19 January 2018
RSS Facebook Twitter   

අපි යූ.එන්.පී.ය සමඟ සන්ධානගත සාකච්ඡාවකට අපි කැමතියි - ආචාර්ය වික්‍රමබාහු

 

wickramabahu karunarathnaඅන්ත දක්ෂිණාංශික යූ.එන්.පී.ය සමඟ සමාජවාදියෙක් විඳියට ඔබ වැඩ කරනවා නමුත් මැද පිළිවෙතේ යන සන්ධානය සමඟ ඔබට කිසිඳු ගනුදෙනුවක් නැහැ. ඇයි ඒ?

 

දැන් මෙහෙමයි, ඒ ඒ පක්ෂවලට දීලා තියෙන හැඳුනුම්පත් තේරුමක් නෑ, ඒ වර්ධනයන් තුළ. දැන් එජාපය ඉතාම ප්‍රතිගාමී තැනක හිටියේ නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී සහ යථාවාදී බව වෙනුවෙන් පෙනී හිටින පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා ධනේශ්වර සමාජ ක්‍රමය තුළ. ධනේෂ්වර සමාජය තුළ රැඩිකල් නායකයෙක් බවට පත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ. ඒ අතර ශ්‍රීලනිප යේ හිටපු නායකයා වන මහින්ද රාජපක්ෂ අන්ත ෆැසිස්ට්වාදී දූෂිත පාලකයෙක් වුණා. ඒ වගේම ජාත්‍යන්තර කොම්පැනිවලට යට වුණ නායකයෙක් බවට පත් වුණා. කොටින්ම කියනවා නම් රට විකුණන් කන තත්වයට ඔහු පත් වුණා.

ම‍ගේ මතකය නිවරදි නම් ප්‍රංශයේ අනූ ගණන් වල අග භාගයේදී වාමාංශික පක්ෂය මැතිවරණයට ඉදිරිපත් නොවී අන්ත දක්ෂිණාංශික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීමට දක්ෂිණාංශික පක්ෂය වෙත ඡන්දය ලබා  දෙන්න කියලා සෘජුව ප්‍රකාශ කරනු ලැබුවා. ඔබ සිටින්නේත් එවැනි අවස්ථාවාදී දේශපාලනික භූමිකාවක සැරිසරමින් ඔබේ මළඟිය මිතුරා වන වාසුදේවගේ ඉතිරි භූමිකාව රඟ දක්වමින් නේද?

එක විඳියකින් අපි ෆැසිස්ට්වාදීන් පරාජය කිරීමට ලිබරල්වාදීන් සමඟ එක්සත්ව සටනකට යන්න පුළුවන්. ඒක ට්‍රොට්ස්කිවාදීන් පිළිගත්ත සටන් ක්‍රියාදාමයක්.

ඔබ නිතරම පවසන නොනවතින විප්ලවය ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග් කියූ නොනවතින විප්ලවවාදයට පටහැනියි කියා මා සිතනවා

ඒ ඔබ දකින විඳිහ. නමුත් පැහැදිළිවම ජර්මනියෙදි ට්‍රොට්ස්කි කිව්වෙ වහාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර පක්ෂත් සමඟ එකතු වෙලා මේ ෆැසිස්ට්වාදීන්ට මුහුණ දෙන්න. ඔවුන්ව පරාජය කරන්න. මොකද ඔවුන් ආවොත් සියල්ල අවසාන වන නිසා.

විධායක සභාවට ඔබව තෝරා පත් කරගනු ලැබීමත් , එහිදී ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔබ තෘප්තිමත් වෙනවද?

ඔව්! විධායක සභාවට මාව තෝරා ගත්තෙ මටත් කියලා නෙමේ. මොකද ජනතාවගේ හඬ තුළින් තමා විධායක සභාව මතු වුණේ. ඒක කිසිම නිශ්චිත එකක් නෙමේනෙ. එදා ඒ සටන් බිමේ නැගී ආපු නායකයන් ටික තමයි එකතු කරගන්න සිද්ද වුණේ.

දැන් දින සියය අවසන් වෙලා තිබුණත් තවම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නෑ. මේ තත්වය ඔබ දකින්නෙ කොහොමද? මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි රවී කරුණානායක ඇමතිවරයා එක්තරා පුවත්පතක සාකච්ඡාවකදී පාර්ලිමේන්තුව අප්‍රේල් 24 විසුරුවා හරින බව කියා තිබුණා.

මෙන්න මේ ඩිලේ එක තමා ප්‍රශ්නෙ. දැන් මේකෙදි දැනට අපි සියළුම ප්‍රශ්නවලට මැදිහත් වෙලා තියෙනවා දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දය කරන්න ඕන. ඡන්දය කළාම අළුත් පාර්ලිමේන්තුවක් ඇති වුණාම අපේ මේ තාවකාලික විසඳුම් ක්‍රියාමාර්ග සහ ජාතික විධායක සභාවත් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒක තාම කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද මැතිවරණ ක්‍රමය පිළිබඳව ශ්‍රීලනිපයත් ප්‍රතිගාමී අදහස් අත හරින නිසා. මොකද සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කරන්න හඳනවා මනාප ක්‍රමයත් එක්කම. ඒක භයානක වැඩක්. මනාප ක්‍රමය ඉතාම දුර්වල දෙයක් ඒක අයින් කළ යුතුයි. නමුත් ඒ සමඟම බබාව විසි කරන්න බෑ. බබාව හෝදලා සබන් වතුර අයින් කරලා බබාව තියාගන්න ඕන.

මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට උපරිමයෙන් කටයුතු කළ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මෑතකදී කොළඹදී පැවති හමුවකදී කියා සිටියා මේ තරම් අච්චාරු වුණ ආණ්ඩුවක් තමන් කිසි දිනෙක දැන නොමැති බව. මේ පිළිබඳව ඔබ මොකද හිතන්නෙ?

සරත් එන් සිල්වා පහුගිය කාලෙම කතා කරපුවා බැලුවම ඔහු නම් අච්චාරුවක් බව පේනවා.  ඔහු කිසිම විඳයකින් ඉන්ටලෙක්චුවල් කෙනෙක් කියලා පිළිගන්න බෑ. වංචනික ලෙස අදහස් ප්‍රකාශකරන උගතෙක් පමණයි ඔහු. ඒ නිසා ඔහු ගැන කතා කරන්න මම කැමති නෑ.

ඔබ මැරෙනතුරුම සමාජවාදියෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ අඳින ඇඳුම පවා වැඩවසම් යුගයේ සංකේතයක් නේද?

අපේ ගම්බද ජනතාව පවා හුරු වෙලා හිටිය ඒ ඇඳුම මම නූතන කලාවට ගත්තා. අපිට ගැළපෙන ඇඳුමක් හැටියට ප්‍රභූවරුන්ගේ ඇඳුමක් හැටියට මම එය පත් කර ගත්තා.

20 වෙනි සංශෝධනයෙන් පසුව මහ මැතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ පිළ ඔහුව අගමැති ලෙස තෝරා පත් කරගතහොත් රටේ තත්වය කුමක් වේවි දැයි කියා ඔබ සිතනවද?

මහින්ද රාජපක්ෂට ඔය කියන විඳියට බලයට එන්න බෑ.

නමුත් ඔහු වෙනුවෙන් ඒකරාශී වුණ පිළක් වෙනම ශ්‍රීලනිප අභ්‍යන්තරයේ සිටින බව ඔබ දන්නවා.

ඔව් හොරුන් ගාව සල්ලි තියෙනවා. බහු ජාතික සමාගම් වලින් ඒ අයට සල්ලි ලැබෙනවා. ඉතිං ඔවුන්ට ඕන කරන්නෙ ඒ ජඩ වැඩ කරගන්න පුද්ගලයෙක් තමයි. නමුත් ඒ අය වරක් පැරදුනා. ඒ වගේම අපි ඒ අයව තවත් වරක් පරද්දලා පෙන්වන්න ඕන.

19 වෙනි සංශෝධනය හරහා පිහිටවීමට නියමිත කොමිෂණ් සභා එකොළහ පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

විශාල අරගලයක් කරලා තමයි ඔය තරම්වත් කරගත්තෙ. මොකද මහින්ද රාජපක්ෂ එතැනත් අරගල කරනවා. ඒකත් කඩාකප්පල් කළා. නමුත් සෑහෙන කොටසක් එකතුවෙලා වෙනසක් කළා. 78 කළු කොඩි දාලා හිරේ ගිය නායකයා මම. එතකොට අපේ හඬ මේ සමාජය දෙදරාගෙන 19 වෙනි සංශෝධනය හරහා එළියට ආවා කියලා මං විස්වාස කරනවා.

20 වෙනි සංශෝධනය කෙටුම්පත් කිරීමෙන් අනතුරුව අළුත් ක්‍රමයට මැතිවරණය පවත්වාවි කියා ඔබ සිතනවාද?

ඔය කියන විඳියට 20 වෙනි සංශෝධනය ගෙන ආවොත් ඒ සංශෝධනය ජනතාව අතරට ගෙන යන්න පක්ෂ අතරට ගෙන ගිහින් සූදානම් වෙන්න අඩු තරමේ හය මාසයක්වත් යනවා. හය මාසයකට පස්සෙ යන ඡන්දෙකදි නම් ඒක කරන්න පුළුවන් වේවි. නමුත් ක්ෂණිකව ඡන්දයට යනවා නම් මේ ක්‍රමයටම තමා කරන්න වෙන්නෙ.

මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ශ්‍රීලනිප නායකයා බවට පත්වීම ඔබ දකින්නෙ කොහොමද?

මහින්ද රාජපක්ෂ වගේ විනාශකාරී පුද්ගලයෙක් ඉවත් වෙලා එතුමා වගේ කෙනෙක් එතැනට ඒම අපි ලබා ගත්ත අනිවාර්ය ජයග්‍රහණයක්.

ඉදිරි මහ මැතිවරණයේදී ඔබේ පක්ෂය යූඑන්පීය සමඟ සන්ධානගත වෙනවද?

 නෑ අපි වාමාංශික අදහස් දරන සියලු දෙනා එක්කරගෙන තරඟ කරන්න යනවා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරනවා අපිත් එක්ක සාකච්ඡා කරන්න කැමති නම් එන්න කියලා.

ඔබේ පැරණ මිතුරා වාසුදේව ගැන දැන් ඔබට මොකද හිතෙන්නෙ?

 මගේ පැරණි මිත්‍රයා 1994දි මැරුණා. දැන් ඔහුගේ රූපකාය තුළ ඉන්නවා භූතයෙක්. ඒ භූතයා කරන දේවල් නිසා අවලම් ලෝකෙකට මේ දේශපාලනය ඇඳගෙන ගිහින් තියෙනවා.

බාසුරු ජයවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...