23 July 2018
RSS Facebook Twitter   

‘මෛත්‍රී ගේන බව මෛත්‍රීවත් දන්නෙ නැහැ' - චන්ද්‍රිකා

chandrika 06-1මොකද ඇත්ත වශයෙන්ම මම එතුමාට කියල තිබුණා මහින්ද නම් කරන්න අවුරුදු දෙකකට පෙර මම දේශපාලනයේ ඉන්නේ නැහැ කියල තීන්දු කරලනෙ තිබුණේ. මම හිතන්නේ ලංකා දේශපාලනයේ නායකයෙක් හැටියට අවුරුදු 60 දී ගෙදර ගිය එකම එක්කෙනා මම. මගේ පැහැදිලි තීන්දුවක් මත. මම කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. මම මේකෙන් සත පහක් හොයල නැහැ. තිබුණු ඒවා නැති කරගත්ත මිසක්. අම්මල තාත්තල අපි ඔක්කොම.

Read more...

‘මහින්ද මිනිත්තු 19 ක් කුණුහරුපෙන් බැන්නා'

 

chandrika 234(පළමුවැනි කොටස)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිරස ටීවී නාලිකාවේ ඉලක්කය වැඩසටහනට සහභාගී වෙමින් සිදු කළ සාකච්ඡාව. වැඩසටහන රොෂාන් ප්‍රිය වටවල මහතා මෙහෙයවීය.

Read more...

මේජර් නිශ්ශංක හෙලිකරන පාවෙන අවි ගබඩාවේ ඇත්ත කතාව

nissanka senadipathiපාවෙන නොයෙකුත් දේවල් ගැන නොයෙකුත් කතා මීට පෙර අප කොතෙකුත් අසා ඇත්තෙමු. පාවෙන පීරිසි, පාවෙන මාලිගා, පාවෙන පාලම්, පාවෙන පාරු, පාවෙන විදුලි බලාගාර ආදී දෑ කොතෙක්‌ද?

එහෙත් පාවෙන අවි ගබඩාවක්‌ පිළිබඳ පුවතක්‌ පසුගිය දිනවල අපි ඇසුවේ ප්‍රථම වතාවටය. මගේ මෙන්ම නිසැකවම මෙය කියවෙන ඔබගේත් කුතුහලය ඇවිස්‌සී මොකක්‌ද මේ පාවෙන අවි ගබඩාව කියා අපි සැවොම සොයන්නට වූයේ ඒ නිසාම විය යුතුය. Read more...

විධායක ක්‍රමය දිගටම පවතීවි - අතුරලියේ රතන හිමි

rathana theroනව ආණ්ඩුව විවිධ තනතුරු සඳහා සිදුකර ඇති විවිධ පත්වීම් ගැන ඔබ වහන්සේට තෘප්තිමත් විය හැකිද?

උදාහරණයක් ලෙස ජනාධිපතිතුමාගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ලෙස පත් කොට තිබෙනවා. Read more...

එවකට රාජපක්ෂලා විසින් මරා දැමීමට නියමිත වූවන්ගේ නම් ලැයිස්තුවේ මුලින්ම තිබිලා තියෙන්නේ ප්‍රගීත්ගේ නම ” – සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ -

unnamed

ඒ නොනිදන දෑස දැනුදු සන්සුන් ය. නොසන්සුන් සිතුවිලි වලට පිළිතුර සන්සුන් බව ම බැවිනි. කියා යාමට අමතකව ගිය එකදු වදනක් හෝ රහසේ සවනතට පැවසීමට ඔහු එතැයි ඈ තවමත් මඟ බලන්නී ය. පියා විසින් නිමවා තබා යන ලද ගුහා සිතුවම් රැසක් වම් පසෙහි තිබෙද්දී සංජය සහ හරිත්ගේ දෑඟිලි මතින් ගිලිහෙන එළිමහන් රේඛා සජීවී ය. එදා පුතුන් දෙදෙනාගේ ඇස් වලින් සිහින දුටු තාත්තා අද්දර අද, පුතුන් දෙදෙනා පිය දෑස මතින් සිහින දකින්නේ ය. අජීවී හදවත් ඇති පාලක මුග්ධයන් විසින් සොරකම් කරන ලද ” ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ “ගේ දෙනෙත සොයා යන්නවුන්ගේ පෝළිමට අප ද එදා පටන් සිත්වැල් තැනුවෙමු. අද ද අත්වැල් තබන්නෙමු. ඒ සවිමත් දෑතින් ගිලිහුණු මුවහත් වදනක් සේ ම උත්ප්‍රාසවත් සිතුවමකත් ඇති ” ඇත්ත ලෝකය ” අදත් අපට රිදුම් කැඳවන්නේ ය. ඒ හඬ නොමැතිව ගෙවී යන මේ පස් වසර අභියස යුක්තිය වෙනුවෙන් ම ඉදිරියෙන් ඇවිද යන “සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ ” අප විසින් මොහොතක් නවතා ගත්තෙමු. ඒ ජීවිතයට එබීමට අමුතු අන්වීක්‍ෂ අවැසි නොවන හෙයිනි…

