15 December 2017
RSS Facebook Twitter   

විදෙස් ගත ඔබ කඳුලින්, දහදියෙන්, ලෙයින් උපයන ඩොලර්වලින් මේ රටේ පාලකයෝ පිනුම් ගහනවා - අනුර

anura 08 04ඉතා දුක් මහින්සියෙන් කැපවී උපයා ගන්නා මුදල පාලකයන් විනාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා පවසන්නේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් බිලියන 6.3 ක් උපයන බව ඒ මහතා තවදුරත් පවසයි.

ඒ මහතා තවදුරටත් පවසා සිටියේ පේ රටේ පාලකයෝ කළේ තානාපතිවරයාට විරුද්ධව විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමයි. ‘පාලකයන් සම්බන්ධවී පොල්, රබර් පටවනවා වගේ අපේ රටේ මිනිසුන්ව රට පටවා ඩොලර් කෝටි 630 ක් උපයාගැනීමට විතරයි. මේ තත්වය වෙනස් කළ යුතුයි' යනුවෙනි.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගිය අගෝස්තු 01 වෙනිදා විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ජාතික සමුළුව  පැවැත්වූ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අනුර කුමාර මහතා දැක්වූ අදහස්.....

අපේ රටේ මේවන විට ප‍්‍රධාන ආර්ථික ධාරාව නියෝජනය කරන්නේ විදේශයන්ගේ සේවය කරන ඔබගේ පවුලේ සාමාජිකයන්. අවුරුද්දකට අපේ රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 25ක් අවශ්‍ය වෙනවා. නමුත් අපෙන් පිටරටට යවන භාණ්ඩවලට හම්බවෙන්නේ ඩොලර් බිලියන 14යි. ඒකියන්නේ ඩොලර් බිලියන 11ක වෙළඳ හිඟයක් තියෙනවා. මේ හිඟය පියවා ගැනීමට ඩොලර් බිලියන 6.3ක් සපයන්නේ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්. සංචාරක ව්‍යාපාරයෙන් උපයාගන්නේ ඩොලර් බිලියන 1.3යි. පසුගිය ආණ්ඩු සංචාරක ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් බදු සහන දුන්නා. ප‍්‍රචාරණයට විශාල මුදලක් වියදම් කළා. මේ සියල්ල කරලත් ලැබෙන්නේ ඩොලර් බිලියන 1.3යි. නමුත් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ඩොලර් බිලියන 6.3ක් සපයනවා. තවත් පැත්තකින් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1.3ක් උපයා ගැනීමට සංචාරකයන් ස`දහා විදේශ මත්පැන් වර්ග, ආහාරපාන, ඇතුළු බොහෝ අවශ්‍යතා සම්පූර්ණ කිරීම විදේශ ආනයනයන් මත සිදුවෙනවා. ඒ නිසා උපයන ඩොලර් බිලියන 1.3 ශුද්ධ ඉපයීම් නෙවෙයි. හැබැයි විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් එවන ඩොලර් බිලියන 6.3 ශුද්ධ ආදායම් ඉපයීම්. ඒ නිසා අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම පවතින්නේ විදෙස්ගත ශ‍්‍රමිකයන් මතයි.

