19 January 2018
RSS Facebook Twitter   

මාතලේ සමූහ මිනීවළ ගැන සත්‍යය කඩිනමින් හෙළිකරනු!

මාතලේ රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් සඳහා පසුගියදා අත්තිවාරම් කැපීමේදී මිනිස් ඇටකටු හා හිස්කබල් රැසක් හමුවිය. එකී මිනිස් ඇටසැකිලි තිබූ ආකාරය අනුව එය සමූහ ලෙස මිනිසුන් වළ දැමූ සමූහ මිනී වළක් බව තහවුරු විය. මාතලේ මහේස්ත‍්‍රාත්තුමිය ද එම ස්ථානයට පැමිණ පරීක්‍ෂා කිරීමෙන් පසු අධිකරණ නියෝග මත තවදුරටත් එම ප‍්‍රදේශයේ කැණීම් සිදුකළ අතර මේ වනවිට මිනිස් හිස්කබල් ඇතුළු අස්ථි කොටස් රැසක් හමුවී ඇත.

Read more...

නොමග නොයන් පුතේ - අපට ෆ‍්‍රෑන්ක් ඇතේ !

සුනාමි ආධාර ලෙස විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවේදී සහ ශ‍්‍රී ලංකාව මහා පරිමානයෙන් ආයුධ මිලට ගත් අවස්ථාවල ශ‍්‍රී ලාංකිකයන් විසින් ස්විස්ටර්ලන්තයේ රහස්‍ය බැංකු තුල විශාල වශයෙන් මුදල් තැන්පත් කිරීමේ ඉහළ යෑමක් දක්නට ඇති බව ස්විස් ෆෙඩරල් බැංකුව විසින් වර්ෂ 2002-2010 කාලවකවානුව සඳහා ප‍්‍රකාශයට පත්කළ බැංකු වාර්තාවෙන් පෙනී යන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Read more...

තැපැල් මුද්දර ජාවාරමක්

තැපැල් හා ආදයම් මුද්දර නිකුත් කිරීමේ ප්‍රතිප්තියට පටහැනිව තැපැල් කටයුතු අමාත්‍යාංශය විසින් මුද්දර යක් මුද්‍රණය කිරීමට අවසර දී ඇති බව වාර්තාවෙයි. Read more...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල විකිණීමෙන් විලීට කෝටි 10 ක්

‘සාටකවාදය’ ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 30 ක කාලයක් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගමට (Perth Engineering & Maintenance) පැවරීම හරහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විලී ගමගේ මහතා රුපියල් කෝටි 10 ක කොමිස් මුදලක් ලබාගෙන ඇති බව ජනාධිපති කාර්යාලය වෙත වාර්තා වී තිබේ.

Read more...

‘සාටකවාදයේ’ ආර්ථික පිළිවෙතින් ආර්යාවගේ බෑනාට අක්කර 2,000 ක ඉඩමක් නොමිලේ

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් ඇයගේ බෑනා කෙනෙකු වන ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාට ති‍්‍රකුණාමලයේ ඉඩම් අක්කර 2,000 ක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. Read more...

රජයේ විකාශනාගාර ජනාධිපති පුතුගේ CSN නාලිකාවට

ජනාධිපති පුත්, නාවික නිලධාරී යෝෂිත රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ පෙම්වතියට අයත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාලිකාවේ විකාශන කටයුතු සඳහා රජයට අයත් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව හා ස්වාධීන රූපවාහිනී ආයතනය සතු විකාශනාගාර හොර රහසින්ම අත්පත් කර ගනිමින් සිටින බව අප වෙත වාර්තාවේ.

Read more...

චීන ණය ආධාරවලින් බැසිල්ට කොමිස් කුට්ටියක්

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා සිදු කරන මඟ ‘නැඟුම, දිවි නැඟුම, උතුරු වසන්තය’ වැනි ව්‍යාපෘතිවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ණය අධාර යටතේ චීනයෙන් ගෙන්වීමේදී විෂය භාර අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට මහා පරිමාණයෙන් කොමිස් ලැබී ඇති බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Read more...

රාජ්‍ය මාධ්‍ය ඩිජිටල්කරණයේ මුවාවෙන් මනමාල ගනේගල කොමිස් ජාවාරමක

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ඩිජිටල් තාක්‍ෂණය හදුනා දී මේ මුවාවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී ගනේගල මහතා රුපියල් කෝටි ගණනක කොමිස් ජාවාරමක අත ගසා සිටින බව ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.

Read more...

‘කැතික්’ සමාගමට වෙන් කළ ඉඩම නාමල්ගේ හිතවතෙකුට

ශී‍්‍ර ලංකා යුද හමුදා මූලස්ථානය පවත්වාගෙන ගිය ගාලූ මුවදොර භූමියෙන් ඉඩම් අක්කර 07 ක් චීනයේ ‘කැතික්’ සමාගමට ලබාදීමට රජය ගෙන තිබූ තීරණය වෙනස් කර ගෙන ඇත්තේ එම ඉඩම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට හිතවත් විදේශ සමාගමට පැවරීම සඳහා බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තාවේ. Read more...

අල්ලස් ගෙන මාට්ටු වූ මහනුවර නගරාධිපතිට ජනාධිපති සමාව

තායිවානයේ තායිනුවර පැවැති වැඩමුළුවක් හා පුහුණු සැසියක් මඟහැර සිය භාර්යාව සමග සිංගප්පුරුවේ සංචාරයක නිරත වෙමින් රුපියල් 185,185 ක් රජයට පාඩු කිරීම හා අයුතු ලාභයක් ඉපැයීම යන චෝදනාවලට වරදකරුවෙකු බවට පත්ව සිටි මහනුවර හිටපු නගරාධිපති කේසර දහම් සොඳ සේනානායක මහතා ජනාධිපති පොදු සමාව යටතේ සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

Read more...

බැසිල්ටත් කෙනෙහෙළිකම්! - කැතික් ගිවිසුම අහෝසි කෙරේ

ජනාධිපති සොහොයුරු, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට ද ජනාධිපතිවරයාගේ කෙනෙහෙළිකම්වලට මුහුණ දීමට සිදුවී ඇතැයි වාර්තා වේ. Read more...

 

 

මානව හිමිකම්