- අද ,ජනවාරි 24වනදාට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වෙලා අවුරුදු 5ක්. මිනිස් අයිතිවාසිකම් දරුණු විදිහට කඩ කරපු ලාංකේය අවකාශෙකයි එවකට රාජපක්ෂ රෙජීමයෙන් ඔබේ ස්වාමි පුරුෂයව අතුරුදහන් කරන්නෙ…ඔබ හිතනවද මෛත්‍රී පාලනයක් ඇතුළෙ, නව බලධරයන් පත්වීම හරහා ඔබටත්,දරුවන්ටත් මේ ආදරණීය තාත්තා සහ ස්වාමි පුරුෂයා වෙනුවෙන් යුක්තිය ඉටු වෙයි කියලා…..?

ඔව්. මම විශ්වාස කරනවා මෛත්‍රී පාලනය ඇතුළෙ 2015 වසර අවසාන වෙන්නට පෙර ප්‍රගීත්ට, ප්‍රගීත් වෙනුවෙන් මටත් දරුවන්ටත් සත්‍යය සහ යුක්තිය ඉටුවේවි කියලා. මමත්, දරුවනුත් මේ රටේ සහ ලෝකයේ ජනතාවත් ඒ දවස එනතුරු බලා සිටිමු.

- අපි දුටුවා අතුරුදහන් කිරීම් වලට විරුද්ධව සිදු කරන සෑම උද්ඝෝෂනයකදිම ඔබ පෙරමුණුගත වෙනවා. මෑතකදි අරලියගහ මන්දිරේ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය දක්වාම…ඔබ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන හැටියට ප්‍රගීත්ගෙ අතුරුදහන් වීමට ඍජුව සම්බන්ධ වුණා යැයි කියන පිරිස් ඒ චෝදනා සම්බන්ධව මොනවද දක්වන ප්‍රතිචාර ? අපි දන්නා අන්දමට මෛත්‍රී පාලනය තුළත් ඒ පුද්ගලයන් සන්ධානගත වෙලා ඉන්නවා. මොකක්ද ඒ පිළිබඳ ඔබේ අදහස ?

ප්‍රගීත්ට සිදු වූ දේ පිළිබඳ ඕපදූප ගණනාවක් තියෙනවා. මේ කිසිම ඕපදූපයක් කෙරෙහි මගේ විශ්වාසයක් නැහැ. ප්‍රගීත් අතුරුදහන් වූ දවසේමයි මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඇඟිල්ල දිගු කළේ. මහින්දගේ මිනීමරු යාන්ත්‍රණය ( වීදි සුනඛයින්ගේ සිට මිනිසුන් දක්වා ) මෙහෙය වූයේ ගෝඨාභය රාජපක්ෂ කියන එක රහසක් නෙමෙයි. ප්‍රගීත්ව අතුරුදහන් කරවූයේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම යටතේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් කියලයි මම විශ්වාස කරන්නේ. මම එහෙම කියන්නේ, ප්‍රගීත් අතුරුදහන් වීම සිදුවීම් සමූහයක එක් අවස්ථාවක් පමණයි. 2009 අගෝස්තු මාසයේදී ප්‍රගීත් පැහැරගෙන ගොස් මුදා හැරීම, දූරකතන ටැප් කිරීම, ප්‍රගීත් පසුපස පුද්ගලයන්, අංක තහඩු ආවරණය කරන ලද වාහන ලුහු බැඳීම, එවකට රාජපක්ෂලා විසින් මරා දැමීමට නියමිත වූවන්ගේ නම් ලැයිස්තුවේ ප්‍රගීත්ගේ නම මුලින්ම තිබෙන බව හිටපු ඇමතිවරයෙකුගේ ලේකම් වන ‘ගුණදාස ජයලත්’ නම් පුද්ගලයෙක් ප්‍රගීත්ට ප්‍රකාශ කර තිබීම ආදී සිදුවීම් සමුදායක් තිබෙනවා. එසේම ප්‍රගීත් අතුරුදහන් වූවායින් පසු රාජපක්ෂලා හැසිරුණු ආකාරය, විවිධ පුද්ගලයන් ලවා මඩ ගැසීම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පොල් ගැසුවාට පසුව එවකට ජනාධිපති රාජපක්ෂ එදිනම පත්තිනි දේවාලෙටයි, කාලි කෝවිලටයි යෑම මම හිතන්නේ ඒ අය අනියමාර්ථයෙන් වරද පිළිගන්නවා කියලයි.