අපේ රටේ වර්ෂයකට රැකියා අපේක්‍ෂාවෙන් රැකියා වෙළඳපොළට ලක්ෂ 03ක් එනවා. හැබැයි රැකියාවක් සඳහා වර්ෂයකට දෙලක්‍ෂ අසූදාහක්, දෙලක්‍ෂ අනූදාහක් විදෙස්ගත වෙනවා. අපේ රටේ රැකියා අවශ්‍යතාව සපුරා තියෙන්නේ විදෙස්ගත වීමෙන්. 2012 වසරේදී දෙලක්‍ෂ අසූදෙදාහක් විදේසගතවී තිබීම උදාහරණයක්. එහෙමනම් අපේ රටේ රැකියා වියුක්තියේ ප‍්‍රශ්නයට උත්තර සපයා තිබෙන්නේ පිටරට යැවීමෙන් පමණයි. හැබැයි මේ ශ‍්‍රමිකයෝ පිළිබඳ නිවැරදි දත්ත කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එක අවස්ථාවක කීවා ලක්‍ෂ 30ක් විදේශගතව ඉන්නා බව. ලංකාවේ තියෙන්නේ පවුල් ලක්‍ෂ 50යි. මෙයින් පවුල් ලක්‍ෂ 20ක් යැපෙන්නේ විදෙස්ගත ශ‍්‍රමිකයන් එවන මුදල්වලින්. එහෙනම් මේ පාලකයෝ මොනවාද කරලා තියෙන්නෙ? ඔවුන් කිසිවක් කර නැහැ. සංචාරක ව්‍යාපාරයට විශාල අනුග‍්‍රහයක් දක්වමින් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් සඳහා කිසිවක් නොකළ පාලකයන් ජේම්ස් පැකර්ට බදු සහන දුන්නා. නමුත් විදෙස් රැකියා සඳහා යන ශී‍්‍ර ලාංකිකයින්ට අවශ්‍ය කිසිවක් ලබාදෙන්නේ නැහැ. 2012දී විදෙස්ගත වුණ ලාංකිකයින්ගෙන් වෘත්තීය රැකියා සඳහා ගොස් තිබුණේ 4945යි. ගෘහසේවිකාවන් සඳහා ගොස් තිබෙන 119,000ක්. නුපුහුණු ශ‍්‍රමිකයන් 62,000 ක් ගොස් තිබෙනවා. මොවුන්ගේ ජීවිතය මොකක්ද? ඔවුන්ගේ පවුල් ජීවිත කැඞී ඉහිරී තිබෙනවා. අවුරුදු 67ක් මේ පාලකයෝ අපට උරුමකරදී තිබෙන්නේ නිවසක් හදාගන්න, දරුවව විවාහකර දෙන්න, වාහනයක් ගන්න වගේ සුළු කාරණා වෙනුවෙන් විදෙස් ගතවිය යුතු පිරිසක්. විදෙස් ගතවන වසරේදී නිවසක් හදාගන්න වැයවන්නේ ලක්‍ෂ 15ක් නම් අවුරුදු 4ක් අවසානයේදී ඒක ලක්‍ෂ 40ක් විතර වෙලා. ගේ හදන්න ලැබිල තියෙන්නේ භාගයයි. තවත් අවුරුදු 4ක් වත් ඉන්න වෙනවා. විදෙස්ගත වුණු බොහෝ අයගේ නිවසක් ඉදිකරගැනීමේ සරල අරමුණවත් ඉටුකර ගැනීමටවත් සමත්වෙලා නැහැ.

ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත අයාලේ යන තත්වයට පත්වෙලා. අපේ රට ආසියාතික පවුල් සංස්කෘතියක් තියෙන රටක්. බිරිඳට ස්වාමියාගේ ආරක්‍ෂාව, රැකවරණය  ඕනෑ. ස්වාමියාට බිරිඳගේ ආදරය සෙනෙහස  ඕනෑ. දරුවන්ට පියාගේ ආරක්‍ෂාවත්, මවගේ සෙනෙහසත්  ඕනෑ. යුරෝපා පවුල් වගේ නෙවෙයි ආසියාතික පවුල. මේ විදිහට බැ`දිලයි ඉන්නෙ. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ජීවත්වෙන අයට පවුල් ජීවිතයක් තිබෙනවාද? මේ පාලකයෝ අඩුම තරමෙන් පවුලක් හැටියට එකට ජීවත්වීමට වටපිටාවක් වත් හදල නැහැ. බිත්තර පුපුරලා පැටවෙක් ලැබුණාම කුරුල්ලයි කිරිල්ලියි එකට ඇවිත් ඒ පැටවාට කෑම කවනවා. අපේ අම්මටයි, තාත්තටයි, දරුවන්ටයි එකතැන ඉ`දලා කෑමවේලක් ගන්න බැරි රටක් හදලා තියෙනවා. මේ පාලකයෝ අපේ ජීවිත සත්තුන්ටත් අන්ත තැනකට ගෙනත් තිබෙන්නේ. මේකට විස`දුමක්  ඕන නැද්ද? අපේ ජීවිත තව තවත් දුක්ඛිත තත්වයට, අසරණභාවයට හෙළීමට ඉඩදිය යුතුද? කටාර් රාජ්‍යයේ හිටපු තානාපතිවරයෙක් ඒ රටේ ශී‍්‍ර ලාංකිකයන් වි`දින ගැහැට අවම කිරීමට යෝජනාවලියක් හදලා ඉදිරිපත් කළ අවස්ථාවක් මම දන්නවා. අපේ රටේ පාලකයෝ කළේ තානාපතිවරයාට විරුද්ධව විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමයි. මේකට හේතුව පාලකයන් සම්බන්ධවී පොල්, රබර් පටවනවා වගේ අපේ රටේ මිනිසුන්ව රට පටවා ඩොලර් කෝටි 630 ක් උපයාගැනීමට විතරයි. මේ තත්වය වෙනස් කළ යුතුයි.

