21 September 2018
RSS Facebook Twitter   

තජුඩීන් ඝාතනයේ සුළමුල හෙලි වෙමින් පවතී!

thajudeenරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බවත් එය ඝාතනයක් බවත් රහස් පොලිසිය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ පැවසීය. ඒ අනුව අප කලින් වාර්තා කළ ආකාරයට  තාජුඩීන් මිය ගියා නොව මරා දමා ඇති බව අද වන විට ඔප්පු වී හමාරය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂගේ ඉතා කිට්ටු සබඳතාවයක් මෙම මරණය පිටුපස පවතින බව අප හෙලි කලෙමු. එය සනාථ කරමින් පෙරදිනක පොලීසිය අධිකරණය ඉදිරියේ පවසා තිබුනේ දේශපාලන ප්‍රභලයකුගේ පුත්‍රයකු මෙම ඝාතනය හා සම්බන්ධ බවට සැකයක් පවතින බවයි.

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය.

වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී 2012 වසරේ මැයි 16 වැනිදා ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගොස් සිටි බව එකල වාර්තාවිය. 2012 මැයි 17 වැනිදා ඔහුගේ සිරුර කාරය තුළ තිබී සොයාගන්නා විට දැවී අඟුරුවී තිබූ බව පොලිසිය පැවසීය.
නඩු විභාගය හෙට (28) දිනට කල් තැබිණි.

මේ සම්බන්ධයෙන් අප පෙර කලෙක වාර්තා කළ විට ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල විය. නමුත් සිද්ධිය සඳහා වසර 3 ක් ගතවී තිබියදී හෝ සැබෑ තතු හෙලිවීමට මං පෑදීම ගැන අප සතුටු වෙමු.

සබැඳි සටහන් 

යෝෂිත , යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව !
තමාගේ මිතුරා මරා දැමූවයි යසාරාගෙන් යෝෂිතට චෝදනාවක්!

 

 

 

නවතම පුවත්