22 January 2018
RSS Facebook Twitter   

මහින්ද හිතවාදී පිළ කියන්නෙ මේ රටේ පාදඩම දේශපාලඥයෝ ඉන්න පිළයි - සෝමවංශ අමරසිංහ

siriayyaපහත පළ වන්නේ, 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය සමඟ ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සිදු කළ දේශපාලන සාකච්ඡාවයි.

ඔබ පිහිටුවීමට යන නව පක්ෂයේ වැඩ කටයුතු කොහොමද?

පක්ෂයේ වැඩ කටයුතු ඉතා වේගයෙන් සාර්ථක ලෙස ඉදිරියට යනවා. පළවෙනි සමුළුව මේ විසි හත් වෙනිදා නව නගර ශාලාවේදී උදේ 10ට ඉතා හොඳින් සාර්ථක ලෙස පවත්වන්න බලාපොරොත්තු වෙනවා. සුජාත ලෙස මේ පක්ෂය පිහිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා.

සුජාත ලෙස පිහිටුවනවා යන්නෙන් ඔබ අදහස් කළේ කුමක්ද?
මම අදහස් කරන්නේ, සමුළුවේ සාමාජිකත්වය විසින් ඡන්දෙ දීලා තමුන්ගෙ පක්ෂෙ නම පක්ෂෙ කොඩිය පක්ෂ ව්‍යවස්ථාව සහ පක්ෂ නායකයෝ යන මේ සියල්ල පත් කරගන්න එක. ප්‍රජාත්‍රන්තවාදය සියයට සියයක් භාවිතා කරමින් ඒ සියලු දේ කරගන්නවා. ඒක තමයි දේශපාලන සුජාතභාවය.

ඉදිරි මහ මැතිවරණයේදී ඔබේ මේ නව පක්ෂය මහින්ද හිතවාදී පිළට සහාය දක්වනවාද?
නෑ. මහින්ද හිතවාදී පිළ කියන්නෙ මේ රටේ පාදඩම දේශපාලඥයෝ ඉන්න පිළයි.

ඒ කියන්නෙ ඔබේ පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී තනිවම ගමනක් යන බවද?
මහින්ද රාජපක්ෂ එක්ක විතරද එකතු වෙන්න ඕන... නෑ, එහෙම නෑ. මේ රටේ ඇත්ත ප්‍රජාත්‍රන්ත්‍රවාදය බිහි කරන්න ප්‍රගතිශීලී පෙරමුණක් බිහි වෙනවා. ඒ පෙරමුණත් එක්ක අපි එකට වැඩ කටයුතු කරනවා. මම ඒ පෙරමුණ ගොඩ නැගීමේ නිරත වෙලයි ඉන්නෙ. එක පැත්තකින් අපේ පක්ෂය ගොඩ නගනවා. අනිත් පැත්තෙන් මේ පෙරමුණ ගොඩනගනවා.

මීට වසර කීපයකට පෙරාතුව ජවිපෙන් ඉවත් වූ තවත් පිරිසක් අලුත් පක්ෂයක් පිහිටුවාගනු ලැබුවා. දැන් ඔබත් ජවිපෙ හිටපු නායකයා බව නොසළකා නව පක්ෂයක් පිහිටූවීමට සූදානම් වෙනවා. මේ නිසා අවසානයේ අසරණ වෙන්නෙ ජවිපෙ පිළිබඳව විස්වාසයක් තියන් ඉන්න සාමාන්‍ය මහජනතාව නේද?

වෙනම පක්ෂයක් නෙමේ. මේක තමයි ඇත්ත ජනතා විමුක්ති පෙරමුණ. ජවිපෙ උපතේ සිට පෙනී සිටි කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය. ප්‍රජාතන්ත්‍රවාදයට 2015 ජනවාරි අට වෙනිදා විශාලම තර්ජනයක් එල්ල වුණා 1962 කුමන්ත්‍රණයෙන් පස්සෙ. ඒ ගැන එක වචනයක් ජවිපෙ කතා කළේ නෑ. මම මාස තුනක් තිස්සේ විශාල අරගලයක් කළා ඒක අපි ජනතාව අතරට ගෙනියන්න ඕන කියලා. ගිනිහින් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඕන කියලා. ඒ කුමන්ත්‍රණය පරාජය නොකරපු එක තමා අද රට අරාජික වෙන්න හේතුව. මේක හෙළි කළා නම් මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා කටවල් වහගන්නවා. එහෙනම් මේ රට යන්නෙ වෙන ගමනක්. ඒක කරන්න බැරි වුණා ජවිපෙට.

