15 December 2017
RSS Facebook Twitter   

ගෝඨා- බැසිල් ගැටුමක් : බැසිල් ඉවත්වේ !

gota basilමෙවර මහ මැතිවරණ සටන ආරම්භයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට මැතිවරණ කටයුතු වලින් මුළුමනින්ම ඉවත්ව ඇත.

සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිවූ මතගැටුමක් ඊට හේතුවී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් වූ ජගත් වැල්ලවත්ත, ධම්ම දිසානායක, නිමල් බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් සන්ධානය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්මත දයාන් ජයතිලක, නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පිරිසක් තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇත.

මිට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයින් පිරිසක් ද ප්‍රතිපත්ති මාලාවක් කෙටුම්පත් කර තිබේ.

කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතාගේ පිරිස විසින් සැකසු ප්‍රතිපත්ති කෙටුම්පත එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබිය දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතාට බැනවැදී මුද්‍රිත එම ප්‍රතිපත්ති කෙටුම්පත් සියල්ල ගිනි තබන්නැයි නියෝගකර ඇත.

අනතුරුව පසුගියදා කොළඹ හෙන්රි පෙදිරිස් ක්‍රීඩා පිටියේ පැවති උත්සවයේදී එළිදක්වනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයින් විසින් ඒකාබද්ධව අමුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයකි.

එහි දොළොස් වැදෑරුම් කරුණු සහිත මුලික කොටස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයින් විසින් ද යහපාලනයට අදාළ අවසන් කොටස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයින් විසින් ද කෙටුම්පත් කර තිබිණ.
- SLM -

 

 

නවතම පුවත්