21 April 2018
RSS Facebook Twitter   

මෛත්‍රීපාල සිරිසේන රනිල්ගෙ සිරකරුවෙක්-විදුර වික්‍රමනායක

vidura-wickramanayaka1ශ්‍රීලනිප යේ පිට කොන්දක් තියෙන එකම පුද්ගලයා ඔබද?
අපොයි නෑ. ! මම එහෙම කවදාවත් කියලා නෑ.

නමුත් ඔබට ලැබුණ ඇමති ධූරය ප්‍රතික්ෂේප කරද්දි කිව්වා මට ඕන වුණේ ශ්‍රීලනිපයේ පිට කොන්දක් තියෙන එකෙක් හරි ඉන්නවා කියලා පෙන්වන්න බව.
ඔව්! ඉතිං මං ඒක පෙන්නුවා.

පසුගිය රාජපක්ෂ සමයේදි හුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක් වුණු ඔබට එ පිළිබඳව ඒ අවස්ථාවේදී භාවිතාවට පිටකොන්දක් තිබුණේ නැද්ද?
මං වෙනුවෙන් නැගී සිටින්න මිනිස්සු මට ඡන්දය දීලා නෑ.

ඔබ නියෝජනය කරන්නෙ සැබෑ ශ්‍රීලනිප ය ද? එසේත් නැතිනම් මහින්ද රාපක්ෂ කල්ලියද?
අපේ පක්ෂය තුළ කල්ලි නෑ. ඕවා මාධ්‍ය විසින් ඇති කරපු දේවල්. අපි නියෝජනය කරන්නෙ ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන සියලුම රටවැසියන්.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් හැටියට ඔබ හිතන්නෙ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති වශයෙන් නම් කළ යුතුයි කියාද?
අවශ්‍යය වෙලාවට නායකත්වය මතු වේවි. එපමණයි ඕකෙ තියෙන්නෙ.

ඔබ හිතනවද රාජපක්ෂ මහතා අගමැති ධූරයට සුදුසුයි කියලා?
නුසුදුසු ඇයි?
ඔහු කලින් ජනපති වෙලා ඉඳලා දැන් පහළ තනතුරකට තේරී පත්වීමම නුසුදුසුයිනෙ.
ඔබ කියන විඳියට එතුමගෙ කැමැත්ත ඒක නම් ඒක එහෙම වෙන්නත් පුළුවන්.

19 සම්මත කර ගැනීමට වළි කෑ ශ්‍රීලනිලප ය 20 සම්මත කරගැනීමට මැළි කමක් දක්වන්නේ ඇයි?
කිසිම මැලිකමක් නෑ. අපි අදත් ඒකට වලි කනවා.

එතකොට කා අතේද මේ ප්‍රමාදය තියෙන්නෙ?
එක්සත් ජාතික පක්ෂයේ. සුළුතර රූකඩ ආණ්ඩුවේ ප්‍රමාදය තමා තියෙන්නෙ.

මහින්ද මහතා වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලුවොත් ඔබ ඔහුට සහාය දීමට යනවද?
ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ඒ පක්ෂයේ රැඳිලා ඉන්නවා. යම් කිසි අවදානමක් තියෙනවා නම් ජනතාවගේ පරමාධිපත්‍යය, විශේෂයෙන්ම ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නෙ නෑ කියලා අපි තවඳුරටත් දේශපාලනය කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න වෙනවා.

ඔබේ පිළිතුර තවඳුරටත් පැහැදිළි කරන්න පුළුවන්ද?
ඔය විඳියට පක්ෂ කැඩිලා කැඩිලා ගිහිල්ලා අපේ ඡන්ද පදනමත් කැඩෙනවා නම් එජාපය බලයට ඒවි. එවැනි අවදානමක් තියෙන වෙලාවක අපි සූදානම් නෑ එක එක කල්ලිවලට කණ්ඩායම්වලට උදව් කරන්න.

20 වෙනි සංශෝධනය කෙටුම්පත්කිරීමෙන් පසුව ඊළඟ මැතිවරණ ක්‍රමය ඒ අයුරින්ම පැවැත්විය යුතුයි කියා ඔබ හිතනවද?
යමක් කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සෙ එය නීතියක් බවට පත් වෙනවා. ඊට පස්සෙ ඒක තමයි ක්‍රියාත්මක විය යුත්තෙ. ඒක තමයි ශීලාචාරකම හා සාධාරණය වෙන්නෙ.

නමුත් 20 වෙනි කෙටුම්පත පිළිබඳ සියළු පක්ෂ වලට අවබෝධ කරවීම සඳහා යම් කාලයක් අවැසි වෙනවා නේද?
ඔය වැරැද්ද 19 දි වුණා. ඔය සුළුතර රූකඩ ආණ්ඩුව කෙකර ගෑවට අවසානයේ කාරක සභාවේ කිසිම කෙටුම්පතක් නැතිව තමයි අපි විවාද කළේ, ඒ නිසා පාර්ලිමේන්තුව පැයකට ආසන්න කාලයක් කල් තිබ්බා. මං ඒක වරින් වර මතු කළා.

කොමිෂන් සභා නිළධාරීන් පත් කරනු ලබන ව්‍යවස්ථා දායක සභාවට ඇමතිවරුන් ඇතුළු කිරීම ගැටළු සහගතයි නේද?
ඔව්! අද(03)ඒ පිළිබඳව අවසාන තීරණයක් ගනීවි. මං විස්වාස කරන්නෙ ශ්‍රීලනිපයේ අපි කාගෙවත් වලිගයක් වෙන්න ඕන නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ අපේ නායකයා නෙමෙයි. එයා යූඑන්පීයේ නායකයා. හැබැයි මම දකිනවා ශ්‍රීලනිපයේ නායකයා මෛත්‍රීපාල මැතිතුමා රනිල්ගෙ දේශපාලන හිරකාරයෙක් වෙලා කියලා.


ඔබ එය අවධාරණය තරනවද?
ඔව්! වෙන දේවල් අනුව තමයි මම කියන්නෙ.

හිරකාරයා යන යෙදුමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕන දේවල් විතරයි අපේ නායකතුමා කරන්නෙ. එතුමා අපිට විරුද්ධ පක්ෂ කණ්ඩායම් රැස්වීමෙදි පොරොන්දුවක් දුන්නා එක්තරා වගන්තියක් ඉවත් කරන බව.

කුමක්ද ඒ වගන්තිය?
ඒ වගන්තිය අදටත් ඒ වුණාට ඉවත් කරලා නෑ. ඒ වගන්තිය ඉවත් කරනවට රනිල් වික්‍රමසිංහ මහත්මයා කැමති නෑලු. මට මතක විඳියට පොලිස් මූල්‍ය තත්වය පිළිබඳ වගන්තියක්. ඒක ඉවත් කරනවට රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති නෑලු. රනිල්ගෙ චින්තනයයි අපේ චින්තනයයි දෙකක්. අහසට පොළව වගේ කිසිම ගැළපීමක් නෑ. වැඩසටහන් වලදි ගැළපෙන්න පුළුවන් වුණත් අපි ඉන්නෙ අන්ත දෙකක.


අවසාන ප්‍රශ්නය. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයේ ජයග්‍රහණය අනිවාර්යද?
අනිවාර්යයි.

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...