- දැන් කොහොමද ජීවත් වෙන්නෙ ?

බත් පැකට් විකුණලා සහ සහෝදරයින්ගේ, හිතවතුන්ගේ උදව්වෙන්.

- අපි දැක්කා පශ්චාත් යුද සමයෙ දොරින් දොරට කෙරෙන අතුරුදහන් කිරීම්.ඒ වගේම තහනම් නියෝග කාල සීමාව අහෝසි වූ පසුත් නීති විරෝධී රඳවා තබා ගැනීම්… ඊට හොඳම උදාහරණය “බාලේන්ද්‍රන් ජෙයකුමාරි”. ඇය තමන්ගෙ අතුරුදහන් වූ පුත්‍රයා වෙනුවෙන් දියණිය විබූසිකා සමඟ හැමවිටම යුක්තිය ඉල්ලා පෙනී සිටියා. අන්තිමට ඇයටත් සාවද්‍ය චෝදනා පවරා සිංහල ආණ්ඩුව අත්අඩංගුවට ගන්නවා. දකුණෙදි මාධ්‍යවේදී ප්‍රගීත්ව අතුරුදන් කරන රාජපක්ෂ ම උතුරෙදි ජෙයකුමාරිට සියල්ල අහිමි කරනවා ; නිදහසේ හුස්ම ගැනීම පවා. එවැනි මොහොතක ඔවුන්ගෙන් ඔබට මොනවද තිබුණ තර්ජන ගර්ජන සහ තාඩන පීඩන ? ඔබේ දරුවන්ට මේ මුග්ධ පාලනාධිකාරියෙන් ගැලවීමක් ලැබුණද ?

හිටපු රාජපක්ෂගේ යාන්ත්‍රණය ජෙයකුමාරිටත්,මටත් එකයි. ඒත් ජෙයකුමාරිලාගේ සහ අපේ පරිසර ස්වභාවය වෙනස්. බුද්ධි අංශයේ (සී.අයි.ඩී) නිලධාරීන් මා පසුපස ලුහු බැඳීම , මන්ත්‍රීවරුන් සහ විවිධ පුද්ගලයන් ලවා ප්‍රගීත්ටත් මටත් අපහාස කිරීම, බොරු චෝදනා කිරීම, නිර්නාමික දූරකතන ඇමතුම්, අසත්‍ය මාධ්‍ය ප්‍රචාරය කිරීම් හැර මා අත්අඩංගුවට ගත නොහැකි ආරක්ෂාවක් අරගලය තුළින් මට තිබුණා කියලයි මට හිතෙන්නේ.

ඒ වගේම මුග්ධ රාජපක්ෂලාගෙන් මේ රටේ දරුවන්ට නිදහසක් නොතිබූ බව මේ රටේ ජනතාව දන්නවා නේද…රාජපක්ෂට සේ ම දරුවන්ට හිරිහැර කළ අරුන්දිකලාට, මොහාන් පීරිස්ලාට මේ රටේ නීතියෙන් කෙසේ වෙතත් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙන බව ඒකාන්තයි.

- දැන් ජාතිවාදී රාජපක්ෂ රෙජීමය දේශපාලනික වශයෙන් පරාජයට පත්වෙලා ඉන්නෙ. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් හැටියටත්, යුක්තිය ඉල්ලා සිටින භාර්යාවක් හැටියටත් ඔබට මේ මොහොත ඉතාම වැදගත්. මොකද පරණ ක්‍රමයම වුණාට දැන් ගතවෙන්නෙ තාවකාලික විවේක කාලයක්. ඉදිරියෙදි ප්‍රගීත් වෙනුවෙන් ‘යහපාලන ක්‍රියාවලිය’ තුළ මොකක්ද ‘ ඔබේ සටන ? ‘

මම හිතන්නේ මට විවේක ගන්න බැහැ. ඒ ” රාජපක්ෂ රෙජීමය පරාද වුණාට ප්‍රගීත්ට, අපට සත්‍යය සහ යුක්තිය ඉටුවෙලා නැහැ. මම වගේම තවත් ගොඩාක් දරුවන් අහිමි මව්වරුන් – සැමියන් සහ බිරින්දෑවරුන් මේ රටේ ඉන්නවා. මේ හැමෝටම යුක්තිය ඉටු වනදාට තමයි, සැනසුම් සුසුම් හෙළන දාට තමයි අපට සැබෑ විවේක කාලය පැමිණෙන්නේ. ” යහ පාලනයේදී වුවත් අපට සිදු වන්නේ සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් සටන් කිරීමටයි! ”

