21 September 2018
RSS Facebook Twitter   

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට යයි!

thajudeenනාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ ශ්‍රී ලංකාවේ ප්‍රකට රග්බි ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන්, පොලීසිය විසින් හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවුක නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා ගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බව වාර්තා වේ.

තජුදින්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පසුගිය 27දා අවධාරණය කර සිටියේය.

එසේම, එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව සැප්තැම්බර් 10 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පසුගිය 28දා අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියෝග කළේය.

සබැඳි සටහන්

තජුඩීන් ඝාතනයේ සුළමුල හෙලි වෙමින් පවතී!

 

 

නවතම පුවත්