21 July 2018
RSS Facebook Twitter   

අපි රටේ අවශ්‍යතාවයට වෙනස් වුනා - චම්පික රණවක

champika ranawaka 12ප්‍ර - ඔබේ නායකත්වයෙන් යුත් එක්‌සත් යහපාලන ජාතික පෙරමුණ මෙවර මැතිවරණයට දිස්‌ත්‍රික්‌ක කීයකට තරග කරනවාද?

පි - අපි සෑම දිස්‌ත්‍රික්‌කයකටම තරග කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට දිස්‌ත්‍රික්‌ක 10 ක නාම යෝජනා සූදානම්. මේ වන විට (බ්‍රහස්‌පතින්දා) අනික්‌ ඒවා සකස්‌ කරමින් පවතිනවා. අපි අර ඉස්‌සර වගේ ලැයිස්‌තු පුරවන්නෙ නැහැ. ඉස්‌සර යාපනයට දැම්මේ දකුණේ අයයි. මේ පාර අපි යාපනයේ අයම යාපනයට ඉදිරිපත් කරනවා.

ප්‍ර - පක්‍ෂයක්‌ වශයෙන් මැතිවරණයට තරග කරන්නේ තනියමද? නැත්නම් සන්ධානයක්‌ හැටියටද?

පි - සන්ධානයක්‌ හැටියටයි අපි තරග කරන්නේ. මොකද මේකට ප්‍රධාන හේතුව වුණේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෙච්ච නැති සිවිල් සංවිධාන, ඒ වගේම බිම් මට්‌ටමේ වැඩ කරපු අය, එවැනි විශාල පිරිසක්‌ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. ඒ පිරිස්‌වලට වේදිකාවක්‌ නැතුව ගියා. එක්‌සත් ජාතික පක්‍ෂයයි, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි අතර ඇතිවෙච්ච ද්විත්ව බල දේශපාලනය නිසා අන්න ඒ පිරිසට නව දේaශපාලන වේදිකාවක්‌ ඇති කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍ර - මොන මොන සංවිධාන ද, මොන මොන පක්‍ෂද යහපාලන පෙරමුණ සමග එක්‌aවී සිටින්නේ?

පි - මට කියන්න ඕන පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයට වැඩ කළ වෘත්තීය සමිති, කාන්තා සංවිධාන, බහුජන සංවිධාන, ස්‌වාධීන වෘත්තීයවේදීන්, ගම්වල ස්‌වෙච්ඡා සංවිධාන, පරිසර සංවිධාන ඒ සියල්ලම අපි මේ පෙරමුණට එකතු කර ගන්නවා.

ප්‍ර - දේශපාලන පක්‍ෂත් එක්‌වී සිටිනවාද?

පි - පක්‍ෂ කියල අපි විශේෂ අවධානයක්‌ නැහැ. පක්‍ෂවලින් වෙන්වෙලා ගිය විශාල පිරිසක්‌ අපිත් එක්‌ක එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා එකේ, යූ.ඇන්.පී. එකේ සහ ජවිපෙ ආදි පක්‍ෂවලින්.

ප්‍ර - එතකොට "පිවිතුරු හෙටක්‌" සංවිධානය හා යහපාලන ජාතික පෙරමුණ අතර පවතින සම්බන්ධය කොහොමද?

පි - "පිවිතුරු හෙටක්‌" න්‍යාය පත්‍රය තමයි අපි ඉදිරියට ගෙනියන්නේ. එහි ප්‍රතිපත්ති තුළ ගැබ්වෙලා තිබුණේ රටේ යහපාලන ප්‍රතිසංස්‌කරණනේ. අපි පදනම් වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මතයි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම් වෙලා යහපාලන ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනය සම්බන්ධ වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

ප්‍ර - රතන හාමුදුරුවොත් මීට සම්බන්ධ වෙනවාද?

පි - ඔව්. සම්බන්ධ වෙනවා.

