20 April 2018
RSS Facebook Twitter   

අනුරාධපුර ශුද්ධ භූමිය ලේ විලක්

 

anuradhapuraනිදසන් පසු ශ්‍රී ලාංකීය රාජ්‍ය පාලනය බාරගත් කළු සුද්දන්ට එරෙහි දෙවන අරගලයට මේ වසරේ දී විසිපස් වසරක් සපිරේ. එය නිමිති කොට ගෙන ආණ්ඩුවේ මෙන්ම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වූ මිනිස් ජිවිත පිළිබඳ සටහනක් තබන්නට අප ගිය සතියේ මුල පිරුවෙමු. අද පළ වන්නේ එහි දෙවන පියවර යි.

 

දේශපාලන සිරකරුවෝ
අත්අඩංගුවට ගැනීම්, අතුරුදන් වීම් සහ මරා දැමීම් - මහනුවර
·         තිබ්බොටුවාවේ ඥානරතන හිමි, දීපදුත්තාරාමය, දොරගමුව. - 1989 03 මස 02 වන දින රාත්‍රී වත්තේගම පොලිසිය සහ හමුදාව පැමිණ උන්වහන්සේ පැහැරගෙන ගොස් ඇත.

·         මනෝරත්න, දොරගමුවගම, දොරගමුව. - 1989 03 මස 01 වන දින රාත්‍රී වත්තේගම පොලිසිය සහ හමුදාව පැමිණ පැහැරගෙන ගොස් ඇත. වත්තේගම හමුදාකවුරේ සිට බේරි ආ පුද්ගලයකු පවසා ඇත්තේ ඔහුට තදින් පහර දී ඇති බවයි. ඒ වන විට කිසිවකුට ඔහු හමුවීමට ඉඩ දී නොමැත.

·         ගොඩගේ සිරිමල්, මල්ලපාන, දිගන - 1989 -02 වන මස 13 වන දින පැමිණි කොළ කොටි මෙම පුද්ගලයාගේ ගරාජය ඉදිරිපිට දි ම වෙඩි තබා ඝාතනය කර ඇත.     

 
අනුරාධපුර ශුද්ධ භූමිය ලේ විලක්
1988 දෙසැම්බර් 07 වන දින සිට 89 පෙබරවාරි 17 වන දින වන විට පද්ගලයන් 81 ක් ස්ථිරව ම මරා දමා ඇති බවට තොරතුරු හමු වී ඇත. හමු නොවූ තොරතුරු කොතෙක්දැයි කිව නොහැකි ය. මිට අමතරව අබිරහස් ලෙස විනාශ කර ඇති ජිවිත අපමණයි. ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වූ මෙම මළසිරුරු අසල: ‘‘කහ බළල්ලු’’, ‘‘කොළ කොටි’’ සහ ‘‘ප්‍රා’’ යනුවෙන් විවිධ නම්වලින් පෝස්ටර් දමා ඇත. බොහෝ මළසිරුරු ටයර් දමා පුළුස්සා මහමග ප්‍රදර්ශනය කෙරේ. ඊට අමතරව හොවේපතාන ගම්මානයේ දුටු වැව ප්‍රදේශයේ E. P. R. L. F. සංවිධානයෙන් 38 දෙනකු කපා කොටා මරා දමා තිබුණි.
 
·         1989 – 02 - -04 වන දින සිට 12 වන දින දක්වා වු දින 08 ක් තුළ සිදු වූ ඝාතන

·         04-02-89 ගලකිරියාගම හිඟුරුවැල්පිටියේ දී මැලිසිරිපුරින් පැහැරගෙන ආවේ යැයි කියන ශ්‍රීලනිපයේ පුද්ගලයකු කොළ කොටි විසින්මරා දමා ඇත.

·         04-02-89 ගල්කිරියාගම බුදුගෙයිහින්න දී උභයපාල නම් ශ්‍රිලනිප ආධාරකරුවකු කොළ කොටි විසින් ඝාතනය කොට ඇත.