ජනතා විමුක්ති පෙරමුණ රැකගෙන සිටි සටන් පාඨ අත් හැරලා. මේක උපාය මාර්ගික වරදක්. අපේ එක පීල්ලක් ප්‍රජාතන්ත්‍රවාදය අනිත් පීල්ල සමාජ සාධාරණත්වය. මේ දෙක ස්ථාපිත කිරීම තමයි අපේ වැඩේ වුණේ. දැන් මේ පීල්ලෙන් පීලි පැනලා කරන වැඩ ඔබට පේනවා. මේවා දේශපාලන විගඩම්.

ඔබට අනුව මෑත කාලයේ ජවිපෙ කළ දේශපාලන විගඩම් මොනවාද?
ඊට කලින් මට කලින් ප්‍රශ්නය වෙනුවෙන් මේ දේත් කියන්න ඕන. මම පක්ෂය හැරදා ඇවිල්ලා තියෙන්නෙ. ඔබ අර කලින් කියපු කැඩිලා ගිය අය පක්ෂය ඇතුලෙ අලුත් ගෙවල් හදලා කට්ටිවාදී වැඩ කරලා සල්ලි හොරකම් කළා, වාහන හොරකම් කළා, ජවිපෙ පක්ෂයක් වශයෙන් කළ සියලු වැඩ ඔවුන් හොරකම් කළා. ඒ හොරු ටිකක්. එතන නම් දේශපාලනයක් නැහැ. මම එළියට ඇවිල්ලා තියෙන්නෙ, අඩු ගානෙ මං පාවිච්චි කරපු කාර් එකවත් මං ළඟට අරන් නෙමෙයි. මං ජවිපෙ ඇතුළෙ කිසි කෙනෙක්ට කොක්ක ගැහුවෙ නෑ. දැන් සමහරු කියනවා ජවිපෙ කිසි කෙනෙක් ගියේ නෑ කියලා. ඒ බව බලාගන්න පුළුවන් සමුළුව වෙලාවෙදි. මං කට්ටිවාදී වැඩ කළා නම් ජවිපෙ හෝදා පාළු වෙනවා. මම කියන්නෙ ජවිපෙ නායකත්ව මණ්ඩළය සැබෑ ලෙසම සුජාත කරගන්න කියලයි. නැත්නම් ඒ අය ඔය පක්ෂයේ නායකයන් හැටියට සළකන්න බැහැ. ඒක ඉදිරියේදී සාමාජිකත්වය විසින් තීරණය කරාවි.

දැන් මං කියන්නම් විගඩම් ටිකක්,
එකක් තමා කුමන්ත්‍රණයක් සිද්ද වුණේ නෑ කියලා කියන එක. හයේ පන්තියෙ ළමයෙක්ගෙන් ඇහුවොත් මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වුණේ අට වෙනිදා. එදා ඡන්ද ගණන් කිරීම එකට නැවතුනා, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම නැවතුනා. ඒ පළවෙනි වරද මේ රටේ. අපි කවදාවත් දැක්ක නැති වැඩක් මේක. එතන ඉඳළම කුමන්ත්‍රණ. දැන් ජවිපෙ එජාප ය සමඟ එකම සටන් පාඨ කියන තත්වයට පත් වෙලා තියෙනවා. මං දැක්කා ලංකා පත්තරේ ජූනි හත් වෙනිදා ශීර්ෂ පාඨය. ‘රනිල් විස්වාසභංගයෙන් පරදී. මෛත්‍රී වැට උඩ.‘ මොකක්ද මේකෙන් කියන්නෙ..මේකෙ හැටියට කව්ද අප්සට් නැත්තෙ...? මේකේ හැටියට මහින්ද රාජපක්ෂ අප්සට් නැහැ.