ප්‍ර - උන්වහන්සේ පසුගියදා පවත්වපු මාධ්‍ය හමුවට සෝමවංශ මහත්තයත් ඇවිත් හිටියා.

පි. ඔව්. සෝමවංශ මහත්තයත් අපිත් සමග සම්බන්ධ වෙනවා. ඔහු අපෙන් තරග කරනවා. කළුතර දිස්‌ත්‍රික්‌කයට.

ප්‍ර - රතන හාමුදුරුවෝ වෙනම මාධ්‍ය හමුවක්‌ පැවැත්වීම නිසා හුඟ දෙනෙක්‌ හිතුවේ යහපාලන ජාතික පෙරමුණයි උන්වහන්සේයි අතර භේදයක්‌a තියෙනවා කියලයි.

පි - නැහැ... නැහැ... කිසිම භේදයක්‌ නැහැ.

ප්‍ර - යහපාලන ජාතික පෙරමුණ විසින් මැතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ හදලා තියෙනවාද?

පි - ඔව්. අපි හදනවා. ඒක විශාල ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ නොවෙයි වැඩපිළිවෙළක්‌. ඒක පදනම් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශය මත. ඒකෙ තිබූ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරමින් මනාප ක්‍රමය නැති කිරීමත් රාජ්‍ය අංශයේ කළයුතු ප්‍රතිසංස්‌කරණත්, ඒ වගේම විශේෂයෙන් කරුණු කිහිපයක්‌ අපි අවධාරණය කරනවා. ආහාරවලින් රට ස්‌වයං පෝෂණය කරන වැඩපිළිවෙළක්‌, ඖෂධ මෙරට නිෂ්පාදනය කොට ඖෂධ අතින් ස්‌වයං පෝෂණය වීමේ වැඩපිළිවෙළක්‌, රටේ තෙල් සම්පත ඉන්ධන හා ගෑස්‌ පාවිච්චි කරන අනාගතයට හරිත බලශක්‌තිය ඇතිකරන ඉන්ධනවලින් ස්‌වයංපෝෂිත වීමේ වැඩපිළිවෙළක්‌. ඒ වගේම මත්ද්‍රව්‍ය වස විස රසායනවලින් තොර ආහාර ජනතාවට ලබා ගැනීම තහවුරු කරන වැඩපිළිවෙළක්‌. ඒ වගේම පස, ජලය, වායුව, සංරක්‍ෂණය කරන වැඩපිළිවෙළක්‌, මිනිස්‌සු ආධ්‍යාත්මික වශයෙන් ගොඩනංවන සමාජ වැඩපිළිවෙළක්‌, ඒ වගේම අධ්‍යාපනයේ තියෙන ජනප්‍රිය පාසල් උමතුව කෙළවර කරන වැඩපිළිවෙළක්‌, ඒ වගේම "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" කියලනේ අපි කලක්‌ කිව්වේ. ඒ වෙනුවට "මතු රැකෙනා ශිල්පයමයි උගතමනා" කියන තේමාව යටතේ අධ්‍යාපනය වෙනස්‌ කිරීමේ වැඩපිළිවෙළක්‌, සෞඛ්‍ය අංශයෙන් ප්‍රතිකාර ගැනීමේදී මහජනයා පත්වෙලා තියෙන පීඩාවෙන් ඔවුන් ගලවාගෙන ඉදිරියට ගෙන යැම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ අපි ඉදිරිපත් කරනවා.

අපේ වැඩපිළිවෙළේ වෙනස මේකයි. අනික්‌ හැමෝම කතා කරනවා විතරයි. කවුරුත් ඕව අත්හදා බලල නැහැ. අපි ප්‍රායෝගිකව අපේ අමාත්‍යාංශවල කතා කරල අත්හදා බලල සාර්ථකව ජයග්‍රහණය කරපුවා තමයි අපි මේ රටට ඉදිරිපත් කරන්නේ.

ප්‍ර - මොන වගේ ඒවද?

