22 January 2018
RSS Facebook Twitter   

විදුලි පුටුව විකිණීමට තිබේ

chandraguptha thenuwara‘ඒකාකාරය’, ‘සමාධිය හා වෙනත් කෘති’, ‘බැරල්වාදය’, ‘නව්‍ය බැරල්වාදය’ ආදි චිත්‍ර හා මුර්ති ප්‍රදර්ශන වසරක් පාසාම ජූලි මාසයේදී පවත්වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මේ මස 24 සිට 30 දක්වා ලයනල් වෙන්ට් කලාගාරයේ පවත්වන ඔහුගේ අලුත්ම ප්‍රදර්ශනය නම් කොට තිබෙන්නේ ‘විදුලි පුටුව විකිණීමට තිබේ’ යනු‍ෙවනි.
 
ඇයි ඔබ මෙවර ප්‍රදර්ශනයට ඒ නම තැබුවේ?
 
පසුගිය කාලේ බලයේ සිටි රෙජිමය ජනතාවගේ අනුකම්පාව දිනාගන්න කළ ප්‍රකාශයක් තමයි මෙන්න අපිව විදුලි පුටුවට ගෙනයන්න හදනවා කියන කතාව. ඒත් දැන් ඒ මවාපෑම් කළ රෙජීමය අවසන්. ඉතින් දැන් විදුලි පුටුවට කරන්න දෙයක් නෑ. විකුණලාවත් දාන්න තමයි තියෙන්නේ.
 
එදා පාලකයා විදුලි පුටු කතාව කියද්දී 2002 – 2004 කාලෙදිත් අගමැතිවරයාව සිටිය වර්තමාන අගමැතිවරයා. එදා පැහැදිලිවම අපි රටක් විදියට අත්සන් නොකළ ඒ ජිනීවා සම්මුතියේ විදියට එහෙම දෙයකට ඉඩක් නැහැ කියද්දිමයි හිටපු පාලකයා ඒ කතාව පුන පුනා කිව්වේ.
 
භීතියට පත්වෙච්ච මිනිස් කැළක්, ඔවුන්ට දැනගන්න බැරිවෙච්ච ෆයිල් ලන්තයක් ආදිය ඔබේ සමහර නිර්මාණවලින් මතුකර පෙන්වන බව ඇතැම් විචාරකයන් අදහස් දක්වා තිබුණා. එහෙමනම් ඔබ අපි ගතකරමින් සිටින මේ කාලය හඳුන්වන්නේ කොහොමද?
 
ඔවුන් නැවතත් ඒ බිය පතුරුවන්නට උත්සාහ දරමින් සිටින්නේ. තවදුරටත් නඩත්තු කරන ඒ බිය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව තමයි මට අවධාරණය කරන්න තියෙන්නේ.
 
අපේ චිත්‍ර පිළිබඳ විචාර කලාවක් ගොඩනගා ගැනීමට ඔබේ යෝජනා මොනවාද?
 
හුඟක් චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රදර්ශන පිළිබඳ කතාබහක් ඇතිවෙන්න තරම් කාලයක් නැහැ. ඒ තරම් කෙටි කාලයකින් ඒ ප්‍රදර්ශන නිමාවීම තමයි එතැන තියන ගැටලුව.
 
සති කිහිපයක් මේ ප්‍රදර්ශන පවත්වන්න පුළුවන් නම් කොළඹින් බැහැරව කලාගාරවල පවතින හිඟකමත් සමඟ වැඩි පිරිසකට පැමිණ ඒවා නරඹන්න පුළුවන් වෙයි. ඒ නිර්මාණ පිළිබඳ කතාබහක් ඇතිවෙන්නත් එය රුකුලක් වෙනවා. ඒ අනුව වසර කිහිපයකින් කලා සහ විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධයක් ඇතිව ඒ පිළිබඳ සැබෑ ‍වෙනසක් කිරීම අපහසු වන්නේ නැහැ.
 
මෙවර ප්‍රදර්ශනයේ විශේෂතා හඳුන්වා දුන්නොත්?
 
විදුලි පුටුව සහ චක්‍රායුධ නිර්මාණවලට අමතරව මගේ දේශපාලනික ප්‍රවේශයේම තවත් දිගුවක් වන මේ ප්‍රදර්ශනයේදී වචන මත එල්බගත් බවක් පෙන්නුම් කරන අපේ සමාජයේ වහරණ ඇතැම් වචන සහ වචන එකතු මෙවර මා ප්‍රදර්ශනයට එකතුකරගෙන තිබෙනවා.
 
(දිනමිණ)

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...