·         06-02-89 ගල්නැව හුරුගසුවැව දී ආනන්ද පියතිලක නම් අයෙක් පැහැරගෙන ගොස් එදින ම රාත්‍රී 12 ට පමණ ගල්නෑව තඹුත්තේගම මාර්ගයේ කලාඔය පාලම අසල වෙඩි තබා මරා දමා ඇත. ඒ සඳහා රතු පාට වෑන් රථයකින් ආයුද සන්නද්ධ දහයක පමණ පිරිසකක් (කොළ කොටි) එදින සවස 06 ට පමණ පැමිණ ඇති බවට ආරංචි ලැබී ඇත.

·         06-02-89 රත්මල්ගහවැවින් පැහැරගෙන ආවේ යැයි පවසන හතර දෙනකු හබරන ගලපිටගල දී මරා දමා ඇත.

·         06-02-89 කැකිරාව මහා විද්‍යාලයේ සිසුවකු (උසස් පෙළ වාණිජ) තිබ්බොටු වැව දී මරා දමා ඇත.

·         06-01-89 කෑගල්ලේ වීරක්කොඩි, ජයසිංහ සහ තවත් දෙදෙනකු ඉහළ හල්මිල්ල වැව් බැම්මේ මරා දමා ඇත.

·         11-02-89 නොච්චියාගම දී පුද්ගලයකු මරා දමා ඇත.

·         12-02-89 ගලෙන්බිඳුනවැව දී පාර අයිනේ පාරට පෙනෙන පරිදි පුද්ගලයකු මරා ගසක එල්ලා ඊට යටින් ටයර් හතක් දමා පුළුස්සා ඇත.

·         13-02-89 ගල්කුලම තලගුරු වෙහෙර පන්සලට යන මාර්ගයේ පුද්ගලයන් දෙදෙනකු මරා දමා තිබිණ.

·         08-02-89 රාත්‍රී එප්පාවල නල්ලමුදාවේ දී කොළ කොටි එක් පුද්ගලයකු මරා දමා ඇත.

·         තවත් මරා දැමීම්

·         24-01-89 කැකිරාව තිරප්පනේ මාර්ගයේ දී පුද්ගලයන් 09 දෙනකු මරා දමා ඇත.

·         24-01-89 ඉහළගම කලාවැවව මාර්ගයේ දී 05 දෙනකු ගෙනවිත් විඩතබා ඇති අතර ඉන් 04 දෙනකු මියගොස් ඇත. ඉතිරි පුද්ගලයා තුවාල ලබා බේරි පලා ගොස් ඇත.

·         24-01-89  රාත්‍රී පුද්ගලයන් 04 දෙනකු අනුරාධපුර විජයපුර සුසාන භූමියේ දී පුළුස්සා දමා ඇත.

·         13-02-89 විල්පත්තුව හන්දියේ දී වයස 22 – 24 අතර පුද්ගලයකු මරා දමා ඇත.

·         12-01-89 කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ උස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සුදර්ශන වීරසිංහ නමැති ශිෂ්‍යයා 12 වන දින උදේ එප්පාවල දී අත්අඩංගුවට ගෙන ඇති අතර එදින ම මරදන්කඩවල හන්දියේ දි මරා දමා ඇත. ඔහුගේ මළ සිරුර අසල ‘‘බලු කොටි’’ යනුවෙන් සඳහන් කාඩ්බෝර්ඩ් පුවරුවක් දමා ගොස් ඇත.

·         08-02-89 රාජාංගනය යාය 15 පොම්පාගාරය අසර වෙඩි තබා ඝාතනය කළ මළ සිරුරක් හමු වී ඇත. යාය 15 විහාරස්ථානයේ නිදා සිටි දෙදෙනකු හමුදාවෙන් පැමිණ අත්අඩංගුවට ගෙන එක් අයකු එම ස්ථානයේ දී ම මරා දමා ඇති අතර මහතුන් නමැත්තා රැගෙන ගොස් පසු දින එළිවන යාමයේ මරා දමා ඇත.

