කබීර්ගෙන් ඩලස්ට ගණිත පාඩමක්!
- Details
- Created on Tuesday, 04 August 2015 04:11
- Category: සාමාන්‍ය
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ගණිත දැණුමේ දිග පළල එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි. ඒ කඩවත සිට මහනුවර දක්වා දිවෙන යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳව ඩලස් අලහප්පෙරුම මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඔහු සඳහන් කරන කඩවත - කොස්සින්න, කොස්සින්න – මීරිගම දක්වා ඇති සැබෑ දුර ප්‍රමාණය කි.මී 32 ක් නොව කි.මී 36.5 කි. මෙම ඉදිකිරීමේදී නිර්මාණය කිරීමට සිදුවන ගුවන් පාලම්, සංරක්ෂිත වගුරු බිම් හරහා කරනු ලබන ඉදිකිරීම් සඳහා වැයවන වියදම් නොසලකා හරිමින් ඩලස් අලහප්පෙරුම කරන මෙම ප්‍රකාශය මගින් සැබෑ ඉංජිනේරු සාධක නොසලකා හැර ඇත.
යම් කිසි ව්‍යාපෘතියකට ඇස්තමේන්තුවක් සකස් කරන විට අවම මිලක් සැකසිම ඒ අනුව මිළ ගණන් කැඳවීම, ඉංජිනේරුමය කාර්යයන්වලදී පිළිගත් සහ අනුගමනය කරනු ලබන සිද්ධාන්තයකි.
මෙහි සඳහන් රුපියල් බිලියන 120 යනු ඉංජිනේරුමය අවශ්‍යතාවය මත සිදුකළ ගණනය කිරීමයි. එතැන් සිට ඉදිකිරීමට මිළ ගණන් සකස් කිරීම පිළිගත් ක්රමවේදයයි.
ඩලස් අලහප්පෙරුම කියනු ලබන කඩවත කොස්සින්න, කොස්සින්න මීරිගම ඉදිකිරීමේ ප්‍රථම කි.මී. 04 ඉදිකරනුයේ රජය විසින් කිසිදු වැය කිරීමක් සිදු නොවන ලෙසය. ඒ සඳහා වූ වැය, කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමේදී ඉතිරි කරගත් මුදලින් ඉදිකිරීමට කොන්ත්‍රාත්කරු එකඟ වී ඇත.
ඉතිරි කි.මී 32.5 ඉදිකිරීම බාර දී ඇත්තේ ද ඩලස් අලහප්පෙරුමද සිටි රජය විසින් ඉදිකිරීමට බාර දී තිබූ චීන සමාගමටමයි.
යහපාලන රජය යටතේ, රටට ලැබුණු ප්‍රතිලාභය වූයේ, මෙම අධිවේගී මාර්ගයේ ප්‍රථම කි.මී. 4 සඳහා කිසිදු ගෙවීමක් ශ්‍රී ලංකා රජය නොදැරීමයි.
ඩලස්ලාගේ දේශපාලන කලාව :
ඒ පිළිබඳව තව තොරතුරු ඩලස් මහතාට දැනගැනීමට අවශ්‍ය නම්, එතුමා ද සිටි රජයේ කොන්ත්‍රාත්තුව ලබා දුන් චීන සමාගම විමසීමෙන් දැන ගැනීමට පුළුවන. එසේ නොකොට ජනතාව මුලා කිරීම සහ නොමඟ යැවීම ඩලස්ලාගේ දේශපාලන කලාවේ මූලධර්මයක් මිස වෙන යමක් නොවේ.
ඩලස් අලහප්පෙරුම කථා කළ යුත්තේ මේ පිළිබඳව නොවේ. මහින්ද රාජපක්ෂ යටතේ ඉදිකළ කොළඹ පිටත වටරවුම් පාරේ දෙවන අදියර සඳහා කළ වියදම පිළිබඳව ය.
එම මාර්ගය ද මෙවැනිම ඉදිකිරීමකි. එහි මුළු දුර ප්‍රමාණය කි.මී. 9 කි. ඒ සඳහා කිලෝමීටරයකට කරන ලද වියදම රුපියල් බිලියන 5.03 කි. එය අලහප්පෙරුම මහතා සඳහන් කරන කඩවත- කොස්සින්න- මීරිගම මාවතේ කිලෝමීටරයක් ඉදිකිරීමට යන වියදමට වඩා රුපියල් මිලියන 550 ක වැඩිවවීමකි.
පසුගිය කාලයේ ඉදිකළ අධිවේගී මාර්ගවල මං තීරු අඩුකරමින්, ආරම්භයේදී දැක්වූ මූලික වියදම් වෙනස් කරමින් රුපියල් බිලියන ගණනින් සිදු කළ වංචා පිළිබඳව පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ, මාධ්‍ය තුළ සිදුකළ චෝදනාවලට මුනිවත රැක්ක ඩලස් අලහප්පෙරුම හදිසියේ නින්දෙන් අවදිවූවාක් මෙන් කතා කිරීම අතිශයින් කණගාටුදායක ය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කිලෝමීටරයකට ඇස්තමේන්තු ගතකළ මුදල රුපියල් බිලියන 348 කි. නමුත් මහින්ද රාජපක්ෂ රජය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් බිලියන 741 කි. කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් බිලියන 38 කි. නමුත් වියදම් කළ මුදල රුපියල් බිලියන 47.5 කි.
