21 July 2018
RSS Facebook Twitter   

මං දේශපාලනිකව සහමුලින්ම අහෝසි වුණා - වාසු

vasuනව රජයේ දින සියය ගැන ඔබ තෘප්තිමත්ද?
 
නව රජයේ දින සියය අවසන් වෙනකොට රජයේ  හොඳ නරක දෙකම පේන්න පටන් අරන් තියෙනවා.
ඒ නිසා රජය විසින් ගන්නා ලද යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන්, උතුරු පළාතේ ගනු ලැබූ පියවරයන් සාධනීය හැටියට දකිනවා. 
 
ඒ වගේම අර බඩු මිල අඩුකිරීම් වගේ දේවල් බොරුවක් බව පේනවා. මොකද බඩු මිල නැවත ඉහළ නගින්න පටන් අරන් තියෙනවා. එතකොට අනිත් අතට ගත්තම දින සීයත් එක්කලම රැකියාවන් අහිමි වුණ අය ඉන්නවා. ඒ වගේම සංවර්ධන නැඩ නවත්වලා තියෙනවා.  
 
රුපියලේ මිල පහළ වැටිලා. 2012 සහ 2013 වර්ෂ එක්ක අරන් බලද්දි ඒක එහෙම සිද්ද වෙලා තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයට හැම භාණ්ඩයකම මිල ඉහළ යනවා. ඊළඟට මේ මහ බැංකුවේ ප්‍රශ්නය නිසා ආණ්ඩුවේ දූෂණය පිළිබඳව තියෙන සියලු නම්බුව ගැලවිලා යනවා. 
 
මේ ආණ්ඩුව යටතේ දැන් අර හිටපු නඩුකාරයා ජනාධිපති බලයෙන් ඉවත් කළා. එහෙම බලයක් ව්‍යවස්ථාවේ නෑ. ඒ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට පමණයි. ඒකත් මෙයාලගෙ පූච්චානම් කතාවක්. අනිත් පැත්තට ව්‍යවස්ථාවේ තිබෙන පරිදි බහුතර මතය ඇති මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අගමැතිවරයා තෝරා ගත යුතුයි. මේ ඔක්කොම එකට ගත්තම ඒගොල්ලන්ගෙ ශේෂ පත්‍රය තුළ ඒ අය ඉන්නෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා විරෝධී මේ රටේ ජන මතයට පටහැනිව ක්‍රියාත්මක වෙන , දූෂිත භාවිතය කිසිසේත්ම අඩුවක් නැති ආණ්ඩු පාලනයක් හැටියටයි මං මේක දකින්නෙ. අවසානයේ තියෙන්නෙ නිකම් සෘණ ඵලයක් පමණයි. 
 
19 වෙනි සංශෝධනය හරහා පිහිටවීමට නියමිත කොමිෂන් සභා එකොළහ අනිවාර්යෙන්ම පිහිටුවාවි කියලා ඔබ සිතනවද?
 
ඔව් පිහිටවනවා. ව්‍යවස්ථා සභාව පහිටුවීටමත් දැන්  කටයුතු වීගෙන යනවා.
 
පසුගියදා පාර්ලිමේන්තුවෙදි අගමැතිවරයාට ඔබ කුණුහරුපයෙන් බැන වැඳුනා නේද? ඒ ඇයි?
 
ඔහු විසින් ඇති කරපු ප්‍රකෝප කිරීම නිසා මට ඒක කියවුණේ. ඔහු කතානායකටත් ගරු නොකොට පාර්ලිමේන්තු නීතියටත් ගරු නොකර පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ මගේ ජ්‍යෙෂ්ඨත්ව පවා නොසළකා ඔහු බොහොම හිතුවක්කාර ලෙස ක්‍රියා කරන්න පටන් ගත්තා. එතකොට ඔහුට බැන වැදීමේදී මගේ අතින් ඒ නරක වචනය කියවුණා. (මෙම අසභ්‍ය වදන තෙවරක්ම ප්‍රකාශ වූ බැවින් එදින හැන්සෑඩ් වාර්තාවෙන් එය ඉවත් කරනු ලැබූවේය. -සටහන ලිපිකරුගෙනි)
 
පරිප්පු කිලෝවක් 225ක් පමණ වන අතර කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10කට මිලදී ගැනීමට හැකියි. නව රජයේ අතුරු අය වැය ගැන ඔබේ අදහස කුමක්ද?
 
