නල්ලුර් හි සුබ්‍රමනියම් වයස අවුරුදු 47 දී හැදුනුම්පත ඉල්ලයි.
- Details
- Created on Thursday, 25 July 2013 08:57
- Category: මානව හිමිකම්
යාපනය, නල්ලුර්, කොන්ඩාවිල් හි ස්ටේෂන් පාරේ පදිංචි සිවපාද සුබ්‍රමනියම් මහතා ( වයස අවුරුදු 47 ) මුල් වරට ජාතික හැදුනුම්පත සදහා අයදුම් කරයි.
පසුගියදා (23) යාපනය නල්ලුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවති ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවයේදී සිවපාද සුබ්‍රමනියම් මහතා සිය ජාතික හැදුනුම්පත සදහා වන අයදුම් පත භාර දුන්නේය.
කැෆේ සංවිධානය, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්ව ජාතික හැදුනුම්පත් හෝ වෙනත් අනන්‍යතා සහතික නොමැති පුද්ගලයින්හට පහසුකම් සැලසීමේ මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ජංගම සේවාවට එක්වු සිවපාද සුබ්‍රමනියම් මහතා සදහන් කළේ වසර ගණනාවක් පුරා තමන් බලාපොරොත්තුව සිටි එහෙත් ඉටුකරගත නොහැකිව තිබු බලාපොරොත්තුවක් ඉටුවීම පිළිබදව සතුටු වන බවයි. කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කළ පුර්ව ප්රචාරක කටයුතු වලින් මේ පිළිබදව තමන් දැනගත් බව සිවපාද සුබ්‍රමනියම් මහතා සදහන් කරයි.
තමන් දිනකට රුපියල් 500 ක දෛනික වැටුපකට සේවය කරන කම්කරුවෙක් බවත් සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ජාතික හැදුනුම්පත ලබාගැනීමේදී ඒ සදහා දින ගණනාවක් වෙහෙසවීමට සිදුව තිබු බවත්, එම දිනවලදී සිය ආදායම අහිමිව යා හැකිව තිබු බවත් සුබ්‍රමනියම් මහතා කියයි. නමුත් මෙම ජංගම සේවයට පැමිණ එකම ස්ථානයකදී නොමිලේම ඡායාරූප ලබාගෙන අවශ්‍ය සියලු සහතික ඉදිරිපත් කර දිනක් තුළ ජාතික හැදුනුම්පත සදහා අයදුම් කිරීමට හැකිවීම අතිශය සතුටට කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
තමන් සතුව මෙතෙක් පැවතියේ තාවකාලික හැදුනුම්පතක් බවත් එම හැදුනුම්පත භාවිත කර පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි වු බවත් සුබ්‍රමනියම් මහතා පැවසීය.
යාපනය දිස්ත්‍රික්කයේ නල්ලුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යාපනයේ ජාතික හැදුනුම්පත් අහිමි විශාල පිරිසක් වෙසෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් එකකි. මේ අතරින් 562 දෙදෙනෙක් පසුගියදා ( 23) පැවති ජංගම සේවයේදී ජාතික හැදුනුම්පත් සදහා අයදුම් කර තිබේ.
උතුරු පළාතේ ජාතික හැදුනුම්පත් සහ වෙනත් අනන්‍යතා සහතික අහිමි වුවන් වෙත ඒවා ලබාදීමේ ජංගම සේවාව පසුගිය ජුලි 9 වනදා කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ඇරඹි අතර එම සේවාව මේ වන විට යාපනය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක දෙකෙහිද ක්‍රියාත්මක වෙමින් පවතියි.
එම දිස්ත්‍රික්කද ඇතුළත්ව මෙතෙක් පැවති මෙම ජංගම සේවාවලින් පුද්ගලයින් හත්දහසකට අධික පිරිසකට සේවා ලබාගැනීමට අවස්ථාව හිමිව තිබේ.
සුබ්‍රමනියම් මහතාගේ ඡායාරූපය ඇතුළු ඡායාරූප පෙළක්
CAFFE
මානව හිමිකම්
- කළුතර වස්කඩුව ඝාතන 05
- කළුතර වස්කඩුව ඝාතන 04
- [Video]‘අම්මලාට දරුවන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ නීතියෙන්'
- කළුතර වස්කඩුව ඝාතන 03
- කළුතර වස්කඩුව ඝාතන 02
- කළුතර වස්කඩුව ප්‍රදේශයේ ඝාතනයන් 01
- අනුරාධපුර ශුද්ධ භූමිය ලේ විලක්
- තවත් බොරු නඩු දැමීමක්.
- ඩයලොග් සමාගම. ජාතික හැදුනුම් පත බලයි. මුහුණ නොබලයි
- මේවා කාට කියමු ද ?
- ඉන්දීය ලේඛිකාව ඇෆ්ගනිස්තානයේ දී වෙඩි තබා මරුට
- උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්ෂි සහිතයි)
- කන් සපා කන ශ්‍රී ලංකා පොලීසිය
- කතා නොකළැයි කියා, පොලිසියෙන් ගොලුවෙකුට අමානුෂික වද
- හමුදාව කිලිනොච්චියේ මවක් දූෂණය කරයි; රෝගියා බැලීමටත් බාධා
- පිළියන්දල පොලීසිය අපරාධකරුවන් ආරක්ෂා කරයි.
- අධිකරණය හරිහැටි මනුතාපය විනිශ්චය නොකරයි.
- හෙණ ගහපං ගණන් බලා පං මෙහෙමත් වැඩිකිරිල්ලක්
- වෙඩි පහරින් මියගියේ පාසල් ශිෂ්‍යයෙක්
- නල්ලුර් හි සුබ්‍රමනියම් වයස අවුරුදු 47 දී හැදුනුම්පත ඉල්ලයි.