මෙසේ වීමට හේතු මීලඟ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුම පැහැදිලි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
උතුරු - මිතුරු ගිණුම කෝ ?
එමෙන්ම උතුරු - මිතුරු ගිණුම යටතේ උතුරේ දුම්රිය මාර්ගය ඉදිකිරීමට ජනතාවගෙන් එකතු කළ මුදල්වලින් සිදුකළ ඉදිකිරීම් පිළිබඳව ද මාර්ග තැනීම පිළිබඳව මෙතරම් උනන්දුවක් දක්වන ඩලස් අලහප්පෙරුම විශේෂයෙන් පැහැදිලි කළ යුතුය.
එමෙන්ම එම මාර්ගයේ ධාවනය කරවීමට ගෙනා නමුත් ධාවනය කිරීමට නොහැකිව දෙමටගොඩ දුම්රිය අංගනයේ ගාල්කර ඇති දුම්රිය බලවේග කට්ටල සහ දුම්රිය පෙට්ටි ගැනද ඩලස් අලහප්පෙරුම පැහැදිලි කරන්නේ නම් වඩාත් සුදුසු වේ.
මන්ද එම දුම්රිය මැදිරි ගෙන්වීමේ දූෂණයට තමාට වගකිව නොහැකි බව ප්‍රකාශ කළේ අලහප්පෙරුමගේ අනුප්‍රාප්තිකයා වූ කුමාර වෙල්ගමය.
උතුරු - මිතුරු වසන්ත අරමුදලට එදා යාපනය දක්වා ගමන් කිරීමට දුම්රිය ටිකට්පත් මිලදී ගත් පිරිස් තවමත් එම ටිකට්පත් අතැතිව බලා සිටින බවද මේ අවස්ථාවේදී අලහප්පෙරුම මහතාට මතක් කරදීමට අපි කැමැත්තෙමු.
එමෙන්ම උතුරු - මිතුරු අරමුදලට රජයේ සේවකයින්ගෙන් දිනක වැටුප බලහත්කාරයෙන් ලබාගැනීම ගැන ද මීලඟ ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වන්නේ නම් මැනවි.
තමාව උපමා කරමින් හොඳම රාජ්‍ය නායකයා හොරා යැයි කියන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ හොඳම අන්තේවාසිකයා ඩලස් අලහප්පෙරුම මිස වෙනත් අයෙකු නොවන බව මෙවැනි ප්‍රකාශවලින් මනාව පැහැදිලි වේ.
නවතම පුවත්
- එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර මේජර් ජනරාල් උභය මැදවලට !
- හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී
- සිසුන්ට ජල ප්‍රහාර එල්ල කලේ අත්වැරදීමකින් - පොලීසිය
- සිහිනය සැබෑ වන විට නසීමා නික්ම ගොසිනි
- පක්ෂය ආරක්ෂා කිරීම සඳහා පළමුව රට හැදිය යුතූයි - චන්ද්‍රිකා බණ්ඩාරනායක
- Four Wheel රැළියට එරෙහිව පරිසරවේදීන් මානව හිමිකම් කොමිසම හමුවට
- රාඩා මුල්‍ය අධ්‍යක්ෂක ජයන්ත සමරසිංහට පිස්සු හැදිලා
- ලාංකීක අපි පැමිණ සිටින්නේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකට - CNLC
- එක්නැලිගොඩ අතුරුදහන් කළ කර්නල්වරුන් 2 ක් අත්අඩංගුවට?
- දෙමළ සන්ධානයට ෆෙඩරල් ක්‍රමයක් ඇති කරන්න අපි ඉඩතියන්නේ නැහැ...- චම්පික රණවක
- මැතිවරණ නීති කැඩූ පුද්ගලයන් 394 ක් පොලිස් අත්අඩංගුවට
- සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය නිසා රාජපක්ෂ සහෝදරවරු මරාගනී
- විදෙස් ගත ඔබ කඳුලින්, දහදියෙන්, ලෙයින් උපයන ඩොලර්වලින් මේ රටේ පාලකයෝ පිනුම් ගහනවා - අනුර
- මහමැතිරවණයෙන් පසු ආරක්ෂක ලේකම්ධූරයේ වෙනසක් !
- උසස්පෙළ විභාගය අද ඇරඹේ
- ගෝඨා- බැසිල් ගැටුමක් : බැසිල් ඉවත්වේ !
- කබීර්ගෙන් ඩලස්ට ගණිත පාඩමක්!
- තජුඩින්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව !
- ශ්‍රීලනිප සුරැකීමේ සභාපතිට කප්පම්කරුගෙන් මරණ තර්ජන
- බ්ලූමැන්ඩල් වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයෙක් මියයයි