·         08-02-89 රාත්‍රී 10 ට පමණ ජීප් රථයකින් ගෙනවිත් ඇති අයකු මහඉලුප්පල්ලම (කැලේ ඉඹුල්ගම ඉහළගම ) අසල ජයගඟ ඉවුරේ මරා දමා ඇත. ඇඟට තෙල් වත්කොට ගිනි තබා ඇත.  වයස 20-23 ක් පමණ ඇත. එම ස්ථානයේ හිස් පතොරමක් තිබි ඇත. මියගිය පුද්ගලයා කවුදැයි හඳුනාගෙන නැත.

·         08-02-89 දින රාත්‍රී 11 ට පමණ මකුලැව නිරාවිය සත්ව ගොවිපළ අසල පාලම උඩ පුද්ගලයකු මරා පුළුස්සා ඇත.

·         08-02-89 හෝ ආසන්න දිනයක දී කැකිරාව කුඹුක්වැව අසල ගමේ පස් දෙනකු වෙඩි තබා මරා දමා ඇති අතර ඒ අතර පාසල් ශිෂයයන් දෙදෙනකද වෙති.

·         10-02-89 වැලිඔය රඹෑව අනුරාධපුර යාපනය මාර්ගයේ පුද්ගලයන් 04 දෙනකු වෙඩිතබා මරා දමා ඇත. ‘‘ප්‍රා’’ නමැති සංවිධානය මෙහි වගකීම බාරගන්නා බව සඳහන් කර ඇත. ඉහත කී දින පාන්දර 04 ට පමණ වෙඩි හඩ ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති.

·         09-02-89 පදවිය පුද්ගලයන් දෙදෙනකු මරා දමා ඇත.

·         08-02-89 කැබිතිගොල්ලෑව වුනියාව මාර්ගයේ 17 දෙනකු මරා දමා ඇත.

·         28-11-88 මහඉලුක්පල්ලම සංඝට්ටාවේ දී පුද්ගලික බස්රියක් ගිනි තබා ඇති අතර කලාවැව මන්ත්‍රී අධිකාරිගේ ග්‍රාමාරක්ෂකයන් පැමිණ හතරවටේට කළ වෙඩි තැබීමක දී වයස අවුරුදු 12 ක පාසල් ශිෂ්‍යාවක් මියගොස් ඇත.

·         03-01-89 ගලකුලමේ සමරතුංග යන අය මරදන්කඩවල හමුදා කඳවුරේ දී මරා දමා ඇත.

·         16-01-89 විලච්චියේ දී එක් පුද්ගලයකු මරා දමා ඇත.

·         16-01-89 කේ. එන්. පොඩිඅප්පුහාමි කන්නට්ටිය නිවසේ සිට දුවන විට අනුරාධපුර පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කොට පාර දිගේ ඇදගෙන ගොස් පොලිස් ට්‍රක් එකට දමා ඇත.

·         16-01-88 ගලෙන්බිඳුණුවැව සාම පෙළපාලියේ දී පොලීසියේ වෙඩිපහරින් මිය ගිය පුද්ගලයන්

·         බී. ඩී. ගුණරත්න, ගැටලාව. වයස 33 යි. වම් ඇසට සහ හිස පිටුපසට වෙඩි වැදී තිබුණි. විවාහක ය. බිරිඳගේ නම ඩී. ඩබ්. පොඩිහාමි. දරුවන් තිදෙනෙකි.

·         කේ. කේ. දිසානායක, ගැටලාව. වයස 27 යි. දකුණු ළැම ප්‍රෙද්ශයට වෙඩි වැදී ඇත. මියගොස් ඇත්තේ අනුරාධුර රෝහලේ දී ය.

·         යසතිලක, නිකවැව. විවාහකයි. උදර ප්‍රෙද්ශයට වෙඩි වැදි තිබුණි. අනුරාධපුර රෝහලේ දි මිය ගිය අතර මිනිය ආපසු ගෙන එද්දී අනුරාධපුර පොලීසියේ පිරිසක් මළසිරුර පැහැරගෙන ගොස් පුළුස්සා දමා ඇත.

