21 September 2018
RSS Facebook Twitter   

අගමැතිතුමනි, පර්ස් එක බලාගෙනයි!

 

ranil madawaඅද (20) අගමැති කාර්යාලය වන අරලියගහ මන්දිරයේ පැවති අවුරුදු උත්සවයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිටුපසින් මේ සිට ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ කුප්‍රකට චරිතයක් වන මාධව වත්තෙගෙදර නැමැති අයෙකි. මෙම පුද්ගලයා මෙම ස්ථානයට කෙසේ පැමිණියේද යන්න පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඔහු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සමග උත්සවයට සහභාගි වීමට පැමිණි බවයි. මෙවන් පුද්ගලයන් පිළිබඳව අගමැති ඇතුළු ආණ්ඩුවේ දේශපාලඥයන් දැනුවත් විය යුතු නිසා මෙම මාධව වත්තෙගෙදර නැමැත්තා පිළිබඳව කෙටි සටහනක් තබන්නෙමු.

 

මෙම මාධව වත්තේගෙදර පදිංචිව සිටින්නේ කොළඹ 07, රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිවසේය. එම නිවස පවා ඔහුට හිමිවී ඇත්තේ ව්‍යාජ ඔප්පුවක් මතය. ඊට අමතරව කොළඹ 07 වෝඩ් පෙදෙසේ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියට හිමි නිවසක් ව්‍යාජ ඔප්පුවක් සාදා විකිණීම මගින් අධිකරණයේ විවෘත වරෙන්තුවක් නිකුත් වූ අතර එයින් බේරීම සඳහා මෙම තැනැත්තා ඉන්දියාවට පලාගොස් සිටියදී මගෝඩි වැඩ සඳහා ආචාර්ය උපාධියක් ලබා සිටින මර්වින් සිල්වා හරහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට පගාව දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම මාධව වත්තෙගෙදර යනු බණ්ඩාරනායක පවුලේ සේවිකාවක වූ මැණිකා නැමැත්තියගේ පුත්‍රයාය. ඇය කළ සේවය සලකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ඇල්විටිගල නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදී ඇති අතර මාධව විසින් එම නිවස ඒ අසල ඇති ‘විමල් උකස්කරුවන්'  වෙත උකස් තබා තිබේ. අවසානයේ ජීවිතයම සේවය කිරීමෙන් ලද තුටු පඬුරද තම මෑනියන්ට අහිමි කළ මාධව වත්තේගෙදර පිළිබඳව තවත් විස්තර අවශ්‍ය නම් වංචා විමර්ශණ අංශයෙන් හා රහස් පොලීසියෙන් ලබා ගත හැක. මොහු දෙවියන් යැදීම සහ යාගහෝම යන්ත්‍ර මන්ත්‍ර දැඩි ලෙස විශ්වාස කරන්නෙකි. එය අනුන්ගේ දේපළ කොල්ලකන දූෂිත පුද්ගලයින්ගේ පොදු ලක්ෂණයකි. ඔහු නන්දිමිත්‍ර ඒකනායක ඇමතිවරයා සමග ඉන්දියාවේ දේවාලයකදී හිස බූ ගා සිටින ඡායාරූපයක් පහතින් පලවේ.

එසේ හෙයින් අපට අගමැති තුමාගෙන් ඇසීමට සිදුවන්නේ ‘අද අවුරුදු උත්සවය වෙලාවේ පර්ස් එක නැතිවුනේ නෑ නේද?' කියාය.

nandimithra madawa

 

 

 

නවතම පුවත්