20 April 2018
RSS Facebook Twitter   

ග්‍රේරෝ පොලිස්පති කරමු !

police-dogශ්‍රී ලංකා පොලීසියේ කීර්තිමත් පොලිස් සුනඛයා වන ග්‍රේරෝ තවත් සොරකමක් අල්ලාගෙන ඇති බව වාර්තා වේ. මෙය එම සුනඛයා විසින් පිට පිටම හසුකරගත් පස්වැනි සොරකමයි. මේ වනවිට ග්‍රේරෝ පොලිස් සුනඛයෙකු ලෙස සුපිරි දක්ෂතා
දක්වමින් සිටින අතර මේ වනවිට ඌ මෙරට ජනප්‍රියම බල්ලා වී හමාරය. එසේ ම ශ්‍රී ලංකා පොලීසියටත් වඩා ග්‍රේරෝ ජනප්‍රිය වී තිබේ. 
 
වර්තමාන පොලිස්පතිවරයා ටික කලකින් විශ්‍රාම යාමට නියමිතව සිටින හෙයින් අප යෝජනා කරන්නේ ග්‍රේරෝ මීළඟ පොලිස්පති තනතුරට සුදුසු බවයි. පොලිස් සුනඛයා ලෙස සිටිමින් මෙතරම් සේවාවක් කරන්නේ නම් ඌ පොලිස්පති තනතුර පත්කළහොත් උගෙන් මෙරට ජනතාවට සහ පොලීසියට වත්මන් පොලිස්පතිවරයාගෙන් සිදුවන සේවාවට වඩා සේවාවක් සිදුවනු ඒකාන්තය. මන්ද වත්මන් පොලිස්පතිවරයා සිදුකරන්නේ සියල්ල අවුල් කිරීමය. ඔහු ඉන්නවාද කියා හෝ ජනතාවට නොදැනෙන අතර ඔහු ඉන්නා බව දැනෙන්නේ යම් අවුලක් ඇතිවිටය. ඒ තරම් ඔහු අවුල් කිරීමට සූරයෙකි. පොලිස්පතිවරයා සූර අවුල්කරුවෙකු වන අතර ග්‍රේරෝ පොලීසියට ලැබෙන අවුල් ලිහන්නට සූරයෙකි. 
 
ග්‍රේරෝ ඔබට සුබ අනාගතයක්......

 

 

නවතම පුවත්