කතාබහ සහ සටහන – කසුන් මහේන්ද්‍ර හීනටිගල | Courtesy - VP

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍දින සියයකින් සියල්ල කරන්න බෑ! - අනුර කුමාර දිසානායක

anura kumaraආණ්‌ඩුවේ දින 100 වැඩසටහන තුළින් කළ හැක්‌කේ සීමිත කාර්යභාරයක්‌ පමණක්‌ බවත් ඒ නිසා ඒ ගැන විශාල සිහින ලෝකවලට යා යුතු නැති බවත් මේ සීමිත කාලය තුළ ව්‍යවස්‌ථා සංශෝධන හා වංචා දූෂණ වැළැක්‌වීම සඳහා වූ ශක්‌තිමත් ආයතන පද්ධතියක aපිහිටුවීම ආදී කරුණුවලට මුල් තැන දෙන බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක හා ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක මහතා පැවැති සාකච්ඡාවකදී පැවසීය. Read more...

මේ විවර වන්නේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රාජ්‍යයක දොරටුවයි – පී.බී. වරාවැව හිටපු මහාධිකරණ විනිසුරු

 

warawewaඑජාප හිටපු මහ ලේකම් කුණ්ඩසාලේ ආසන සංවිධායක තිස්ස අත්තනායක සන්ධානයට එකතුවුණා. මෙම පක්ෂ මාරුව එජාපයේ නුවර ජනපදනමට බලපෑමක් කළාද?

නැහැ කියන එක තමයි කෙටිම පිළිතුර. මේ මනුස්සයාට ඡන්ද පදනමක් නැති නිසා තමයි ජාතික ලැයිස්තුවට රිංගා ගත්තේ. ඔහු පක්ෂය ඇතුළේ පසුගිය කාලයේ ක‍්‍රියාත්මක වුණු විදිහ බැලූවාම හොඳට තේරෙන දෙයක් තමයි ඒ කාලේ ඉඳලාම මහින්ද ජනපති සමග ඔහු සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා. මම මේ පුද්ගලයාට කියන්න කැමතියි කුණ්ඩසාලේ ආසනයේ මැණික්හින්න ප‍්‍රාදේශීය සභාවට ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා. පසුගිය කාලයේ එජාපයේ ජනපදනම බිඳුණේ මෙවැනි ආසන සංවිධායකවරු නිසා. මොකද ඔවුන් ජනතාව පිළිබඳව ඇල්මකින් කටයුතු කළේ නැහැ. ජනතාව ගැන සොයලා බැලූවේ නැහැ. දැන් එජාපයට තිබුණු ප‍්‍රශ්න සියල්ලම වගේ විසඳිලා අවසානයි. දැන් එජාපය ජයග‍්‍රාහී මාවතට ඇවිල්ලා ඉන්නේ.

Read more...

'මගේ මුරණ්ඩුකම සමාජ සාධාරණත්වය වෙනුවෙන්' - ජයතිලක බණ්ඩාර

jayathileka bandara mainජයතිලක බණ්ඩාර හා ප්‍රවණතාත්මක කලාව අතර ඇති සම්බන්ධයට දීර්ඝ අතීතයක් තිබේ. 1971 අප්‍රේල් නැගිටීමේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව විහිදෙන ඔහුගේ කැරළිකාරී දේශපාලන සහ නිර්මාණ භාවිතාව දුලබ පිළිවෙත්ගරුක භාවය පිළිබඳ කැඩපතකි. Read more...

මගේ න්‍යාය පත්‍රයේ බෙදුම්වාදයට කිසිම ඉඩක්‌ නැහැ - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

Mahinda-Rajapaksaජනාධිපතිවරණයට සතියකට පෙරදී ඔහු හමුවන විට පිටියේ උණුසුම හොඳටම වැඩි වී තිබුණත්, ඒ උණුසුම වෙනුවට සුහදශීලී සිනහවකින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපව පිළිගත්තේය. ඒ "ඕන ප්‍රශ්නයක්‌ අහන්න" යන විවෘත ආරාධනාවෙනි. ඒ සමග ඇරඹුණු සංවාදයේ සටහනයි මේ. Read more...

සුභ නව වසරක් වේවා!!

newyear in

උතුර දකුණේ හපයක් වෙලා - යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල්

swaminadanවත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දකුණේ පවතින සක‍්‍රියභාවය උතුරෙත් පවතිනවාද?

උතුරේ එහෙම නැහැ කියන්න බැහැ. උතුරටත් මේ ජනාධිපතිවරණයේ උණුසුම දැනෙනවා. යුද්ධය අවසන් වුණාට පස්සේ පවතින දෙවැනි ජනාධිපතිවරණය තමයි මේ. ඒ නිසා පළමු ජනාධිපතිවරණයටත් වඩා සක‍්‍රියභාවයක් අද උතුරේ පවතිනවා. Read more...

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...