21 September 2018
RSS Facebook Twitter   

ත්‍රිත්වය අභියස අසංවර සල්ලාපය - මොහාන් රාජ් මඩවල

 

mohan rajත්‍රිමානය කියවූ සැණනින්ම අපේ සිහියට නැගෙන්නේ රොහාන් පෙරේරා නම් වූ ගිරි මුදුනින් ආරම්භවන්නා වූ මතවාදී ගංගාව වන දීප්තිය. නමුත් අද කතාව ඔහු සමඟ නොවේ. එහෙත් ත්‍රිමානය අනෙකුන්ට ද වලංගුය. එබැවින් ලබන 10 වෙනි දිනCIDA ආයතනයේ පැවැත්වීමට නියමිත මොහාන් රාජ් මඩවලගේ ‘ආදරණීය වික්ටෝරියා පිළිබඳව ත්‍රිමාන කියවීමට සහභාගීවන මෙන් ඔබෙන් ඉල්ලන අතරතුරම ලන්කා නිව්ස් වෙබ් අඩවියේ අපි ඊට පෙරාතුවම මොහාන් සොයා ගියෙමු.

 

දේහධාරී ලක්ෂණ සුදු බංඩාගේය. කලකට පෙරාතුව මොහාන් රාජ් මඩවලයන් විසින් රචනා කරන ලද ප්‍රබන්ධමය අප්‍රබන්ධයේ සුදු බංඩාගේය. අප සම්මුඛව එරමිණියාවෙන් මුහුණට මුහුණලා වාඩි ගත් සඳ, සුදු බංඩාගේ අයෝමය පුරුෂ ලිඟුව සියලු නිහඬතාවයන් අතුගා දමමින් අප අතර සංවාදයකට ඉඩ හසර පාදයි. මම කිසිඳු ආටෝපයකින් තොරව සැබෑව සහ ප්‍රබන්ධය අතර සංයුක්ත වූත් අසංයුක්ත වූත් බැඳිම විවරණය කරනු පිණිස, එය ඔහු ඉදිරියෙන් තබමි. ජිවීතය සහ ප්‍රබන්ධයේ දයලෙක්තිමය සබඳතාවය පිළිබඳ විවරණය දැන් මොහාන් රාජ් මඩවල අභියසය. සැබැවින්ම සුදු බංඩාමය අඟපසඟින් හෙබි මොහාන් රාජ් අභිසය මගේ පැනයට පිළිතුරු වා තලයට සේන්දු වන ඒ හුදෙකලා මොහොතයි මේ.
ජීවිතය කිසි විටෙක ප්‍රබන්ධයෙන් ඈත් කළ නො හැකියි. ජීවිතයේ අප මුහුණ දෙන සිදුවීම් තමයි ප්‍රබන්ධය තුළට කාන්දු වෙන්නෙ. කෙනෙක් අවංකව ජීවිතය ගත කරනවා නම්, ප්‍රබන්ධය ඔහුගේ ජීවිතයෙන් වියුක්ත වන්නේ නැහැ. මා එය සරළව පැහැදිළි කරන්නම්. බොහෝ ලියන්නන් තම ලිවීමේදී තමන්ට සමාජය තුළ හිමිව පවතින කීර්ති නාමය ගැන බෙහෙවින්ම සවිඤ්ඤාණිකයි. එනිසාවෙන්ම ඔවුන් ව්‍යාජ කලාවක් නිර්මාණ කරනු ලබනවා. ඒ අන් කවරක් නිසාවත් නොව හුදෙක්ම තම සුචරිතවත් භාවය රැක ගැනීම සඳහා පමණි. ඒ ස්වයං වාරණය මා සම්බන්ධයෙන් නම් කිසිදිනෙක ක්‍රියාත්මක වන්නේ නැහැ. මා බොහොම විවෘතව ලිංගිකත්වය රචනා කරනලබනවා. සැබැවින්ම ජීවිතයේ ප්‍රබන්ධමය කොටසට අඩිතාලම නිරන්තරයෙන්ම වැටෙන්නෙ ලිංගිකත්වයෙන් නිසා. මතක තබා ගන්න අප ජීවත් වන්නේ ප්‍රේමයේ උච්ඡස්ථානය විවාහය යන ගතානුගතික සමාජ සබැඳියාවන් පවතින සන්දර්භයක් මත. ඒ නිසා මම අව්‍යාජ මිනිසෙකු වශයෙන් මගේ ආඛ්‍යානය තුළ සැරිසරනු ලබනවා.

*වැලකතා සාහිත්‍යයයෙන් ඔබ්බට පිහිනා යෑමට පෙරාතුව අප සම්භාව්‍ය හා අසම්භාව්‍ය නිර්මාණ වල රාග නිශ්‍රිත කොටස් දෙසට යොමු වන්නෙමු. උපුටනය මා අභියස බැවින් මම එය මඩයාට පෙන්වමි.

‘තව හොඳට ටිකක් අතුල්ලපන් කොල්ලො‘(මාගම් සෝලිය) මගේ ග්‍රාම්‍ය උපුටනයේ විවරණය නිර්මාණයක් අභ්‍යන්තරයේ වන්නා වූ ශෘංගාරය හා සෘජු ලිංගික උත්තේජනයන් දක්වා වූ වපසරිය විදාරණය කරන මෙන් මඩයාට බල කරනු ලබයි. ඉඩ දෙන්න මට තවත් උපුටනයකට යෑමට. අනතුරුව පිළිතුරට. ‘මම ඒකට හිකුවා‘ මාරියෝ ගේ විසේකාරිගෙන් උපුටා ගතිමි.

