21 September 2018
RSS Facebook Twitter   

අගමැතිගේ හා අර්ජුනගේ නම විකුණා කප්පම් කල්ලි වැඩට බහී!

ranil arjunaමහමැතිවරණය මුවාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහ ගුවන් සේවා හා වරාය පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග ගේ නම විකුණමින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් කිරීමට යැයි කියමින් ව්‍යාපාරිකයන්ගෙන් බලහත්කාරයෙන් රුපියල් කෝටි ගණන් එකතු කර ගැනීමේ ජාවාරමක් පිළිබඳව එජාප මූළස්ථානයට තොරතුරු ලැබී තිබේ.

මෙහි ප්‍රධාන කප්පම්කරුවා ලෙස කටයුතු කරන්නේ කොළඹ ව්‍යාපාරිකයන් අතර කුප්‍රකට චරිතයක් වන මාධව වත්තේගම නැමැත්තෙකි. මෙම පුද්ගලයා පිළිබඳව පසුගිය ජනවාරි මස අප හෙලිදරව් කලෙමු. අගමැතිවරයා අසළ සිට ඡායාරූප ගනිමින් ඒවා ව්‍යාපාරිකයන්ට පෙන්වා මුදල් ගරා ගැනීම මොහුගේ ජීවිකාවයි.

ඊට අමතරව අමාත්‍ය අර්ජුන රණතුංග වෙත විවිධ කූඨ උපක්‍රම මගින් ලංවී ඇති මෙම පුද්ගලයා පසුව තම බිරිඳට අමාත්‍යවරයා අයුතු යෝජනා කරන බවට ප්‍රචාරය කරමින් විදේශයකදී ගත් ඡායාරූප කීපයක් පෙන්වා අර්ජුනව බිය ගැන්වීමේ උත්සාහයක නිරත වී තිබේ. මොහු මේ වන විට මෙම ඡායාරූප විවිධ පුද්ගලයන්ට හා දේශපාලඥයන්ට පෙන්වමින් සිටී. මෙම ඡායාරූපවල දැක්වෙන්නේ අර්ජුන රණතුංග මුදල් පිරුණු බෑගයක් කිහිලි ගන්වාගෙන සිටින ආකාරයයි. එම මුදල් අර්ජුනට ලබා දුන්නේ කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ ප්‍රධානියා විසින් බව මාධව කිහිප දෙනෙකුටම පවසා තිබේ.

මෙම ආරංචිය සැලවීමත් සමග මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙසට අර්ජුන රණතුංග රහස් පොලීසිය වෙත පැමිණිලි කර ඇත. මෙම පැමිණිල්ල ගැන සඳහන් වීමත් සමග මාධව වත්තේගම විදේශයකට පලා යාමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව මාධව වත්තේගමත් ඔහුගේ බිරිඳත් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක සමග හෙට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූඑල් 503 ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිත වේ.
සබැඳි පුවත්

අගමැතිතුමනි, පර්ස් එක බලාගෙනයි!

 

 

නවතම පුවත්