22 January 2018
RSS Facebook Twitter   

යුද්ධය කාලයේ ඉතාම බරපතළ විඳියට ජාතිවාදයට ඇඳ වැටීම ගැන ස්වයං විවේචනයක් අපිට තිබ්බා - පුබුදු ජාගොඩ

pubudu jayagodaපෙරටුගාමී සාමාජිකයන් තම තිඹිරි ගෙය වූ ජවිපෙ අතහැර ඒමට හේතු වූ ප්‍රධාන කාරණාව කුමක්ද?

පළවෙනි එක තමයි පක්ෂය එජාපය හා ශ්‍රීලනිප සභාග මාවතකට ගිය එක. ඊට අමතරව යුද්ධය කාලයේ ඉතාම බරපතළ විඳියට ජාතිවාදයට ඇඳ වැටීම ගැන ස්වයං විවේචනයක් අපිට තිබ්බා. ඒ වගේම පක්ෂය තුළ තිබ්බ නිළධාරීවාදයත් අපිට බලපෑවා.

ඔබ දකින විඳියට ජවිපෙ තවඳුරටත් වාමාංශික පක්ෂයක්ද?
වාමාංශික කියලා කිව්වට ඒකේ ලොකූ පරාසයක් තියෙනවා. පශ්චාත් මාක්ස්වාදයේ සිට අරාජිකවාදය දක්වා හැමෝම තමන්ව වාමාංශිකයන් ලෙස හඳුන්වගන්නවා. ජවිපෙ තියෙන විශේෂත්වය තමයි එතන සියලුම කණ්ඩායම් අඩුම ගණනේ සමාජවාදය ගොඩනැගිය හැක්කේ එක විකල්පයයි කියන එක ජවිපෙ පැත්තෙන් පේන්න නෑ. ඒ නිසා අපි හිතන්නෙ ඒ අය වාමාංශික නමින් පෙනී හිටියට වාමාංශික පක්ෂයක් නෙමේ කියලයි.
පසුගිය ජනපතිවරණයේදී ඔබ පක්ෂය කුළුදුලේම ඡන්ද සටනකට පැමිණෙනවා. ඒ ඇයි?
ඒ මොහොතවන විට රටේ ලොකු දේශපාලන සංවාදයක් ඇති වෙලා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ ආර්ථිකය සම්බන්ධයෙන්. ඒ සංවාදයට අපි මැදිහත්විය යුතුයි කියන තීරණය අපි ගත්තා. මොකද අපි සමාජයේ දේශපාලන මට්ටම ඉහළ නංවන්න නම් සමාජයේ සංවාද කෙරෙන තැනට අපේ මැදිහත්වීමක් ඕන. ඉතිං ඒ වෙලාවේ ඒ මැදිහත්වීම කරන්න ඕන නිසා තමයි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා ඔබේ පක්ෂය තරඟ වදිනවාද?
ඒ වන විට ඇති වන සමාජ මතවාදය අනුව අපි ඉදිරිපත් වෙනවා. නමුත් ඒ සම්බන්ධව අවසාන තීරණයක් තවම අපි අරන් නෑ.

රජයේ නාලිකාවක විකාශනය වීමට නියමිතව තිබූ ඔබේ පක්ෂයේ කාරක සභිකයෙකු වන කුමාර් ගුණරත්නම් සහභාගීවීමට නියමිතව තිබූ
වැඩසටහන එක්වනම නතර වූයේ ඇයි?
ආණ්ඩුව කියනවා අපි වෙනස් අපි විරුද්ධ මත ඉවසනවා කියලා. නමුත් එහෙම කිව්වට ඇත්ත යථාර්ථයෙදි වෙනස් දේශපාලන මතවලට ඉඩක් නෑ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි අත්වින්දෙ. මොකද වැඩසටහන පටිගතකරනතුරු පාලන අධිකාරියේ ප්‍රශ්නයක් තිබුණේ නෑ. පටිගත කළාට පසුව විකාශනය කිරීමට යෑමෙදි තමා මේ ප්‍රශ්නය මතු වුණේ. මොකද ඒකේ තිබුණ අදහස්වලට ඒ අයට එකඟ වෙන්න බැරි වෙන්න ඇති. ඒ නිසා අන්තිමට නීති ප්‍රශ්නයක් මතු කළා.

නව රජයේ දින සියයේ වැඩපිළිවෙල ගැන ඔබ තෘප්තිමත්ද?
නෑ!. ජනාධිපතිවරණයට පෙරාතුව තිබුණ සාකච්ඡාවට සාපේක්ෂව දැනට සිදු වෙලා තියෙන ප්‍රමාණය බෙහෙවින්ම අඩුයි. ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ගැනත් අපේ සෑහීමක් නෑ. එකින් එක අරන් බැලුවත් පෙන්වන්න පූළුවන් දින සීයට නොකළ වැඩ ගොඩක් තියෙන බව. ඒ වගේම අසම්පූර්ණව භාගෙට කරපුව තියෙන බවත්. කරන් නෑ කියලා අපි හිතන් හිටිය ඒවා කරපුවා තියෙනවා. ජනාධිපතිවරණයෙදි මෛත්‍රීපාල මහත්මයට ඡන්දය දීපු අයට කරපු පාවාදීමක් හැටියට තමයි අපි මේ දින සීය දකින්නෙ.