එතකොට මේ ඊයේ පෙරේදා උද්ඝෝෂණයක් කළා. හොඳයි!!! ආණ්ඩුවෙන් කෙරෙන් නැති දේවල් ගැන උද්ඝෝෂණ කරන එක හොඳයි. මේ උද්ඝෝෂණ කළාම පිම්ඹෙන්නේ, මහින්ද රාජපක්ෂ. මොකද මහින්ද රාජපක්ෂට එරෙහිව එක සටන් පාඨයක්වත් කියවුනේ නැහැනෙ. එතකොට ඔය උද්ඝෝෂණය කළේ අනිත් පැත්තෙන් වෙන මොකටද දන්නවද..? මම දිගින් දිගටම කියනවනෙ ජවිපෙ එජාප ය සමඟ එක ලයින් එකේ යන්නෙ කියලා. ඕක එහෙම නෑ කියලා ඒක ව්‍යර්ථ කරන්න තමයි අනුර කුමාර ලා ඔය උද්ඝෝෂණය කළේ. ඒක අසාර්ථක උද්ඝෝෂණයක්.

ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය අත් හැරියම එතන කාටවත් ඉන්න බැහැ. හෙට අනිද්ද බලාගන්න වෙන්නෙ මොකක්ද කියලා. මම කියන්නෙ මේ දේශපාලන විගඩම්කාරයෝ ටිකක්. මෙතන පටලවාගත්ත දේ තමයි ජවිපෙ පූජනීයයි. අපේ සහෝදරවරු එම පූජනීයත්වය නායකයන්ටත් ආරෝපණය කරනවා. එහෙම නෑ. !!! ඒ අය පූජනීය නෑ...ජවිපෙ පූජනීය වෙන්නෙ සියලු දෙනා කරපු කැපකිරීම් නිසා. ඒ පූජනීයත්වය අද ආරෝපණය වෙලා තියෙන්නෙ නින්දනීය හතර දෙනාගේ කල්ලියකට. ඒක එහෙම කරන්න බෑ. එතන තමයි පටලවන් තියෙන්නෙ. ඔය පටලැවිල්ල මං ලිහනවා. පක්ෂයේ පූජනීයත්වයයි නින්දනීය හතරදෙනාගේ කල්ලියයි මං වෙන් කරලා පෙන්වනවා. ජවිපෙ සියලු දේවල් රටට හෙළි කරන්න මට අයිතියක් තියෙනවා.

ජවිපෙ ගණන්කාර කතා කියන ගණන්කාරයෙක් ඉන්නවනෙ ලාල් කාන්ත කියලා. ඒ වගේම අන්තිම අමන මරි මෝඩ කතාත් කියනවා. ජවිපෙ වංශලා දෙන්නෙක් කෑවා කියලා එයා කියනවා. නම කියන්න තරම් කොන්ද පණ නෑ මේ චණ්ඩියට. මං කියන්නම් නම් දෙක. වීරවංශයි, සෝමවංශයි. නම් ගොඩක් මතක තියා ගන්නත් නෑ නෙ. වීරවංශට එහෙම කිව්වට සෝමවංශට එහෙම කියන්න බෑ. එහෙම කියනවා නම් ඒ මිනිහට පක්ෂයේ දැනටත් ඉන්න අය මූණට කෙළ ගැහුවෙ නැතිනම් ඇති...