පි - උදාහරණයක්‌ වශයෙන් පරිසර අමාත්‍යාංශයේ වෙනසක්‌ කළා. බලශක්‌ති ක්‌ෂේත්‍රයේ වෙනසක්‌ කළා. එදා ලංකා විදුලිබල මණ්‌ඩලය කියන්නෙ ණය බරින් මිරිකිලා ආර්ථිකයට බරක්‌ වූ ආයතනයක්‌. නමුත් දැන් විදුලිබල මණ්‌ඩලයට භාණ්‌ඩාගාරයෙන් සතයක්‌වත් අරන් නැහැ. ඒ වගේම ලංකා විදුලි බල මණ්‌ඩලයේ සංවර්ධන කටයුතු කරගෙන යන්නේ මණ්‌ඩලය විසින්මයි. ඒ වගේම රටේ 100% කට විදුලිය දීල තියෙනවා. ඒ බලශක්‌ති ක්‌ෂේත්‍රයේ ඇති කරපු ඒ වෙනස අපි කරා. තෙල් සංස්‌ථාව ණය බරින් අපි මුදාගන්නවා. අපි ආදර්ශයක්‌ දීල කරපුවා මේවා. ඕන කෙනකුට විවේචනය කරමින් අපි ලස්‌සන රටක්‌ හදනවා කිය කියා ඉන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව මහපොළොවේ අපේ අමාත්‍යාංශවල කරපුවා තමයි කියන්නේ. මා තාක්‍ෂණ අමාත්‍යාංශයේ ඉන්න කාලෙ 70,000 ක්‌ ස්‌වයං රැකියාවලට යොමුකළා. කිසි වියදමක්‌ නැතිව දිවි නැඟුම අමාත්‍යාංශය වගේ කෝටි ගණන් විනාශ කරපු ප්‍රචාරක වැඩපිළිවෙළවල්වලින් නොවේ. කටහඬ පාවිච්චි කරල මම ඒක කරා. ඒ තත්ත්වය රටටම දෙන්න තමයි අපි ඉදිරියේ සැලසුම් කරන්නේ. මේ රට ගොඩදාන්න අපට බාර දෙන්න කියලා ඉල්ලන්නෙ ඒකයි.

ප්‍ර - යහපාලන ජාතික පෙරමුණ කලක්‌ ජාතික හෙළ උරුමය වශයෙන් පවතිද්දී පක්‍ෂය තුළ භික්‍ෂූන් වහන්සේලාට ප්‍රධාන තැනක්‌ තිබුණා. මෙවරත් එහෙමද?

පි - ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ වැඩපිළිවෙළේදී අපට භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛයි. ජාතික ශාසනික වැඩපිළිවෙලක්‌ අපේ තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි අත්හැරල නැහැ. දිගටම ගෙනියනවා.

ප්‍ර - භික්‍ෂූන් වහන්සේලා මෙවර මැතිවරණයට ඉදිරිපත් කරනවාද?

පි - ඔව්. හොඳ භික්‍ෂූන් වහන්සේලා ගණනාවක්‌ ඉදිරිපත් කරනවා.

ප්‍ර - මෙවර මැතිවරණය පැවැත්වෙන්නෙත් මනාප ක්‍රමය යටතේ. කොහොමද එහිදී පක්‍ෂය කටයුතු කරන්නේ?

පි - අපි කැමැති වුණත් අකමැති වුණත් ඒක රටේ නීතියක්‌. ඒ අනුව අපටත් කටයුතු කරන්න වෙනවා. අපේක්‍ෂකයන්ගේ අංකවලට මනාප ඉල්ලන්න වෙනවා.

ප්‍ර - මේ රටේ සමහර මාධ්‍ය ඔබේ විවේචනයට ලක්‌වෙනවා. ඇයි ඒ?

