21 April 2018
RSS Facebook Twitter   

මට හිතෙනවා ජී.එල්.පීරිස් වෙලාවකට පාර්ලිමේන්තුවෙදි හැසිරෙන විඳිය අන්තිමයි කියලා - රංජන් රාමනායක

ranjan-ramanayakeදෘශ්‍යමානයට පිටුපසින් තිබෙන්නා වූ අදෘශ්‍යමානය සොයා යන්නා වූ ලංකා නිව්ස් වෙබ් අඩවිය මෙවර දේශපාලන සාකච්ඡාව සඳහා තෝරා ගනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකය. පහත පළ වෙන්නේ අප වෙබ් අඩවිය ඔහු සමඟ කළ සංවාදයයි.

රන්ජන් ඉතිං කොහොමද මේ දවස්වල ඔබේ දේශපාලන ජීවිතේ?

අට වෙනිදා පිහිටවපු නව ආණ්ඩුව යටතේ ඉතාම කාර්ය බහුලව වැඩ කරන් යනවා. මම තමයි සමාජ හා සුබ සාධක පශු සම්පත් නියෝජ්‍යය ඇමති. ඉතිං මීට්න්වලට යන්න වෙලා තියෙනවා. ඒ කාර්ය බහුලත්වය තුළ දිවුලපිටිය ආසන සංවිධායක වශයෙනුත් ක්‍රියා කරනවා.

ඒ කියන්නෙ දින සියයේ වැඩපිළිවෙලෙහි ඔබ තීරණාත්මක දේශපාලඥයෙක් වශයෙන් සාධනීය පිම්මක් රැගෙන ඇති බවද?

 මම හිතනවා මට වෙන බැඳීම් නැති නිසා පූර්ණ කාලීන දේශපාලනයේ නිරතවීම සඳහා සුදුසුකම් මට තියෙනවා කියලා. දැන් දේශපාලඥයන් බහුතරයක් ඔය හේතුව මතම පාට් ටයිම් දේශපාලනයක් තමයි කරන්නෙ. මම ඉතිං ෆුල් ටයිම් වැඩ කරමින් ජනතාව එක්ක ඉන්නවා. මගෙ ඔෆිස් එකට වැඩියෙන්ම එන්නෙ මැද පෙරදිග ප්‍රශ්න. මං ඒ අයට උදව් කරමින් ඒ අයගේ සියලු ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. ඊට අමතරව මගේ අමාත්‍යංශෙ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. විශේෂයෙන්ම අපි පොරොන්දු වුණ හොරු අල්ලනවා කියන වැඩේ මං තාමත් ඉන්නවා.

මේ කාර්ය බහුල දේශපාලන ජීවිතය තුළ ඔබට ඕෂෝ රාජ්නීෂ් මුණ ගැසෙන්නෙ කොහොමද?
 
වෙන අයට වඩා මම ගොඩක් පොත් කියවනවා. මගේ දෛනික දින චර්යාවට පස්සෙ මට කියවන්න සෑහෙන්න අතිරික්ත කාලයක් ඉතුරු වෙනවා. ඉතිං ඒ අතිරික්ත කාලය තුළ මං කියෙව්ව පොත් හරහා තමයි මට ඕෂෝව කියවන්න ලැබුණෙ. ඉතිං ඔන්න ඔහොමයි මං ඕෂෝ අනුගාමිකයෙක් වුණේ.

දාර්ශනිකව ඕෂෝ අසම්පූර්ණයි කියලා මට දැනුන වෙලාවල් තියෙනවා. ඔබට මොකද ඒ ගැන හිතෙන්නෙ?

 එකිනෙකාගෙ පුද්ගලක නිර්ණායක අනුව ඒක විග්‍රහ කරගන්න පුළුවන්!. බුදුන් සහ යේසුස්ව පවා විවේචනය කරපු අය හිටියා. ඉතිං මම හිතනවා මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ කියලා. අපි හැමදාම විශ්වයේ රහස් හොයමින් පසු වෙනවා. කිසිම දේකින් අන්ධභාවයට එන් නැතුව ඔබගේ අත් දැකීමෙන් ඔබ සියලු දේ කියවා ගත යුතුයි කියලා මං හිතනවා. කිසිම දේකින් අපි අන්ධභාවයට මෝහනයට පත් විය යුතු නැහැ.

