සිටින්නේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථාකයකටයි. එනම් අපසැමගේ අප රටේ ඉදිරි අනාගත ගමන්මග කෙසේ වියයුතුදැයි තිරණය කිරීමේ වගකීම අප වෙත පැවරී ඇති නිසාවෙනි ඉතා දිගු දුෂණයෙන් සහ කටුක අත්දැකීමෙන් පිරි පීඩාකාරී කාලපරිච්ඡේදයකට පසු පසුගිය ජනවාරි 8 දා ජනතාව තමන් ෂතු බලය කෙරේ ප‍්‍රබල ලෙස අවදිවිය පොදු ජනතාවට වග නොතියන තම වගකීමි හා වගවීම් පැහැර හැරිය නායකයන් හා පාලකයන් නිර්දය ලෙෂ ප‍්‍රතික්ෂේප කිරීමට සාමාන්‍යය ජනයා තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සර්වජන ඡන්දය පාවිච්චිකිරීමට මැලි නොවුහ.

 

යහපාලනයේ ආදර්ශපාඨය පොදුජනතාවගේ සිතුම් පැතුම් ආකර්ශණය කර ගැනීමට සමත් වුණි. එවකට රාජ්‍යය පාලකයන් විසින් තමන් වෙත පවරා තිබූ රාජ්‍යය බලය ඉතාම අශීලාචාර ලෙස අපයෝජනය කළ බව ඔප්පු කිරීමට නීතිමය විමර්ෂණ අවැසි නොවීය. එම තත්තවය මුලු රාජ්‍යයපාලනයේ මුල සිට අග දක්වාම පැතිරගොස් සැමට පෙනුන දැනුන ඔද්දල්වු තුවාලයක් බඳුවිය පොදුජනතාව තුළ ඉතාම ගැඹුරින් අත්දකිමින් සිටියේ ‘‘දැන් හොඳටෝම ඇති” මෙි තත්ත්වය අවසන් විය යුතු බවයි.

මෙලෙස ජනතාව විසින් සැබෑ වෙනසකට ජනවාරි 8 දා තැබූ පියවර ඉදිරියට ගෙන යෑමේ දැඩි උවමනාව අවධාරණය කරමින් පාර්ලිමෙින්තුව නමැති උත්තරීතර ආයතනයට තෝරාපත් කරගන්නා ජනතා නියෝජිතයින් පිළිබඳ ජනතා අපේක්ෂාවන් කෙබඳුද කවර ආකාරයේ නියොජිතය් තම පක්ෂ විසින් යෝජනා කළ යුතුද යන්න ඉතා පැහැදිල්ව සිවිල් සමාජය විසින් සියලු දේශපාලන නායකයන් සහ පක්ෂ දැනුවත් කරන ලදී කරුණු සියලු දේශපාලන නායකයන් සහ පක්ෂ මාර්තු 12 දා ලියවිල්ල ලෙස දියත් කෙරුනු මෙම පොදු එකගතා ලියවිලට තම එකගතාව ප‍්‍රකාශ කරන ලදී. මෙසේ තිබියදීත් අපට දැනෙන්නේ හැගෙන්නේ බොහෝ දේශපාලන පක්ෂ ඉහත ජනතා අපේක්ෂාවන්ට අවමන් කරඇති බවකි.

නාමයෝජනා දිනයේ අපට දැක ගන්නට ලැබුනේ බහුතරයක් පක්ෂ නැවත වතාවක් තමන්ගේ හොර මැර දුෂිත ජන අප‍්‍රිය අපේක්ෂකයන්ගෙන් සම්මිශ‍්‍රිත නාමයෝජනා ලේඛනයක් හිරිකිතයකින් තොරව ඉදිරිපත් කිරීමයි. සැබවිකන්ම මෙය පොදුජනතාව වෙත් එල්ල කළ අතුල් පහරකි.
සැබවින්ම අවංක උගත් වගකීම් දැරිය හැකි යහපත් පුද්ගලයන් තම පක්ෂ සාමාජිකයන් අතරින් තෝරා අපේකෂ්යන් ලෙස ඉදිරි පත් කිරීමට බැරි තරමට අපගේ දේශපාලන පක්ෂ බංකොලත් බාවයට පත්ව ඇත්ද?

පක්ෂ නායකයින් පොදුජනතාවගේ සැබෑ අපේක්ෂාවන්ට මෙලෙසින් ඉතාම පහත් ලෙස අවමන් කර ඇත්තේ ඇයි?

 

 

නවතම පුවත්