විදෙස්ගත සේවා වෙළඳපොළ අපි පිළිගන්නවා. ලෝකයේ  ඕනෑම රටක් ඉස්සරහට ගිහින් තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ පංගුවක් අත්පත් කරගැනීමෙන්. ලංකාවේ අයට ලෝක වෙළඳපොළේ තිබෙන සේවා අවස්ථාව අත්පත් කරගත යුතුයි. මේ වෙනුවෙන් වහල් කේන්ද්‍රයක් වෙනුවට නිපුණතාවක්, හැකියාවක්, දක්‍ෂතාවක් ඇති වෘත්තීයවේදීන් ලෝකයට ඉදිරිපත්කරන රාජ්‍යයක් හැටියට අපි මේ රට ගෞරවයට පාත‍්‍රකරනවා. දැන් මේ තිබෙන විදෙස් රැකියා වෙළඳපොළ ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සහතික වශයෙන්ම ගුණාත්මක තත්වයකට පත්කරනවා. අපට අවුරුදු 05ක් දෙන්න. ඒ දේ අපි ඉටුකර පෙන්වනවා. එතෙක් විදෙස්ගත ශ‍්‍රමියකයන් මුහුණදෙන ගැටලූ සමුදායට උත්තර ලබාදිය යුතුයි. මේ පාලකයෝ කරන්නේ ගෘහ සේවිකා වෙනුවට ගෘහ පාලිකා කියලා බෝඞ් ලෑලි වෙනස්කිරීමක් විතරයි. විදෙස්ගත ශ‍්‍රමිකයා වෙනුවට රට විරුවා කියලා වචන හරඹවලින් විසඳන්න බැරි ප‍්‍රශ්නයක් මෙතන තිබෙනවා. මේ ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් රාජ්‍යයේ මැදිහත්වීමෙන් විස`දිය යුතු ප‍්‍රශ්න ගණනාවක්ම තිබෙනවා. ලංකාවේ තානාපති කාර්යාල පිළිබඳව විදෙස්ගතවුවන්ට තිබෙන්නේ දුක්ගැනවිල්ලක් විතරයි. විදේශවල තිබෙන ශී‍්‍ර ලාංකික තානාපති කාර්යාල අපේ රටේ ශ‍්‍රමිකයන් වෙනුවෙන් හඬනගන, කි‍්‍රයාකරන තැනක් බවට පත්කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් පාලකයින්ට අපි අපේ උපරිම බලපෑම ඉදිරියේදී ඉහළම මට්ටමකින් කරනවා. අද තානාපති කාර්යාලවලට පත්කර ඉන්නේ කවුද? දේශපාලනඥයන්ගේ ඥාතීන් යැවුවා, දුවලා යැව්වා, පැරදිච්ච දේශපාලකයෝ යැව්වා, අපරාධකාරයෝ යැව්වා. කටුනායක ඝාතනයේ වගකීම භාරගත් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති කරලා යැව්වා. මොහු වෙලේ සුදාගේ යම් යම් කටයුතුවලදී හවුල්වී ඇති බව අද හෙළිදරව්වී තිබෙනවා. මේ තත්වය වෙනස්කළ යුතුයි. ඒ ස`දහා ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ගේ පවුල්වල අයට ඉතාම හොඳ අධ්‍යාපන සේවයක් පටන්ගන්න  ඕන. ඒ දරුවන්ට හොඳ සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙළක් හදන්න  ඕන. ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය රකින්න වැඩපිළිවෙළක් හදන්න  ඕන. මේ ආර්ථිකය අද දුවන්නේ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් නිසා. නමුත් ඔවුන්ගේ පවුල් පිළිබඳව මේ පාලකයන් කිසිදු සොයා බැලීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ දක්වා කර තියෙන්නේ සෑම අයවැය ලේඛනයකින්ම බොරු සහන පොරොන්දු දීම විතරයි. ජේම්ස් පැකර්ගේ කැසිනෝ හෝටලය ඉදිකරන්න මුළුමනින්ම බදු සහන දුන්නා. ව්‍යාපාරය ආරම්භ කරලා අවුරුදු 03ක් යනකම් කිසිදු බදු ගණනය කිරීමක්වත් නැහැ. ඉන්පස්සේ අවුරුදු 10 ක් යනකම් බදු ගණනය කරලා මුළුමනින්ම බදුවලින් නිදහස් කරනවා. තවත් අවුරුදු 15 ක් බදුවලින් හරි අඩයි අයකරන්නෙ. බොරු දේශපේ‍්‍ර්මය ගැන කථාකරමින් කැසිනෝ ගෙන්වා ගන්න මේ තරම් බදු සහන දෙන්න ඉදිරිපත්වුණා. නමුත් විදෙස්ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් මොන බදු සහනයද ලබාදී තියෙන්නෙ. අපේ පාලනයක් පිහිටුවන තෙක් කවර ආකාරයේ හෝ බදු සහන ලබාදීමට, පවතින ආණ්ඩුව ඉදිරිපත්වන තෙක් අපි ඉදිරියේදි අරගල කරනවා. විදෙස්ගතවෙලා ඔබ කරන කාර්යය බැලූ බැල්මට පුද්ගලිකයි කියලා හිතෙනවා. නමුත් ඔබගේ කාර්යය සමාජමය කාර්යයක්. ලංකාවේ වැඩිම විදේශ විනිමය උපයාදීම මත මුළුමහත් ආර්ථිකයේ පැවැත්ම රැඳීතිබෙනවා. ඔබ නොහිටින්න මේ මුළු ආර්ථිකයම බි`දවැටී තිබෙන බව පැහැදිලියි. එහෙනම් ඔබ ඉටුකරමින් ඉන්නේ සමාජමය කාර්යභාරයක්.