අ.පො.ස. සා.පෙ. සමත් නැති මන්ත්‍රීවරුන් 94 ක් සහිත, උසස් පෙළ සමත් නැති මන්ත්‍රීවරුන් 142 ක් සහිත, කාන්තා නියෝජනය 5%ක් වත් නොමැති වත්මන් පාර්ලිමේන්තුව පිළිබඳ ඔබේ අදහස කුමක්ද?‍

  මම නම් ඔය දෙකම සමත්. නමුත් මට හිතෙනවා මට වඩා ඉගෙන ගත්ත ජී.එල්.පීරිස් වෙලාවකට පාර්ලිමේන්තුවෙදි හැසිරෙන විඳිය අන්තිමයි කියලා. ඔහු අධිකරණය පිළිබඳව පොත් හයක් ලියා තියෙනවා. නමුත් ඕ.ලෙවල්වත් පාස් නැති මන්ත්‍රීවරු ඉන්නවා ඊට වඩා සංවරව හැසිරෙන. දැන් බලන්න අධි නීතීඥයෙක් වුණ වාසුදේව මහත්මයා පාර්ලිමේන්තුවෙදි පාවිච්චි කරන්නෙ පොඩි ළමයෙක්ටවත් අහන් ඉන්න බැරි වචන. අධ්‍යාපන සුදුසුකම් ඒ නිසා දේශපාලනය තුළදි නිර්ණායකයන් වෙන් නෑ බොහෝ වෙලාවට. ඔහු හෝ ඇය හොරෙක්ද නැද්ද කියන එක තමා වැදගත් වෙන්නෙ.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වීම ඔබ දකින්නෙ කොහොමද?

  මනාප ක්‍රමය කියන්නෙ මැරයන්ට කුඩු මුදලාලිට සේරටම පාර්ලිමේන්තු යන්න පුළුවන් ක්‍රමයක්නෙ. ඉතිං දැන් මනාප ක්‍රමය නැතිව කොට්ඨාස සහ දිස්ත්‍රික් ක්‍රමයට ආවම මං හිතන්නෙ ඒක වඩා හොඳයි. නමුත් සමහර අය නම් බොරුවට කෑ ගැහුවට ඒකට අකමැතියි. නමුත් එජාපයේ අපේ ස්ථාවරය තමයි මෙම සංශෝධනය හැකි ඉක්මනින් ගෙන එන්න ඕන කියන එක. පැරදුන ජනාධිපතිවරයා කළේ 18 වෙනි සංශෝධනය හරහා මේ දේවල් වෙනස් කරන් මැරෙනකල් එක පුද්ගලයෙක් රජ කරන්න.

 19 සම්මත වුණා. මේ ජයග්‍රහණය තවමත් පරිපූර්ණ නෑ. පිහිටුවීමට නියමිත කොමිෂන් සභා එකොළහ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

 ඒක එන සුමානෙ එද්දි අත්සන් කරනවා. මං විජේදාස රාජපක්ෂ මැතිතුමත් එක්කත් ඒ ගැන කතා කළා. අගමැති සහ ජනාධිපතිතුමාවත් මුණ ගැහිලා මේ ළඟදි මං ඒ ගැන කතා කළා. ඒ සියලුදෙනාගෙ මතය වුණේ කොමිෂන් සභා වහාම පිහිටුවනවා කියන එක. පහුගිය ටිකේ පැරදුන ජනාධිපතිතුමා කළේ මේ කොමිෂන් සභා අක්‍රීයකරලා තිබුණ එක. එතුමා කිව්වෙ ඔය යන අයගෙ ඉන්න අයගෙ ෆයිල් සේරම මා ළඟ තියෙනවා, මම හැබැයි ඒවා එළියට දාන් නෑඅපේ හාමුදුරුවනේ කියලා. ඒ වගේම එතුමා කිව්වා මං කුපාඩිකම් කරපු බලුකම් කරපු මැති ඇමතිවරුන්ට විරුද්ධව තීරණ ගත්තෙ නෑ ඒක තමයි අද මට මෙහෙම වුණේ කියලා. ඒ නිසා මට සමාවෙලා හූ කියන්න කියලා එතුමම කිව්වා. නමුත් ඒක ජනතාව තේරුම් ගන් නැතිව තාමත් කෑ ගහගෙන පස්සෙන් යන එක හරිම දුක හිතෙන කාරණාවක්.

