15 August 2018
RSS Facebook Twitter   

ජවිපෙ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ ව්‍යාපාරිකයන්ට පිළිගන්වයි

jvp07.27 1ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ ව්‍යාපාරිකයින්ට පිළිගැන්වීම සහ ඒ පිළිබඳ සංවාදයක් කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී ඊයේ (27) සවස 6.00ට පැවැත්විණි. මෙම අවස්ථාවට ජ.වි.පෙ. නායක අනුර දිසානායක සහෝදරයා, ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා සහ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් වන හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා, ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කි‍්‍රස්මාල් වර්ණසූරිය මහතා, මාධ්‍යවේදිනි සමාජ ක‍්‍රියාකාරිනී නයෝමිනී වීරසූරිය මහත්මිය ඇතුළු ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක්ද සහභාගි විය.
 
එහිදී අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක මහතා
 
අපේ රටේ ජනතාවට සතුටින් සිටිය හැකි ස්ථාවර රටක් දැන් අවශ්‍යයි. සතුටින් ඉන්න නම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සෑම පවුලකටම හොඳ ආදායම් මාර්ගයක්, ඔවුන්ට ජීවත් වෙන්න නිවසක්, නිරෝගී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් වගේම කාර්යක්‍ෂම රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි අපේ හෘදසාක්‍ෂියේ සම්මුතිය නම් වැඩපිළිවෙළ යෝජනා කොට තිබෙන්නේ. ඒ වගේම අපේ රට ස්ථාවර රටක් බවට පත්කළ යුතුයි. රටක ස්ථාවරය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ තිබෙන ඔළුගෙඩි ගණනින් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකයෙන් තොර වටපිටාවක්, සියලූ ජාතිකත්වය අතර ජාතික සමගිය, හොඳ විදේශ ප‍්‍රතිපත්තියක්, නීතියේ  විධානයේ ආධිපත්‍යය තිබෙන රටක් සහ ජාතික ආරක්‍ෂාව මත තමයි රටක ස්ථාවරය රඳා පවතින්නේ. ජන කණ්ඩායම් අතර අසමගිය වගේම ජාතික ආරක්‍ෂාවක් නැතිව, ගැටුම්කාරී විදේශ ප‍්‍රතිපත්තියක් තිබෙන විට, අධිකරණයේ ආධිපත්‍යය කඩා දමා තිබෙන විට රටක ස්ථාවරය රඳා පවතින්නේ නැහැ. රටේ ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අපේ වැඩපිළිවෙළ යෝජනා කොට තිබෙනවා. අපේ වැඩපිළිවෙළේ මූලික හරය වී තිබෙන්නේ ජනතාවට සතුටින් සිටිය හැකි රටක් ස්ථාවර රටක් යන්නයි. 
 
අද අපි මුණගැසී තිබෙන්නේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, නියෝජනය කරන පිරිසක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරන ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිපත්ති ගැන කථා කිරීම සුදුසුයි කියල මම හිතනවා. අපේ රටේ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සැකයක් මතුකරලා තිබෙනවා. සාමාන්‍ය කථාබහක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් වාහන දෙකක් තිබෙන පුද්ගලයාගෙන් එක වාහනයක් ආණ්ඩුවට ලබාගන්නවා, එසේත් නැතිනම් ෆැක්ටරි දෙකක් තිබෙන ව්‍යාපාරිකයාගෙන් එක් ෆැක්ටරියක් අත්පත් කරගන්නවා වැනි සැකයක්. පැහැදිලිව කියන්න  ඕනි ඒ ක‍්‍රමය අනුගමනය කළේ සරදියෙල්. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්තිය තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියෙල් පන්නයේ එකක් නෙවෙයි. 
 
jvp07.27 2
jvp07.27 3
jvp07.27 4
jvp07.27 5

 

 

නවතම පුවත්