පුළුල් ලෙස ගතහොත් අපේ රටේ ආර්ථිකයේ පුළුල් වෙනස්කම්වලට යායුතුව තිබෙනවා. ඔබ වර්ෂයකට එවන ඩොලර් කෝටි 630 න් තමයි ලැම්බෝගිනි කාර් ගේන්නෙ. ඔබ එවන ඩොලර් කෝටි 630 න් තමයි මේ පාලකයෝ සිංගප්පූරුවේ ෂොපිං යන්නෙ. ඔබ එවන මුදලින් තමයි මේ පාලකයෝ ලෝකයේ හොඳම රෝහල්වලට බෙහෙත් ගන්න යන්නෙ. ඔබ එවන මුදලින් තමයි මේ පාලකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඉස්තරම් විදේශීය මත්පැන් ගෙන්වා ගන්නේ. ඔබ මේ රටට මුදල් එවීමට අති දුෂ්කර තත්වයන්වලට මුහුණදෙද්දී තමයි මේ රටේ පාලකයෝ සුපිරි ජීවිතයක් ගතකරන්නෙ. ඔබ කඳුලින්, දහදියෙන්, ලේවලින් උපයන ඩොලර්වලින් මේ රටේ පාලකයෝ පිනුම්ගහමින් ඉන්නවා. විදෙස්ගත ශ‍්‍රමිකයන් එවන ඩොලර්වල සැ`ගවී තිබෙන්නේ ලේ සහ කඳුළු. ඒවාගෙන් තමයි පාලකයෝ තමන්ගේ සියලූම ආකාරයේ සුඛවිහරණය සලසාගන්නේ. ඒ නිසා මේ ක‍්‍රමය වෙනස් කළ යුතුයි. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ ඡන්දයක් පැවැත්වුවහොත් උඩින්ම දිනන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ඔබ කියන්නේ විදෙස්ගතව සිටින ඔබ වෙනුවෙන් අප කරන අරගලය ගැන හො`දින්ම දන්නා නිසයි. විදෙස්ගතව සිටින ශී‍්‍ර ලාංකිකයන්ට තමයි බාධාවකින් තොරව ලංකාව පිළිබ`ද තොරතුරු ගලාගෙන ගියේ.  අප ඉදිරිපත්කරන අදහසක් රූපවාහිනී නාලිකාවල තත්පර අසූපහට, අනූවට සංස්කරණය කෙරෙනවා. පත්තරේක පළවෙනවා නම් කොළම් හතර, පහකට සීමා වෙනවා. නමුත් නව තාක්‍ෂණය හරහා අපේ මතය නිරවුල්ව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් වෙත ගියා. ඒ නිසා තමයි විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් තුළ ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී වර්ධනයක් අත්කරගෙන තියෙන්නෙ. එය ඉදිරියට කරගෙන යාමට අපි ධෛර්යය සපයනවා.

මේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් දරන ඔබ මේ රටේ මැතිවරණයේදී පංගුකාරයෙක් කරගෙන නැහැ. නමුත් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් වන ඔබට අයිතියක් තියෙනවා රටේ පාලකයා තෝරන්න. මේ රටේ පාලකයාත්, පාලනයත් තෝරාගන්න ඔබට යුක්තිසහගත අයිතියක් තියෙනවා. මේ මහ මැතිවරණයේදී ඔබට ඡන්ද අයිතිය නැතිවුණාට ඊළ`ග මහ මැතිවරණයේදී ඔබට ඡන්ද අයිතිය ලබාදෙන බවට අපි සහතික වෙනවා. ලක්‍ෂ 25 ට තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ අයිතිය නැතිකර තිබෙනවා. මෙය වෙනස්කිරීම අනිවාර්යයෙන්ම අපි කරනවා. මේ අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන ඡුන්දයේදී ඔබේ ඡුන්දය පාවිච්චි කළ නොහැකි වුවත් මේ රටේ ජීවත්වන ඡන්ද බලය තිබෙන ඔබේ පවුලේ අයට, ඔබේ ඥාතීන්ට විශාල බලපෑමක් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. ඉදිරි සති දෙකක කාල පරිච්ෙඡ්දයේදී ඥාති හිතමිතුරන් සියලූදෙනාට කථාකොට අගෝස්තු 17 වෙනිදා ඡුන්දය තීරණාත්මක වෙනසක් වෙනුවෙන් ජනාතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින්න. රාජපක්‍ෂ මහත්තයා බලයට එයි කියලා හිතන්නවත් එපා. සල්ලි පොම්පකරලා හමුදාවත් යොදවාගෙන පැරදිච්ච රාජපක්‍ෂ ආයේ දිනන්නෙ නැහැ. වියහැකි දේ තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්‍ෂය සමග එකතුවී ආණ්ඩුවක් හදනවා. ඒ නිසා මහින්ද මහත්තයා දේශපාලනයේ ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකට පත්වෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්මයාගේ පාලනය ගැන අපි දන්නවා. තෙල් සංස්ථාව විකුණපු විදිහ, රක්‍ෂණ සංස්ථාව විකුණපු විදිහ අපි දන්වා. ලංකා බැංකුව විකුණන්න යෝජනාකර තිබූ විදිහ අපි දන්නවා. ඒ නිසා එළඹෙන මෛතී‍්‍ර - රනිල් ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ හ`ඩ නගන්නයි විපක්‍ෂයේ ශක්තිමත් කාර්යභාරය වෙනුවෙන් අපි ඇපකැප වෙන්නෙ. විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් සහ ඔවුන්ගේ මෙරට පවුල්වල හිතමිතුරන් ජනතා විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙහෙයවන්න ඊළ`ග පාර්ලිමේන්තුවේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අපට ලබාදෙන්න. අපි නගන්නේ ඔබගේ හඬ. ඒ නිසා තමයි වේගවත්, ආවේගශීලී, හැ`ගීම්බර ප‍්‍රකාශනයක් අපි වෙතින් දිස්වෙන්නේ. ඒනිසා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු වන්නේ ඔබේ හඬ නම් ඒ වෙනුවෙන් කි‍්‍රයාකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මේ පාර්ලිමේන්තුවේදී ලබාදෙන ශක්තිමත් බලය තුළින් ඊළ`ග මහා මැතිවරණයේදී බල හුවමාරුවට අවශ්‍ය ශක්තිමත්, පුළුල්තම පෙරමුණ ගොඩනැගීමට අපි සූදානම්. ඒ ජයග‍්‍රහණය වෙනුවෙන් ඔබ සැමදෙනාගේම දායකත්වය ලබාදෙනු ඇතැයි මා අපේක්‍ෂා කරනවා.