යම් නිර්මාණයක් තුළින් ඉල්ලන්නෙ රාගය ද අනුරාගය ද යන්න ගැන ප්‍රබන්ධය රචනා කිරීමට පෙරාතුව රචකයා විසින් තෝරා ගත යුතුයි. එයට ස්වයං වාරණ අනවශ්‍යයයි. අවශ්‍යය වන්නේ හුදෙක්ම නිර්මාණයේ අනන්‍යයතාවය වෙනුවෙන් රචකයෙකු විසින් කරනු ලබන කැපවීම පමණයි. ඒ වගේම හැම නිර්මාණයක්ම මේ ද්වි කාරණාවන් නො ඉල්ලන්න පුළුවන්. නමුත් නිර්මාණයට එය අවශ්‍ය නම් මම ස්වයං වාරණයෙන් තොරව සන්දර්භයානුකූලව මගේ ආඛ්‍යානය ගොඩ නගනු ලබනවා.

ස්වකීය පොරොන්දු දේශය සොයා ගිය ඊශ්රායල්වරුන් අනේකවිධ දුක් ගැහැටට මෙන්ම දෙවියන් ඉදිරියේ අකීකරු ද වී විවිධ අපලාදා ඇසුවෝය. තරුණ නවකතාකරුවෙකුට ලිපි පියූ යෝෂුවා වරෙක එහි මෙසේ සඳහන් කළේය, ‘ඔබ සියල්ල අමතක කරන්න. මුදල් පසුව නුඹව සොයාගෙන පැමිණේවි‘. මූල්‍යමය තෘප්තිය හා සාහිත්‍යමය තෘප්තිය, නවකථා ත්‍රිත්වයක් ලියා අවසන් වූ පසු කවර ආකාරයේ එකක් වුණිද? මම මගේ පැනය මින් ඉදිරියට විවරණය නොකරමි.

සැබැවින්ම මෙයට සරළ පිළිතුරක් දීමට නො හැකියි. මම මගේ පොත් යම් ප්‍රකාශකයෙක් හරහා මුද්‍රණය කරවා ගනු ලබනවා නම් ඔහු බෙහෙවින්ම සැළකිලිමත් වෙන්නෙ ‘මේ කෘතිය අලෙවි කරන්න පුළුවන් ද?‘ කියන කාරණාවයි. නමුත් එම මූල්‍යමය ලක්ෂ්‍යයයේදී මා නිදහස්. නමුත් සම්පූර්ණයෙන්ම නොවේ. මම නිරන්තරයෙන්ම විස්වාස කරනවා හොඳ දේ විකිණිය හැකියි කියා. හොඳ නිෂ්පාදන ත්‍රිත්වයක් අභියස සැබැවින්ම මම අනෙක් ලේඛකයන්ට වඩා වෘත්තීමය වශයෙන් තෘප්තිමත්. නමුත් මා කරමින් සිටින දෙය තව කෙනෙකුට කළ හැකි ද කියා මා දන්නෙ නැහැ. වෙළඳ භාණ්ඩයක් යනු කුමක්ද කියා තේරුම්ගත නොහැකි අයට මෙවැනි සන්දර්භයක ලේඛකයෙකු වීම සහනදායී හැඟීමක් ගෙන දෙනවාද නැතිද යන්න ගැන දෙවරක් සිතිය යුතු වෙනවා. ශුද්ධ වූ සියල්ල අශුද්ධ යැයි කියූ සැණින්, අපට වෙළඳපොළ යථාර්ථය මඟ හැර යා නො හැකියි. එහෙම නොවුණොත් ඔහු නිශේධාත්මක සාධකයක් පමණයි.

අසංවර වූ අපේ කතාවේ නිමාව අභිසය,ඒ පරණ කෝන්තරකාරයා මාක්ස් නිදි ගත් හොල්මනක් සේ නැගිට අප අතරට පැමිණේ. ග්‍රීක සම්භාව්‍ය කලාව පිළිබඳව කිසිදිනෙක නොමැකෙන අයුරින් අප තුළ තිබෙන්නා වූ ආසාව වියැකී නොයෑම මානව පැවැත්මේ කුඩා අවධියයට ප්‍රේම කිරීමයි යනුවෙන් ඔහු වරෙක ලීවේය. දැන් මඩවල ඔබ මට කියන්න ගතව ගිය අපේ අතීතය ඔබට හුදු නොස්ටැල්ජියාවක්ම පමණක් ද?
මා යොදා ගනු ලබන්නේ මගේ හදවතට දැනෙන වස්තු විෂයක් පමණයි. මගේ නව කතා මා බහු විධ කියවීම් කරා රැගෙන යනු ලබන්නේ පාඨකයා පිළිබඳව බෙහෙවින්ම සවිඤ්ඤාණිකවයි. ඉතිහාසය යනු මට සාපේක්ෂව ෆැන්ටසියක් පමණයි. අපට එය යළි යළිත් අපේ නිර්මාණ හරහා අලුතින් නිෂ්පාදනය කළ හැකියි. මම පසු කළ මගේ කෘති ත්‍රිත්වයම එවැනි වූ නිෂ්පාදන මාදිලි ත්‍රිත්වයක්.

සංවාද සටහන
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...