19 January 2018
RSS Facebook Twitter   

වෙඩි පහරින් මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

rathupaswala amilaවැලිවේරියේ රතුපස්‌වල පෙරේදා (01 වැනිදා) පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමේ සිද්ධියේදී වෙඩි පහරකට ලක්‌ව මියගිය අය 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු වැලිවේරිය හෙලන්වත්තේ පදිංචිව සිටි කේ. ඒ. අකිල දිනේෂ් ජයවර්ධන නමැති යක්‌කල චන්ද්‍රජෝති විද්‍යාලයේ උසස්‌ පෙළ හදාරන සිසුවෙකි. මෙම ශිෂ්‍යා අමතර පන්තියකට සහභාගිවෙමින් තම නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවේදී මෙම අවසනාවන්ත ඉරණමට ගොදුරු වූ බව පැවසේ.
වෙඩි ප්‍රහාරයට ලක්‌වීමෙන් බරපතළ තුවාල ලැබූ සිවුදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ගම්පහ රෝහලේ 18 දෙනකුත්, වතුපිටිවල රෝහලේ 08 දෙනකුත්, රාගම රෝහලේ 4 දෙනකුත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙයින් කිහිප දෙනකුටම ශල්‍යකර්ම සිදුකර ඇත.

නම ප්‍රකාශ කිරීමට අකමැති තුවාලකරුවෙක්‌ මෙසේ පැවසීය.

"අපි අතුරු පාරක සිට උද්ඝෝෂණය පැවති පැත්තට යමින් සිටියේ. මියගිය අය ගියේ සේවය සඳහා ගොස්‌ සිටි මව නිවසට එක්‌කගෙන එන්න. යකඩ පොලු අතේ තියාගෙන සිටි හමුදා නිලධාරීන් එම යකඩ පොලුවලින් පහර දුන්නා. ගුටිකාගෙන දුවන අය හමුදා නිලධාරීන්ට ගල්වලින් පහර දුන්නා. එවිට හමුදා නිලධාරීන් දස අතේ වෙඩි තිබ්බා. වෙඩි වැදී බිම වැටුණ මා හට යකඩ පොලුවලින් පහර දුන්නා.

ස්තූතිය - දිවයින

 

 

මානව හිමිකම්