කුමුදු ෆොන්සේකා - ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක
මම හැමදාමත් නිර්පාක්‍ෂිකව සිටිය කෙනෙක්. මම පාසල් යන කාලයේ තාත්තා ඇහැව්වා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම කීවා ඉගෙනගෙන දණින් නොවැටී ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. එක්දාස් නමසිය අසූගණන් වෙනකොටත් මේ රටේ ඉගෙනගත් අයට ඉතුරුවෙලා තිබුණේ දණින් වැටී ජීවත්වෙන්නයි. ඒ අය වෙනුවෙන් එදත් ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකළා. ඒ බව මම දැනසිටියත් නිර්පාක්‍ෂිකව සිටින්න හේතු තිබුණා. අපේ පවුල පුතුන් හතරදෙනෙකුගෙන් යුක්ත පවුලක්. දැන් අවුරුදු තිහකට වැඩි කාලයක් අපි හතරදෙනාම පිටරට ජීවත්වෙන්නෙ. ඩොලර් දස ලක්‍ෂ ගණනක් අපි මේ රටට එව්වා. අපට කියලා කිසිම විශේෂත්වයක් මේ රටේ නැහැ. අපි දහඩිය මහන්සියෙන් හම්බකර එවන මුදල්. අපේ උගත්කම වෙන රටකට දායක කරලා හරි මේ රටට එවන මුදල්වලින් මේ රටේ නාස්තිකාර පුත‍්‍රයෝ ටික ජීවත්වුණා. මේක හැමදාමත් කරන්න දෙන්න බැහැ. ලංකාවේ ජනගහනය මිලියන 22ක් විතර වෙනවා. ඒ මිලියන 22න් 8.5ක විතර ශ‍්‍රම හමුදාවක් ඉන්නවා. ඒකෙනුත් මිලිය 2.5ක විතර ප‍්‍රමාණයක් රැකියා කරන්නේ රටෙන් පිට. ලංකාව තුළ විප්ලවකාරී හ`ඩ ගිලිහී තියෙන්නේ ඒ අය රටින් පිටවී සිටීමට සිදුවූ නිසයි. එසේ නොවන්න මේ නාස්තිකාර පාලකයෝ රටේ සිටින්නේ නැහැ. රටින් පිටවී සිටින පිරිස එවන ඩොලර් බිලියන 6.3ක මුදල එවන්නේ අපේ පවුල්වලින් පිටවී සිටින්න අපට බලකර තිබෙන නිසයි. පාලකයන් බාල් නටන්නේ ඒ සල්ලිවලින්. මේ තත්වය බලාගෙන තවදුරටත් නිහ`ඩව සිටින්න බැහැ. පහුගිය අවුරුදු 30 ක කාලසීමාව තුළ මේ පවුල්වලට සිදුවී තිබෙන දේ මම දැක්කා. මමත්, මගේ භාර්යාවත් යාළුවො ටිකකුත් එකුවෙලා රටින් පිටවී සිටින පවුල්වල දරුවන්ට පාසලක් හදන්න ඉදිරිපත්වුණා. අද වෙනකොට දහසක් පමණ ලාංකික දරුවන් ඒ පාසලේ ඉගෙන ගන්නවා. ඔවුන් හැමෝම දක්‍ෂයෝ. අම්මගේ, තාත්තගේ රැකවරණය තුළ හැදෙන දරුවන් තමයි දක්‍ෂයෝ වෙන්නේ. පාසල දියුණුකරන්න ඉඩමක් අපට ලැබිලා තියෙනවා. ඒ ස`දහා මේ රටේ පාලකයන්ගෙන් අනුග‍්‍රහය ඉල්ලූවා. නමුත් පාලකයන්ට ඒ ස`දහා වෙලාවක් නැහැ. ඔවුන් අපි වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ බව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයෝ දැනගන්න  ඕනෑ. විශේෂයෙන්ම මැදපෙරදිග ගිය අය රට විරුවෝ කියලා නම් කළා. මම පාලකයන්ට කියනවා අපට ඔය විරුකම් අවශ්‍ය නැහැ. අප වෙනුවෙන් තියෙන යුතුකම් ඉෂ්ඨකරන්න කියලා. අපි ඔය ලේබල්වලට අහුවෙන අය නෙවෙයි. අපි වෙනුවෙන් හ`ඩනගන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඒ නිසා මේ රටේ උගතුන් බුද්ධිමතුන් ඇතුළු සියලූදෙනාම එක්වී ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් දියයුතු යැයි මම ඉල්ලා සිටිනවා.