·         05-12-88 පියසේන නමැති පුද්ගලයාට වෙඩි තබා පෙට්‍රල් දමා පුළුස්සා ඇත. මෙය කොළ කොටි විසින් සිදු කරන ලද්දක් බව ප්‍රෙද්ශවාසීහු පවසති.

·         05-12-88 ජේ. බන්දුසේන, අංක 467, අංගමුව රාජාංගනය. මොහු අංගමුව කනත්ත අසල දී අත්අඩංගුවට ගෙන අත. තඹුත්තේගම පෙලීසිය විසින් පසුව කලාඔය පාලම අසල දී පුළුස්සා මරා දමා ඇත.

·         05-02-89 සේනපුර ප්‍රෙද්ශයේ පුද්ගලයන් 35 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙය කැකිරාව පොලීසියේ ක්‍රියාවකි. අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳ මෙතෙක් තොරතුරු නොමැත.

·         04-02-89 කැකිරාව මානෑව දී ගල්කිියාගම විද්‍යාලයේ ශිෂ්‍යය බුවනෙක රාජකරුණා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තොරතුරක් නොමැත.

·         01-02-89 මුල් සතිය තුළ කහටගස්දිගිලිය හොරොව්පතාන සහ ගලෙන්බිඳුණවැව පොලිස් බලප්‍රෙද්ශ තුළ පුද්ගලයන් 600 ක් පමණ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙයින් අඩක් පමණ නිදහස් කර හැරිය ද අනෙක් පුද්ගලයන් පිළිබඳ මේ වනතෙක් තොරතුරක් නැත.

1989 දෙසැම්බර් මස අතුරුදන් වීම්
·         සරත් රූපානන්ද, යකල්ල, මෙගොඩවැව. වයස 36. රකියාව ගොවිතැන. කාන්ඩෝ ටී ෂර්ට් අඳ සිටි භට පිරිසක් පැමිණ නිවසේ නිදමින් සිටි මොහු පැහැරගෙන ගොස් ඇත. අනතුරුව කිසිඳු තොරතුරක් නොලැබුණ අතර ප්‍රෙද්ශවාසින් පවසන්නේ ගජබා බලකාය විසින් රැගෙන ගොස් ඝාතනය කොට ඇති බව ය.

·         එන්. ආරියරත්න, අංක 58, මරදන්කඩවල, මෙගොඩවැව, කහටගස්දිගිලිය. වයස 30 යි. ආර් පී සීවරයකු ලෙස වැලිකන්ද, සේරුනුවර, තන්තිරිමලේ, අනුරාධපුර, හිඟුරක්ගොඩ සහ කහටගස්දිගිලිය යන පොලීසිවල සේවය කොට පසුව ඉල්ලා අස් වී ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුණවැව පොලිසිය විසිනි. සෙමග ම දිසානායක නමැති පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත. පසුව හතරමංහන්දියේ දි හැම දෙනාට ම පෙනෙන පරිදි මානුෂික ලෙස වද දී ඇත. අනතුරුව ගලෙන්බිඳුණවැව පොලීසියට ගෙන ගොස් ඇත. ඔවු දෙදෙනා රැගත් පොලිස් ජීප් රථය පසුදින ලුයම් කාලයේ පොලිසියෙන් පිටව ගොස් ඇති අතර තොරතුරක් නොලැබිණ. හල්මිල්ලෑවේ දි මරා දමා තිබූ පිළිස්සුණ සිරුර ආරියරත්නගේ සිරුරට සමාන යැයි දුටුවෝ පවසති.