පි - මේ රටේ මාධ්‍ය නිදහසට ප්‍රශ්නයක්‌ නැහැ. මාධ්‍යවල අද ප්‍රශ්නය විවිධ ක්‍රමවලට සල්ලි උපයා ගන්න ජාවාරම් කාරයන් පිරිසක්‌ මාධ්‍යය හැසිරවීමට යැම තමයි අද තිබෙන ප්‍රශ්නය. මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වෙලා තියෙන්නේ කලු සල්ලි කාරයන්ගෙන්. ඒකයි ලංකාවෙ මාධ්‍යවලට තිබෙන ප්‍රශ්නය. අන්තිම පහත් විධියේ මාධ්‍ය කලාවක්‌ ගෙනියනවා කලු සල්ලිකාරයො තමන්ගෙ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට. මොන මාධ්‍ය කලාවක්‌වත් ඔවුන්ගෙ නැහැ. රාජ්‍ය මාධ්‍යවලවත් අපේ ඒවා දාන්නේ නැහැ. මෑත කාලෙ රාජ්‍ය රූපවාහිනියකට මා ගිහින් තියෙන්නේ එක වතාවයි.

ප්‍ර - භාණ්‌ඩාගාර බැඳුම්කර විකිණීමේ සිද්ධිය ගැන රටේ ලොකු ආන්දොaලනයක්‌ තියෙනවා. ඔබත් ආණ්‌ඩුවෙ ඇමැතිවරයෙක්‌. මොකක්‌ද ඒ ගැන කියන්නේ.?

පි - මෙහෙමයි. පැහැදිළිවම කියනවා ඒකෙන් වංචාවක්‌ වුණා කියලා. ඒක ඉතා පැහැදිළියි. ඒක ඕනම තැනක ඔප්පු කරන්න අපට පුළුවන්. ඔය විශේෂ බැඳුම්කරය නිකුත් කරන්න කලිනුත් බැඳුම්කර නිකුත් කරල තියෙනවා. ඊට පස්‌සෙත් නිකුත් කරල තියෙනවා. මේ විශේෂ අවස්‌ථාවෙ පොලී අනුපාතයේa වැඩිවීමක්‌ තිබෙනවා. ඒ වගේම මේ සෙල්ලම අද ඊයේ කරපු සෙල්ලමකුත් නොවෙයි. මේක මීට කලින් ඉඳන්ම කරගෙන ගිය සෙල්ලමක්‌. ඒකෙ තියෙන විශේෂත්වය තමයි දශම එකක්‌. දශම දෙකක්‌ නොවෙයි සියයට 4 ක විතර ගැප් එකක්‌ ඇතිව මේක කරපු එක. මේ අර්ජුන් මහේන්ද්‍රන් පත් කරද්දීත් අපි කැබිනට්‌ එකේදී විරුද්ධ වුණා. ඇත්ත වශයෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂය පළමු පියවරේදීම ඔහු ඉවත් කළ යුතුව තිබුණා. ඒක කළේ නැත්තෙ මේකෙ දුරදිග ගිය ගැඹුරු සම්බන්ධතා තිබුණු නිසා. ඒකෙන් ඇත්තටම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයගේ පවිත්‍රභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක්‌ නැඟුනා.

ප්‍ර - ජාතික හෙළ උරුමය වශයෙන් තිබූ ඔබේ පක්‍ෂය ඇයි මේ එක්‌සත් යහපාලන ජාතික පෙරමුණ වශයෙන් වෙනස්‌ කළේ?

පි - එක එක අවස්‌ථාවල රටේ අවශ්‍යතාවන් අනුව වෙනස්‌ වෙන්න වෙනවා. ජාතික හෙළ උරුමය එහෙමම තියෙනවා. මේ පෙරමුණ මැතිවරණය සඳහා පමණයි. මැතිවරණයෙන් පස්‌සෙ ආයෙත් ජාතික හෙළි උරුමය හැටියට ක්‍රියාත්මක වෙනවා. අපි මේ පෙරමුණ පිහිටුවීමෙන් කළේ යහපාලනය වෙනුවෙන් පෙනී ඉඳල අනාථ වෙන්න ගිය ජනතාවට සංවිධානවලට පුද්ගලයන්ට සහ සමාජයට අපි වේදිකාවක්‌ හදල දීමයි.