ගිහාන් ප‍්‍රනාන්දු - රංගන ශිල්පී
මම කැමතියි මේ වේදිකාවේ ඉන්න අය සහෘදයන් කියලා හ`දුන්වන්න. විශේෂයෙන් ගම්වලට යනකොට සහෝදරයා කීවාම තැතිගැන්මක් තියෙන බව පේනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන කථා කළාම ඈත්කරන ගතියක් පේන්න තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය දෙනවා කියන එක හොර රහසේ කරන්න  ඕනෑ දෙයක් බවට සලකන පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. ඒ තත්වය අපි වෙනස්කරන්නම  ඕනෑ. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ හොරෙන් යන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේකත් එක්සත් ජාතික පක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වගේම මේ රටේ පිළිගත්ත දේශපාලන පක්‍ෂයක්. ජනතාව වෙනුවෙන් කැපවෙච්ච දේශපාලන පක්‍ෂයක්. ඔවුන්ගේ දේශපාලන කටයුතුවලදී අපි බොහොම නිදහසේ වැඩකරන්න  ඕන. සහෘදය කියලා කියන්නෙ ජනතාවට වඩාත් ලංවෙන්න පුළුවන් වචනයක්. කොම්රේඞ්, නැත්නම් සහෝදරයා කියලා කිව්වාම විප්ලවකාරී සංවිධානයක්ද කියලා හිතනවා. එහෙම නැහැ. ඔවුන් එක්ක මම එකතුවෙන්න ප‍්‍රධාන හේතුවක් තියෙනවා. ගිහාන් ප‍්‍රනාන්දු කියන්නේ කවුද කියලා මගෙන් අහැව්වොත් හැමවෙලාවෙම මම කියන්නේ බහු ආගමික, බහුජාතික, නිර්පාක්‍ෂික මනුස්සයෙක් කියලයි. කලාකාරයෙක් එහෙම වෙන්න  ඕන කියලා මං විශ්වාස කරනවා. හැබැයි ඒ නිර්පාක්‍ෂික කියන කොටස ඇතුලේ මෙවර මම තීරණය කළා රට ගැන හැ`ගීමක් තියෙන, හොරකම් නොකරන, කුඩු නොගෙන්වන, යම් අධ්‍යාපන සුදුසුකමක් තියෙන, රටේ මිනිස්සු වෙනුවෙන් ඇත්තට කථාකරන වැඩිම පිරිසක් අපිව නියෝජනය කරන පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න  ඕන කියලා. ඒ මගේ සිතුවිල්ල මගේ හෘදසාක්‍ෂියයි.