·         89-02-11 වන දින රාත්‍රී 11 ට පමණ අනුරාධපුර කනත්ත අසල දී පුද්ගලයන් දෙදෙනකු පොලිසය විසින් මරා දමා ඇත. ප්‍රෙද්ශවාසීන් පවසන පරිදි රාත්‍රී 11.50 ට පමණ වෙඩි හඬ තුනක් ඇසී ඇත. දෙදෙනකුගේ අත් පිටුපසට තබා ලණුවකින් බැඳ ඇත. සරම් ඇඳ සිටි අතර නිල්පාට කමීසයකින් මුහුණ වසා තිබුණි. අනෙකාගේ මුහුණ බැඳ තිබුණත් වෙඩි වැදීම හේතුවෙන් නිරාවරණය වී ඇත. මළ සිරුර තිබුණේ අනුරාධපුර රත්නායක විද්‍යාලයත් කනත්තේ තාප්පයත් අතර විද්‍යාලය පැත්තට වන්නට ය. මොවුන් දෙනො සමග තවත් පුද්ගලයකුට වෙඩි තබා ඇති අතර වෙඩි වැදී ඇත්තේ බෙල්ලට ය. ඔහුට කතාකිරිමට අපහසු වුව ද ලිවිමෙන් සියලු තොරතුරු අනාවරණය කොට ඇත. ටී. එම්. සිරිසේන නමැති මොහු හිරිගොල්ල තලාවේ පදිංචිකරුවෙකි. ඔහු සඳහන් කල පරිදි මෙය සිදු කොට ඇත්තේ පොලීසිය විසිනි. පසුව ප්‍රෙද්ශවාසීන් කාර් රථයකින් 2 වන දින උදේ 09.45 ට පමණ අනුරාධපුර රෝහලට ගොස් ඇත. මෙම මළ සිරුරු අසල ප්ලැටිග්නම් පැනකින් මෙසේ සටහන් කොට තිබී ඇත.

01. විජේවීරගේ ගෝලයෙකි.
02. රාජ්‍ය විරෝධී පත්‍රිකා ගෙන යාම.
03. බෝක්කු, පාලම්, ලයිට් කණු කැඩීම.ආරක්ෂක නිලධාරීන්ට මණ තර්ජනය කිරීම. එනිසා මුන්ට දෙන අවම දඬුවම මරණය යි.
·         කාඩ්බොර්ඩ් කැබලි දෙකක ‘‘බලු කොටි’’ සහ ‘‘D tigers’’ යනුවෙන් ලියා තිබිණ. මිය ගිය අය වයස 20 – 26 අතර පසුවූවෝ වෙති.

·         එදින ම ගල්නැව ප්‍රෙද්ශයේ කැලැවක් අසල පුළුස්සා දමා තිබූ මල සිරුරු 03 ක් හමු වී ඇත.

·         02-01-89 සවස 04 ට පමණ අංක තහඩු නැති වාහනයකින් පැමිණි පිරිසක්  මැදිරිගරිය චෛත්‍ය පාරේ සෝමෙ මුදලාලිගේ කඩේ සේවය කළ නන්දෙ අයියා නමැත්තා පැහැරගෙන ගොස් ඇත. ඔහුගේ මළ සිරුර එදින ම සවස 05 ට පමණ කුසුම් පොකුණ අසල තිබී ඇත. එහි පෝස්ටරයක මෙසේ සඳහන්ව තිබිණ. ‘‘J V P අනුගාමිකයන්ට මරණය U S A’’

·         27-01-89 පොළොන්නරුව කිරිමණ්ඩලයේ සේවය කළ සරත් ගුණසේකර, ගල්ලෑල්ල පොහොර ගබඩාවේ සේවය කළ අජිත් විමලසේකර, විමලසිරි, සුමනේ යන අය පොළොන්නරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සරත් ගුණසේකර බැලීම සඳහා ඔහුගේ පියා පොලීසියට ගිය විට සිය පුතා පසුව නිදහස් කරන බවට ප්‍රකාෂ කර ඇතත් පසුදින පියා පුතා රැගෙන ඒමට ගිය විට පවසා ඇත්තේ ඔහු නිදහස් කළ බව යි. එහෙත් මේ වන තුරු ඔහු නිවසට පැමිණ නැත.

·         27-01-89 කෝපාවැව පාසල අසල පදංචි ලක්ෂ්මන් ගමගේ පොළොන්නරුව පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඇත. ඔහුගේ පියාට ද පුතා නිදහස් කරන බවට පොරොන්දු වුව ද මේ වන තුරු කිසිඳු තොරතුරක් නොමැත.

විනිවිද 1989 අප්‍රියෙල් - මැයි 22 වන කලාපය

 

 

 

මානව හිමිකම්