25 June 2018
RSS Facebook Twitter   

අභිරහස් මරණයේ රස පරීක්ෂක වාර්තාව අවුරුදු 3 කට පස්සේ ඇවිත්

 

1-2thaරග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් විය නොහැකි බව වසර 3 කට පමණ ආසන්න කාලයක් ගෙවී ගිය පසු පොලීසිය පවසයි. තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා ඉකුත් පෙබරවාරි 12 නිකුත් විය.

 

අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව (CID) මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

ඒ මහතා  පවසා සිටියේ ‘විද්‍යාත්මක සාක්ෂි සහිත නීතිපති වාර්තාව හා අධිකරණ නිලධාරීවරයාගේ සහතිකය අනුව මෙම මරණය හදිසි අනතුරක් නොවේ. දෙවන අදියරයේ විමර්ශණ කටයුතු රජයේ රසපරීක්ෂක වාර්තාව හා අධිකරණ වෛද්‍ය නිලධාරි වරයාගේ වාර්තාව  අනුව ආරම්භ කරනවා' යනුවෙන් මාධ්‍යට පවසා තිබුනි.

2012 මැයි 17 වෙනිදා අලුයම තජුඩීන් මහතා මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී වැල්ලවත්තේ පිහිටි නිවස බලා යමින් සිටියදී නාරාහේන්පිටදී අභිරහස්‌ අන්දමින් ඝාතනයට ලක්‌විය. ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ.

කෙසේ වෙතත් පෙරදී අප කළ වාර්තා සනාථ කරමින් මෙම අභිරහස් මරණය පිළිබඳ විමර්ශණ නැවත කරලියට පැමිණීමෙන් මියගිය තජුඩීන්ට මෙවර හෝ යුක්තිය ඉටුවේයැයි අප බලා සිටිමු.

සබැඳි පුවත්

තජුඩීන්ගේ අභිරහස් මරණයේ තතු හෙලිවන ලකුණු!

 

 

 

නවතම පුවත්