19 January 2018
RSS Facebook Twitter   

ඉන්දීය ලේඛිකාව ඇෆ්ගනිස්තානයේ දී වෙඩි තබා මරුට

Indian Sumishthaතාලිබාන් වරුන්ගෙන් ගැලවී ආ ආකාරය පිලිබඳව ජනප්‍රිය පොතක් ලියූ ඉන්දීය ලේඛිකාවක් ගිනිකොන දිග පක්ටිකා ප්‍රාන්තයේදී වෙඩිතබා මරා දමා ඇතැයි ඇෆ්ගන් පොලිසිය පවසයි.

හතලිස් නව හැවිරිදි සුශ්මිතා බැනර්ජි විවාහ වී සිටියේ ඇෆ්ගනිස්තාන ව්‍යාපාරිකයකු සමගයි.

පොලිසිය පවසන්නේ තාලිබාන් සටන්කරුවන් සේ සැක කැරෙන පිරිසක් නිවසට ඇතුල්වී ඇගේ සැමියා සහ ඥාතීන් ගැට ගසා ඇය පැහැර ගෙන ගොස් වෙඩි තබන ලද බවයි.

1995දී සුශ්මිතා බැනර්ජි ලියු තාලිබාන් වරුන් ගෙන් ගැලවී ගැනීමේ කතාව දස වසරකට පෙර දී එස්කේප් ෆ්‍රොම් තාලිබාන් නමින් බොලිවුඩ් සිනමාවටද නැගුනි.
උපුටා ගැනීම - බීබීසී සිංහල

 

 

මානව හිමිකම්