අතුරු අය වැය මේ ආණ්ඩුව  ඉදිරිපත් කරපු ඒ වගේම පුස්සක් බවට පත් වුණ එකක්. මං කියන්නම් මේ වැඩිවෙච්ච මිල. මං ලියාගෙන ආවා කඩේට ගිහින්. ළූණු අල තව රුපියල් තිහකින් පවා වැඩි වුනා. හාල් හැම වර්ගයක්ම රුපියල් දහයකින් පහළොවකින් වැඩි වුණා. හාල් මැස්සො කරෝලත් රුපියල් තිහකින් විතර වැඩි වුණා. මේ  විදුලි බිල සියට විසි පහකින් වැඩි වුණා. ඒ නිසා අතුරු අය වැය දෙනවයි කිව්ව සහන අද සම්පූර්ණයෙන්ම බොරුවක් බවට පත් වෙලා තියෙනවා.  
 
ශ්‍රීලනිප අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂද? නැතිනම් වෙන කව්රුන් හරිද?
 
අගමැති විය යුත්තේ  මහින්ද රාජපක්ෂ බවට ශ්‍රී.ල.නි.ප.යේත් සන්ධානයත් අතර එකඟතාවයක් තියෙනවා. අපේක්ෂකයා ඉදිරිපත්වන විට ඔහු සමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටයි ඉදිරිපත් වෙන්නෙ. අගමැති අපේක්ෂකයා නමේ ධූරයෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ. 
 
එසේ නම් දැන් ඔබතුමා මට කියන්න සාමාන්‍ය අපේක්ෂකයෙකු වශයෙන් මහින්ද මහතා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහුට අගමැති ධූරය  ලබා නොදී  වෙනත් අයෙකුට එය ලබා දුන්නොත් ඔබ ඇතුළු මහින්ද පිළ ගනු පියවර කුමක්ද?
 
ඒක වෙන්නත් පුළුවන්. නමුත් අපි විස්වාස කරනවා සන්ධානය දිනුවොත් බහුතරයේ කැමැත්ත හිමි වෙන්නෙ මහින්ද මහත්තයාට තමයි කියලා.
 
18 වෙනි සංශෝධනයට එකඟ වීම තුළින් ඔබ සහමුලින්ම දේශපාලනිකව බිඳ වැටුණා නේද?
 
ඔව්!!!
 
නව රජය යටතේ යුද අපරාධ සෙවීමට එල්.එල්.ආර්.සී. වැනි වාර්තාවක් පිහිටුවීමට රජයට යෝජනා කළ යුතුයි කියා ඔබ සිතන් නැද්ද?
 
එය ක්‍රියාත්මක කළ යුතුයි කියලා මං පහුගිය ආණ්ඩුවේ හිටපු කාලෙදිම කිව්වා. 
 
20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙරාතුව ගෙන ආ යුතුයි කියා ඔබ සිතනවද?
 
අනිවාරයෙන්ම ඒක තමයි සිදු විය යුත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී පුනරාගමනයේ දෙවනි එක  තමයි ඒක
 
එමෙන්ම මෙවර මහ මැතිවරණය එම අළුත් ක්‍රමයට පැවැත්විය යුතුයි කියා ඔබ සිතනවද?
 
සංශෝධන ගෙන ඒමේ අර්ථය විය යුත්තේ ඒකයි. ඒක පෙට්ටගමේ දාලා තියන්න බෑ. 
 
අවසාන ප්‍රශ්නය. ඔබෙන් පසුව ඔබේ පක්ෂය තවඳුරටත් පවතීවිද?
 
ඒක ඓතිහාසික වශයෙන් තීරණය විය යුතු දෙයක්. ඓතිහාසිකව අපට භූමිකාවක් තියෙනවා නම් මගෙන් පසුවත් පක්ෂය පවතීවි. මම හිතන්නෙ එහෙම භූමිකාවක් තියෙනවා. මේ භූමිකාව තියෙන්නෙ යූඑන්පී විරෝධය සහ අධිරාජ්‍ය විරෝධය වීමත්  ප්‍රජාතන්ත්‍රවාදී වීමත් ජාතික සමගිය සඳහා පෙනී සිටීමත්ය. මෙන්න මේ කාරණා පෙරටුකරගත් භූමිකාවක් අපට තියෙනවා. මෙන්න මේ කාරණා සමඟ බැඳුණ මහින්ද මහත්තයාගේ නායකත්වයට පක්ෂපාතී අපි වගේ පක්ෂයක් වෙන නැති නිසා අපේ පක්ෂය පවතීවි.
 
සාකච්ඡා කළේ,
 
බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...