15 August 2018
RSS Facebook Twitter   

අබ්දුල් කලාම් මහතාගේ අභාවය පිළිබඳව චම්පික ඇමතිවරයාගේ ශෝක පණිවිඩය

champika kalam 1හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතාගේ අභාවය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිකුත් කළ ශෝක පණිවිඩය පහත දැක්වේ.
 
හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම් මහතාගේ අභාවය පිළිබඳව අප අතිශය  සංවේගයට පත්වෙනවා. එතුමා ඉන්දියාවට පමණක් නොවෙයි මේ මුළු ආසියානු කලාපයටම  හිටපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඒ වගේම අවසාන මොහොත දක්වාම, තම මියයන මොහොතේදීත් ඔහු
තමාගේ දැනුම අන්‍යයන් සමග බෙදා ගනිමින් ඉන්දියාව පමණක් නොවෙයි මේ මුළු  ලෝකයම අවදි කරමින් සිටි  ශ්‍රේෂ්ඨ විද්වතෙක්.
 
ඉන්දියාව පැත්තෙන් ගත් කළ අභ්‍යවකාශ තාක්ෂණය, මිසයිල තාක්ෂණය,  න්‍යෂ්ඨික තාක්ෂණය වැනි ඉහළ ඝනයේ තාක්ෂණයන් ඉන්දියාව වැනි සාපේක්ෂ වශයෙන් දුගී රටක ප්‍රචලිත කිරීමට එතුමා කළ කැපවීම ශ්‍රේෂ්ටයි. එතුමා රාජ්‍යතාන්ත්‍රිකයෙක් වශයෙන්  කලාපයේ සෑම රටකටම ගොස් තමාගේ දැනුම බෙදා හදා ගනිමින්, ඒවායේ සිටින විද්‍යාඥයින් විශේෂයෙන් පාසල් දරුවන් තමා කරන දෙය පිළිබඳව කැපවීමෙන්, රටට ආදරයක් ඇතිව කිරීමට පෙළඹවීමට දැරූ උත්සාහය විශිෂ්ටයි.
 
මේ රට තුළ බිහිවන විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, වාස්තුවේදීන් වැනි වෘත්තීයවේදීන් රට හැර ගොස් විදේශ රටවලට සේවය කරන අවස්ථාවක අබ්දුල් කලාම් අපට ලබාදුන් ආදර්ශය අතිඋතුම්.
 
එතුමා විසින් අදහන ආගමකට අනුව එතුමාට අවශ්‍ය කරන ආගමික සුවය ලැබේවායි ප්‍රාර්ථනය කරන අතර එතුමා අපට ලබාදුන්, මේ කලාපයට ලබාදුන් නිරහංකාර විද්‍යාඥයෙක්ගේ කැපවීම පිළිබඳ කතාව අපගේ සියලුම දූ දරුවන්ගේ විද්‍යාඥයින්ගේ වෘත්තියවේදීන්ගේ ‍‍ආධ්‍යාත්මය  බවට පත්වේවායි ප්‍රාර්ථනය කරනවා. 
 
අබ්දුල් කලාම් මහතා මීට සති කිහිපයකට පෙර මෙරට සංචාරය කළ අතර ඒ විදුලිබල අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව දේශනයක් පැවැත්වීම සඳහාය. 
 
champika kalam 2
champika kalam 3

 

 

නවතම පුවත්