ප්‍ර - රටේ විශාල ආර්ථික අර්බුදයක්‌ තිබෙනවා. මැතිවරණයෙන් පස්‌සෙ තෙල් මිල, බඩුමිල බදු ආදිය වැඩිවන බවට කතාවක්‌ පවතිනවා?

පි - මෙහෙමයි. ආර්ථිකය පසුගිය අවුරුදු පහේ ගියේ බුබුලුවලින්. පළවැනි එක ආවා ණයවර බුබුල. ඒක ඉක්‌මණින් ඉවර වෙමින් තිබෙනවා. අනික ඇමරිකා එක්‌සත් ජනපදයේ ආර්ථික අර්බුදයක්‌ ආවා. ඒකෙදී ඇමරිකා එක්‌සත් ජනපදය විශාල වශයෙන් සල්ලි අච්චු ගැසුවා. ඒවා එළියට ගත්තු ඇමරිකාවෙ ධනපතියෝ ලංකාවෙ වෙළෙඳසල්වල වැඩි පොලිsයට ඒවා ආයෝජනය කළා. දැන් ඇමරිකාවෙ ආර්ථිකය ශක්‌තිමක්‌ වෙලා. ඒ නිසා ඒ ගොල්ලො මෙහි ආයෝජනය කළ මුදල් ආපසු ඇමරිකාවට ගෙනියනවා. ඒ අනුව ඔවුන් ඩොලර් මිලියන ගණනක්‌ එළියට ඇදල තිබෙනවා. ඒකෙන් ක්‍රෙඩිට්‌ බබල් එක ඉවරයි. ඊට පස්‌සෙ මහින්ද රාජපක්‍ෂ පටන් ගත්තා. ඉදිකිරීමේ බුබුලක්‌. ඒ අධිවේගී මාර්ගය. කිසිම ආදායමක්‌ නැති ගුවන්තොටුපළවල්, වරායවල්, සමහරු අහනවා කෝ මෙගා ඩීල් කියලා. මේ ආණ්‌ඩුව ආවට පස්‌සේ අධිවේගී මාර්ග ගැන මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අතුල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වාර්තා දෙකක්‌ සකස්‌ කළා. ඒ වාර්තාවල තිබෙනවා මේවාට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා 50% කටත් වැඩියෙන් ඇස්‌තමේන්තු කර තිබෙන බව. ඒවා තාක්‍ෂණික වශයෙන් ඔප්පු වෙලා ඉවරයි. ඒවා අධිකරණයකින් ඔප්පු කරන්න බැරුව ඇති. නමුත් තාක්‍ෂණික වශයෙන් ඔප්පු වෙලා ඉවරයි. ඒ කන්ස්‌ට්‍රක්‌ෂන් බබල් එකත් ඉවරයි.

අනාගතේදී ඉතාම බලගතු ආර්ථික අර්බුදයක්‌ ඇති වීමට නියමිතයි. මේක තවත් ගී්‍රසියක්‌ වෙන්නයි යන්නේ. ඒක බේරගන්න ඔය කාටවත් බැහැ. ඒකට ශක්‌තිමත් වෘත්තීයවේදී නායකත්වයක්‌ ඕන. විවේචනවලින් පමණක්‌ බැහැ. ඔය ජනතා විමුක්‌ති පෙරමුණ හැමදාම කරන්නෙ විවේචන. කවදාවත් මේ ලෝකෙ බිහිවෙලා නැති සිහින මාලිගාවක්‌ ගැන. ඒ කොමියුනිස්‌ට්‌ සිහින මාලිගාවෙන් මේව විසඳන්න බැහැ. මේක මහපොළොවෙ විසඳන්න ඕන. ඒ සඳහා වෘත්තීයවේදීන් අවශ්‍යයි. වෘත්තීයවේදීන්ට රට බාරදිය යුතුයි. නැතිනම් මේක ග්‍රීසිය බවට පත්වේවි.

දිවයින

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...