ඒ වගේ නින්දිත දේවල් කියන්න ඒ අයට පුළුවන් නම් මටත් මේ තත්වය රටට හෙළි කරන්න අයිතියක් තියෙනවා. ලාල් කාන්තලා දැන් කියනවනෙ මධ්‍යම කාරක සභාවට මං යන්නෙත් නෑ කියලා. අන්න එහෙම අජූත වෙච්ච පක්ෂයක් ඕක. රෝහණ සහෝදරයා ඝාතනය කරපු වෙලාවේ කව්රුත් කිව්වා මේ පක්ෂය ගොඩ ගන්න බෑ කියලා. ඒ වෙලාවෙ මං ඇඳගෙන හිටිය ෂර්ට් එකයි සරමයි පිටින් තමයි මේ පක්ෂය ගොඩ ගන්න එන්න ඉන්දියන් සාගරයට බැස්සෙ. එතකොට ලාල් කාන්තලා යෝගට් විකුණන කාලේ. දැන් තහනම් ගහේ ගෙඩි කනවා. ඒ නිසා ලාල් කාන්තලට ස්වයං විවේචනයක් කරන්න බෑ.

දැන් ඔබ කියන විඳියට ජවිපෙ මේ පීලි පැනීම සිද්ද වෙන්නෙ අනුර කුමාරගෙ නායකත්වය හරහාද?
පක්ෂෙ නායකයා වුණාම ඒකේ වැඩි වගකීමක් දරන්න ඕනනෙ. පක්ෂයේ ජයග්‍රහණයන් සියලු දෙනා අතර බෙදා දීලා අඩු පාඩු සහ පරාජයන් තනිවම ගැනීම තමයි නායකත්වය කියන්නෙ. ජවිපෙ පහුගිය ටිකේ කැසිනෝ කාරයන් ගැන කතා කළා. නමුත් දැන් මුකුත් නෑ. මට සැකයක් තියෙනවා කැසිනෝ කාරයන්ගෙන් කුට්ටියක් ගත්තා කියලා.

දැන් කුමන්ත්‍රණය ගැන කතා කළෙත් නෑ, මොකද කුමන්ත්‍රණකාරයන්ගෙන් කුට්ටියක් ගත්තා. ඊළඟට විජේදාස රාජපක්ෂ මහත්මයාගෙන් කුට්ටියක් ගත්තා, විජේදාස රාජපක්ෂ මහත්මයාට ප්‍රශ්නයක් ඇඳපු ගමන් අනුර කුමාර එයා ඒක හෙළිදරව් කළා. ලක්ෂ විසි පහක කුට්ටියක්.

එතකොට අනුරලා කිව්වා අපි ඕන කෙනෙක්ගෙන සල්ලි ගන්නවා කියලා. ඒ කියන්නේ මේ අය මේ රටේ කළු කඩකාරයන්ගෙ සල්ලිත් ගන්නවා කියන එකනෙ. ඒක තමයි අර ගාඩ් මේ ගාඩ් ගැනයි කැසිනෝ ගැනයි කිසි කතාවක් නැත්තෙ. දැන් ජවිපෙ මිනිස්සු නෙමෙයි එකතු කරන්නෙ කුට්ටියි. හරිනම් අනුර කුමාර දිසානායක බඩ කපා ගන්න ඕන තනියම.

ඔබ කියන්නෙ ඔබ නායකත්වය දරණ කාලයේ පක්ෂය කිසිඳු වැරදි වැඩක් කළේ නැහැ කියන එකද?
අපි ආදර්ශය ගත්තෙ රෝහණ විජේවීර සහෝදරයගෙන්. පැහැදිළිවම ඔය ජාතියෙ වැරදි නම් අපි කළේ නෑ නෑ නෑමයි...

පසුගිය දිනෙක විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නෙ ජවිපෙ කියලා. ජවිපෙ හිටපු නායකයා වශයෙන් ඔබ හිතනවද එය කළ හැකියි කියා???

ජවිපෙ තමුන්ට ලැබුණ අවස්ථා ඉවරකරගත්ත පක්ෂයක්.

අවසාන ප්‍රශ්නය, ඔබේ නව පක්ෂයේ කටයුතු සඳහා ජවිපෙ හිටපු සාමාජිකයන් කී දෙනෙක්විතර ඒකරාශී වෙලා තියෙනවද?

ඒක සමුළුවෙදි බලාගන්න පුළුවන්. මං හැමදෙනාටම ආරාධනා කරනවා සමුළුවට එන්න කියලා.

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...