මෙරට පවතින ජාතික ප්‍රශ්නය සඳහා විසඳුම විඳියට ඔබ දකින්නේ කුමක්ද?

  අපේ ඉන්නෙ ශ්‍රී ලන්කන් ජාතිය. සිංගප්පූරුවෙ ඉන්නෙ සිංගප්පූරු ජාතිකයො. ඉන්දියාවෙ ඉන්නෙ ඉන්දියන් ජාතිකයො. මුළු ලෝකයම ඉදිරියෙදි එකම ජාතියක් වෙනවා. ලෝකෙ කව්රුහරි කෙනෙක් නව නිපයුමක් සොයා ගත්තම ලෝකෙ අනිත් අයත් ඒක පාවිච්චි කරනවා. ඒ නිසා මං පැහැදිළිවම කියනවා අපේ රටේ ඉන්න සියලු ජාතිකයො ලාංකිකයො කියලා. දෙමළ ජාතිකයගෙ මුස්ලිම් ජාතිකයගෙ වකුගඩුවක් සිංහල මිනිහෙක්ටත් බද්ධ කරන්න පුළුවන්. ජීවත් වෙන්නෙ එක ඉරකින් නම් සිසිල ලබන්නේ එක හඳකින් නම් අපිත් එකම ජාතියක්. ඒ තමයි මනුස්ස ජාතිය. ඒ අය බෙදෙන් නැතිව ඒකීය රාජ්‍යයක් විඳියට ඉන්න ඕන. ඒකයි මගේ මතය.

ඔබ එහෙම කිව්වට ඉදිරි මහ මැතිවරණයෙදි එජාපයට බහුතර සිංහල බෞද්ධ ඡන්ද පදනමක් ඇතිව ජයගන්න පුළුවන් කියලා අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශකොට තිබුණා. මේ අනුව පෙනී යන්නෙ එජාපයත් ජඩ මහින්දවාදී වූත් ජාතිවාදී වූත් පසුබිමකට ඇඳවැටීමට යන බවක් කියලයි මම හිතන්නෙ. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

 නෑ නෑ එහෙම නෑ. මහින්ද හැමදාම කියනවනෙ සිංහල බෞද්ධ කියලා. රටට කීර්තියක් අරන් ආව මුරලිදරන්ලගෙ ආන්නද කුමාරස්වාමිලගෙ ජාතිය අපි බැලුවෙ නෑ. හැමදාම වෙසක් එකට සිංදු කියන බෙග් මහත්මයා මුස්ලිම් ජාතිකයෙක්. අපි ඔවුන්ට ගරු කරනවා. ඉතිං මං හිතන්නෙ අකිල ඇමතිතුමා කළේ මහින්ද හැමවෙලේම සිංහල බෞද්ධ කියලා උපුටලා දක්වන එකට පිළිතුරක් දීපු එකයි කියලා.

අවසාන ප්‍රශ්නය! දින සීයට හොරු කීයක් ඇල්ලුවද?

  අට වෙනිදට පෙරාතුව අත් අඩංගුවට නොගෙන හිටිය මිනිස්සුන්ව අපි අත් අඩංගුවට ගත්තා. ඒ වගේම ඒ අය ගැන පරීක්ෂණ පවත්වන්නත් කටයුතු කළා. පැරදුන ජනාධිපතිතුමාගේ පැනලා ගිය සහෝදරයා ආපු ගමන්ම අපි රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. තාම ඉන්නෙ ඒකෙ එයා. ඔහුට විරුද්ධව කෝටි ගණනාවක වංචා තියෙනවා. ප්‍රාන්ත හතරක ද කොහේ ගෙවල් තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. අපි මේවා ගැන හොඳට ඉන්වෙස්ටිගේට් කරලා මේ අයව වැරදිකරුවන් බවට නීතියෙන් ඔප්පු කරනවා.
 
සංවාද සටහන
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...