23 April 2018
RSS Facebook Twitter   

හමුදාව කිලිනොච්චියේ මවක් දූෂණය කරයි; රෝගියා බැලීමටත් බාධා

rape ladyපසුගිය අගහරුවාදා කිලිනොච්චිය,පූනකරි ප්‍රදේශයේ කැලෑව තුළට දර එකතු කිරීමට ගිය කාන්තාවක් ශ්‍රී ලංකා හමුදාවේ දෙදෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස දුෂණයට ලක්කර තිබේ. 38 හැවිරිද මවක් වන ඇය පූනකර් රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ගම්වැසියන් සහ ඇයගේ දරුවන් එක්ව අදාළ කැලය තුළදී ඇය සොයාගන්නා විට අය සිහිමුරුච්ඡා තත්ත්වයේ සිට ඇත. පුනගකරි රෝහලේ ප්‍රකාශකයෙකු ටැමිල්නෙට් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ ප්‍රකාශ කර ඇත්තේ ඇයව දුෂණයට ලක්වීමට පෙර අදාළ හමුදා සෙඹළුන් විසින් ඇයගේ දෙපා සහ දෑත් ගැටගසා ඇති බවයි. පූනකරි ප්‍රදේශීය ලේකම්කොට්ඨාශයේ කෘෂිකර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ යෙදෙමින් ජීවත් වන පවුල් 6000 ක් පමණ ජීවත්වන අතර ප්‍රදේශයේ හමුදාව සෙඹලු 30,000 ක් පමණ රදවා ඇති අතර ඔවුන් විසින් මේ ලෙස දිගින් දිගටම ගම්වැසියන් විවිධ අන්දමින් පීඩාවට සහ අතවරයට පත්කරමින් සිටිති. ලිංගික අතවරයට ලක්වී ඇති කන්තාව ව​​​​නෛයිසෝදායි ගම්මානයේ ජීවත්වන කන්තාවක් වන අතර ඇයගේ සැමියා හිටපු විමුක්ති කොටි සාමාජිකයෙකු වන අතර ඔහු තවමත් හමුදා භාරයේ රදවාගෙන සිටින බවත් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

පූනකරි රෝහලේ ප්‍රකාශකයෙන් වැඩිදුරටත් ටැමිල් නෙට් වෙබි අඩවිය වෙත පවසා ඇත්තේ දැඩි ලේවහනය වීම අදාළ කන්තාවගේ තත්ත්වය බරපතල බැවින් චාවකච්චේරිය රෝහල වෙත ඇය මාරුකළ බවයි.

ලැබෙන අලුත්ම වාර්තා සදහන් කරන්නේ ඇයගේ තත්ත්වය තවදුරටත් බරපතල බැවින් ඇය කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සැත්මකටද ඇය භාජනය කළ බවයි.

පුහුලු හොරා කරෙන් දැනේ

මේ අතර දූෂණයට ලක්වී රෝහල්ගත කොට සිටින කාන්තාවක් හමුවීමට රෝහල් බලධාරීන් තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් බීබීසී සන්දේශය සමග පවසා සිටියේය.

ඇය දූෂණය කොට තිබෙන්නේ හමුදා සෙබළුන් විසින් බවට සැක කරන බව ද පවසා සිටි මන්ත්‍රීවරයා , කාන්තාව දූෂණය කිරීමට පෙර ඇයගේ ඇස සහ කට බැඳීමට යොදා ගන්නා ලද ටී ෂර්ටය ආරක්ෂක අංශ සාමාජිකයන් නිතර භාවිත කරන්නක් බව එම කාන්තාව පොලිසියට දී තිබෙන කට උත්තරයේ සඳහන් බව ද පැවසීය.

මේ අතර කිලිනොච්චිය ​​රෝහලේ සේවකයෙකු අප වෙත හෙලිකර සිටියේ අදාළ කාන්තාව බැලීමට එනයන අය ගැන සොය බැලීමට හමුදා බුද්ධි අංශ සාමාජියක් 5 දෙනෙකු රෝහලේ විවිධ ස්ථානවල රදවා සිටින බවයි.

මීට පෙරද හමුදා බුද්ධි අංශ මෙහයවීමෙන් ශ්‍රී ලංකා හමුදාවට බදවා ගත් දෙමළ තරුණියන් 103 දෙනෙකු මානසික අතවරයන්ට ලක්වීමෙන් කිලිනොච්චිය රෝහලට අැතුළත් කරන ලද අවස්ථාවේදීද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම තරුණියන්ගේ තත්ත්වය සොයා බැලීමට රෝහලට ගිය නමුත් හමුදාව විසින් ඔහුට අවස්ථාව ලබාදුන්නේ නැත.

පසුව මාධ්‍යවාර්තා සදහන්කරන ලද්දේ එහි තරුණියන් තිදෙනෙකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බවයි. එසේම එම කණ්ඩායමට අයත් තවත් තරුණියක් මීට මාස කීපයකට පෙර ඝාතනය වූ අතර ඇයද ඝාතනය වීමට පෙර ලිංගික අතවරයට පත්වී ඇතිබව අප වාර්තා කලෙමු. එසේම එම තරුණියක් හට හමුදවෙන් ඉවත් වීමට සහය වීමට ගිය ​​වෛද්‍ය සිවශන්කරද අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද්දේ මාස 4 කට පසුවය.

පූනකරි සහ අවට ගම්මානවල ප්‍රදේශයේ හමුදා කණ්ඩ දෙකකට (20,000) සහ අනුකණ්ඩ (11,000) 11 කට අයත් හමුදා සෙඹලු 31,000 ක් පමණ රදවා සිටී.

ශ්‍රී ලංකා හමුදාවේ පිරිස් විසින් දිගින් දිගටම උතුරේ දෙමළ කාන්තාවන් විවිධ ලිංගික අතවරයන්ට ලක්වන අතර ඉන් බහුතරයක් ස්ත්‍රීදුෂණ වෙයි. ශ්‍රී ලංකා හමුදාව ස්ත්‍රී දුෂණය සිය ආයුධයක් වශයෙන් යොදාගන්නා අතර යුද්ධයේ අවසාන අදියරේදී අවතැන් කදවුරු වල සහ හමුදාවට බාරවූ තරුණියන්ගෙන් 90%ක්ම හමුදාව විසින් දුෂණය කරන ලද බව එම කදවුරු වල වාසය කළ පිරිස් සමග තොරතුරු හුවමාරු කර ගැනීමේදී අනාවරණය වී ඇත.

 

 

මානව හිමිකම්