කලා කටයුතු ස`දහා ලෝකයේ රටවල් කිහිපයකට මම ගිහිං තියෙනවා. හැබැයි මම කලාකාරයෙක් කියලා කියන්න කැමති නැහැ, ඒතරම් අප්සට් දේවල් පහුගිය කාලයේ කලාකාරයෝ කළා. මම සංවේදී කලාකාරයෙකුත් නොවෙයි. සංවේදී කලාකාරයෙක් කිව්ව හැටියේම චොරවෙනවා. ඒ තරම්ම අප‍්‍රසන්න විදිහේ කඬේ යෑමක්නෙ කළේ. අපි නම් කඬේ යන්නේ ජනතා විමුක්ති පෙරමුණට නොවෙයි, ඔයගොල්ලො ඒ කියන්නේ ජනතාව වෙනුවෙන්. ඔයගොල්ලො වෙනුවෙන් කඬේ යන්නේ ඒ කඬේ ඇතුළේ ඉන්න මිනිස්සු බුද්ධිමත්, රට වෙනුවෙන් යම් හැ`ගීමක් තියෙන, අධ්‍යාපනයක් තියෙන පිරිසක් වෙන්න  ඕන කියලා මම විශ්වාස කරන නිසයි. විදේශගත වුණාම තමයි ලාංකික කියන හැ`ගීම මතුවෙන්නෙ. ලංකාවෙ ඉන්නකම් ඒක දැනෙන්නෙ නැහැ. පහුගිහ වසර ගණනාව තුළම ලංකාවේ පාලකයෝ ජාතිකත්වය කියන දේ වැරදි විධිහට පාවිච්චි කළා. විදේශගත ඉන්න අය හිතන්නේ යුද්ධය ඉවරවුණාට පස්සේ රට සංවර්ධනය වෙනවා කියලයි. ඇත්තට රටේ තත්වය ගැන කල්පනා කරන සත්‍යය ගැන කැපවීම් කරන අයත් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන යාමයි කළ යුත්තේ. අද මෙතන සිද්ධවෙලා තියෙන්නේ ඒ කටයුත්ත. ඒ කටයුත්ත කරගෙන යන ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා කියලා මම කියනවා. විදේශගතව ඉ`දලා මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් දරන පිරිස සම්බන්ධයෙන් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ වගකීමකින් ස`දහන්කර ඇත්තේ මේ සහෘදයන් විතරයි. ඒ අයට ජයවේවා.

සුනිල් හ`දුන්නෙත්ති  සහෝදරයා - ‘එතෙර අපි’ සංවිධානයේ සභාපති
රට විරුවන් හැටියට පැවති ආණ්ඩුව විසින් හ`දුන්වපු විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයා අයවැය වාර්තාව ඉදිරිපත් කළාට පසු අමතක කර දමනවා. ආයෙ මැතිවරණයක් තියෙන වෙලාවට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයාගේ ගැටලූ අමතක කරනවා. අමාත්‍යංශ වෙන්කරන කොටත් විදේශ කටයුතු අමාත්‍යංශය මේ අය ගැන කථාකිරීම අත්හරිනවා. රැකියා නියුක්ති කාර්යංශය ඉතාමත්ම පටු තැනක කි‍්‍රයාකරන්නේ. අපි විදේශගත වුණාම ඒ රටවල ඉන්න ශී‍්‍ර ලාංකිකයෝ අවුරුදු පහළොවක්, දහනවයක් වගේ දිගු කාලයක් රැඳිලා ඉන්න බව පැහැදිලි වෙනවා. අවුරුදු දෙකකින් තුනකින් ගෙයක් හදාගන්න හිතාගෙන සල්ලි ටිකක් එකතුකරගන්න ගිය අය පත්වෙලා තියෙන්නේ මේ වගේ තත්වයකට. හැබැයි විදේශගතව ඉන්න සියලූදෙනාගේම බලාපොරොත්තුව තමයි ඉක්මනින්ම මේ මව්බිමට එන එක. මේ මව්බිමේ පුරවැසියන් හැටියට ජීවත්වන එක. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් එතෙර අපි සංවිධානය හැටියට විදේශගතව ඉන්න ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් විවිධ අරගල කර තිබෙනවා. විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට අරගල කරන සංවිධානයක් හැටියට එතෙර අපි සංවිධානය විශාල වැඩකොටසක් කර තිබෙනවා. ඒ වැඩකොටසේ තීරණාත්මක අවස්ථාවක් හැටියට විදේශගතව ඉන්න අපේ ශ‍්‍රමිකයන්ගේ හ`ඩ නියෝජනය කරන්න කුමුදු ෆොන්සේකා මහත්මා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත්කර සිටිනවා. ඔහු වසර 30 ක් පමණ දීර්ඝ කාලයක් විදේශගතව සිටිමින් අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් දැරූ කෙනෙක්. ආරම්භයක් වශයෙන් ලංකාවට විශාලම විදේශ විනිමය ප‍්‍රමාණය සොයාදෙන පිරිසගේ හ`ඩ නියෝජනය කිරීමට ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂකයෙකු වෙන්කර සිටිනවා. අගෝස්තු 17 වෙනිදාට විදේශගත ඉන්න ශ‍්‍රී ලාංකිකයින් සියලූම දෙනාගේ ඥති මිත‍්‍රාදීන් යොමුකරවමින් තමන්ගේ හ`ඩට පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බලයක් ලබාදෙන්න කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

 

 

නවතම පුවත්