පෙරටුගාමී පක්ෂය දැන් ඉන්නෙ අරාජිකවාදයේ පාමුල නේද?
එහෙමම කියන එක නිවරදි නැහැ. මොකද පක්ෂය ආරම්භ කළාට පස්සෙ අපි අතර ඇති වුණා ලොකු න්‍යායික සංවාදයක්. අපි හිතන්නෙ ඒක ධනාත්මක දෙයක්. නමුත් සංවාදයෙන් පස්සෙ සමහරු පක්ෂය හැරගියා. එතනින් පස්සෙ අපි යම් මතවාදී ඒකමිතියකට ඇවිල්ලා සංවිධාන රටාවක් හදාගෙන ක්‍රමානුකූලව වැඩකරගෙන යනවා. ඇත්තටම ගෝලීයවත් මේක වමට අමාරු වෙලාවක්.

ඔබේ පක්ෂය 19 වෙනි හා 20 වෙනි සංශෝධනය පිළිබඳව දක්වන ආකල්පය කුමක්ද?
19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව මුලින්ම පොරොන්දු වුණේ විධායක ජනපති ක්‍රමය සහමුලින්ම අහෝසි කරනවා කියලා. ඊට පසුව ජනාධිපතිවරණයෙදි ගෙනාවා කතාවක් 19 ව්‍යවස්ථාව හරහා ඇතැම් බලතල කප්පාදු කරනවා කියල. ඒක කප්පාදු කරනව කියන කොන්දේසිය යටතේ තමයි 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ. මොකද කියන්නෙ, විධායක බලය කප්පාදු වෙද්දි අරාජිකත්වයක් ඇති වෙන එක වළක්වන්න තුලනය ඇති කරන්න පාර්ලිමේන්තුවේ බහුතර බලය තනි පක්ෂෙට ලැබෙන විඳියට හදන්න. නමුත් අන්තිමට වුණේ 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වීධායක ජනපති ක්‍රමයේ තියෙන ප්‍රධාන බලතල එකක්වත් අයින් වෙලා නෑ. බොහොම සුළු වෙනස්කම් වෙලා තියෙන්නෙ. එහෙම තයෛද්දි දැන් 20 වෙනි සංශෝධනයකුත් ගේන්න යනවා පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයකට බහුතරය ලේසියෙන් ගන්න පුළුවන් විඳියට. අපි හිතන්නෙ ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ගොඩක් විරුද්ධයි. ඡන්දයට කළින් කිව්වෙ පුරවැසියාගේ බලය ශක්තිමත් කරනවා කියලනෙ. නමුත් දැන් ව්‍යාපෘතිය යන්නෙ රාජ්‍ය බලය ශක්තිමත් කරන්න.

සෝමවංශ අමරසිංහ ජවිපෙ හැර යෑම පිළිබඳව ඔබේ පක්ෂයේ අදහස කුමක්ද?
දැන් අපේ පක්ෂය තුළ ඉන්න කාලෙත් විවාදයක් තිබුණා පක්ෂය ඇතුළෙ. ප්‍රධාන වශයෙන්ම තිබුණේ ධනේශ්වර පක්ෂ සමඟ සභාගවාදයට යනවද නැද්ද කියන එක. අපි එළියට ආවට පස්සෙ යන්නෙ නෑ කියන සංවාදය නැති වෙලා වෙනත් සංවාදයක් ආවා සභාග ගොඩනගන්නෙ යූඑන්පීය සමඟද ශ්‍රීලනිපය සමඟද කියලා. ඉතිං ඒකෙදි අනුර දිසානායක නියෝජනය කරනවා එජාපයට සමාන්තර දේශපාලන ගමනක් සෝමවංශ අමරසිංහ සහෝදරයා විස්වාස කරනවා ශ්‍රීලනිපය සමඟ සමාන්තරව යන ගමනක්. ජාතිකවාදී පාරක්. ඉතිං මේ දෙකට එකට ඉන්න බැහැ. ඉතිං ඒ නිසා වෙන් වෙන්න සිදු වුණා. අපි හිතන්නෙ ඒක වාමාංශික දේශපාලනයට අදාළ බෙදීමක් නෙමෙයි. දක්ෂිණාංෂික දේශපාලනයේම තියෙන ප්‍රවණතාවයක් විඳියට.

ජාතික ප්‍රශ්නය පිළිබඳ පෙරටුගාමී පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
අපි නැහැ අන්තවාදී තැනක. සිංහල දෙමළ මුස්ලිම් හෝ අනන්‍යයතා පිළිගන්න තැනක අපි නැහැ. අපි දකිනවා එවැනි අනන්‍යතා තියෙනවා ඒඅනන්‍යයකා වලට අපි ගරු කරනවා. ඒ අතර සමහර අනන්‍යයතා වලට විශේෂ පීඩනයක් ගොඩ නැඟිලා තියෙනවා. විශේෂයෙන්ම දෙමළ ජනතාවට අදාළ විශාල පීඩනයක් ගොඩ නැඟිලා තියෙනවා. අපි විසඳුම විඳියට දකින්නෙ මේ පීඩනය අහෝසි කිරීම. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සහ සමානාත්මතාවය ඇති කිරීම.
සංවාද සටහන
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...