23 April 2018
RSS Facebook Twitter   

අපට සියල්ලන්වම ඇන්දවිය හැකිද? - ලසිල් ද සිල්වා

parlimentසෝල්බරි ව්‍යවස්ථාව වශයෙන් පොදුවේ දන්නා 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල විභජනය වැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක තිබිය යුතු සියලූ ප‍්‍රධාන අංගවලින් සමන්විත මූලික ව්‍යුහයක් තිබුණි. එය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත්  ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක දක්නට ලැබෙන ලක්ෂණයකි. එසේ තිබියදී, 1972 දී 1978 දී වෙනත් ව්‍යවස්ථාවන් අප විසින් සකසා ගත්තේ, රබර් මුද්‍රාවකට සීමා වන පාර්ලිමේන්තුවකුත්, අධිකාරීවාදී විධායකයකුත් ඇති කර ගැනීමේ අශුද්ධ වූත්, දුෂ්ට වූත් යටි අරමුණකින් යැයි කෙනෙකුට තර්ක කිරීමේ හැකියාව තිබේ. ඒ හේතුවෙන්, එතෙක් රටේ පැවති ආචාර ධර්මීය, සදාචාරමය, සමාජ සංස්කෘතික සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන් ක‍්‍රමයෙන් හෑල්ලූ කිරීමට මග පෑදුණි. රාජ්‍යකරණය සහ දේශපාලනයත් ඒ සමග පරිහානියට ලක්විය.

Read more...

‘ජනවාරි විප්ලවය’ මෙතැනින් කොතැනට ද? - සුනන්ද දේශප්‍රිය

ele slවිප්ලවය සැම විටම එහි දරුවන් ගිල දමන්නේ යැයි කියමනක් තිබේ. සෑම විට ම සත්‍ය නොවූවද එම කියමන සමාජ පෙරළියක කොටස්කරුවන් වන ප්‍රතිවිරෝධී බලවේග අතර නායකත්වය සඳහා ඇතිවන මාරක අරගලය සංකේතවත් කරයි. විප්ලවයේ ජයග්‍රහණයේ පදනම වන පුළුල්තම බලවේගයන්හි එකමුතුව, අවසානයේ දී නිවැරදි කළමණාකරණයක් නැතිව ගියහොත් විප්ලවයේ මාරකය බවට පත්වීමට ඉඩ තිබේ. Read more...

අලිබබා හැර හොරු හතළිහට ආලය කිරීමේ ‘යහපාලනය’ හෙවත් මෛත‍්‍රීපාල සිරිසේනගේ ද්විත්වය

Maithripala-Sirisena4 123පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජයට කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡුන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ එම පුද්ගලයාගේම වෙනත් රූපකයක් එම ඡුන්දයෙන්ම ජනතාව ජයග‍්‍රහණය කැරැවූ සුවිශේෂී අවස්ථාව මෙයයි. Read more...

යටත් වැසියන්ගේ වහල් භාවයේ පිළුනු ගඳ සහ මහින්දගේ ‘වහල් පැං‘

MR-Radalaමහින්ද රාජපක්ෂගේ ‘පංසල් දේශපාලනයේ‘ අභයාරාම කාර්යාලයේ සිදුකළ දේශපාලන සාකච්ඡාවක් අහම්බෙන් ඊයේ(16) දුටුවේ පසුගිය ජනවාරි 8ට පෙර මෙන් ‘රාජපක්ෂගේ දෛනික වැඩකටයුතු සියලු දේවල් ප්‍රවෘත්ති‘ යැයි සිතා එය තමන්ගේ නාලිකාවේ ‘දමන‘ දෙරණ ප්‍රවෘත්තියකයි. Read more...

පරාජිතයාගේ සහායෙන් එ. ජා. ප. ය පැරදවීම - සුනිල් ගාමිණී

mr 123ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂව බලයෙන් පහ කිරීම වෙනුවෙන් ඔහු හා සටනට පිළිපන් ප්‍රතිමල්ලවයා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මහ ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේනය. ඒ තෝරා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව මෙන්ම වත්මන් අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේය. Read more...

ඩයස්පෝරා සමුළුවක් කොළඹදී පැවැත්විය යුතුද ? - නිලන්ත ඉලංගමුව

caloforniaදින කිහිපයක් ගත වී ඇත. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය මංගල සමරවීර මහතා පිළිගත හැකි කරුණු සහිත අදහස් ඉදිරිපත් කරමින් තමන්ට එරෙහිව නැගෙන ප්‍රතිරෝධය යටපත් කිරීම සඳහා යොමු වී සිටිනු දැක ගත හැකිය. විශේෂයෙන්ම ඒ මහතා ලන්ඩනය මුලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සංධානය සමග පැවැත් වූ කතා බහට තම දායකත්වය සැපයීම සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරමින් සිටින්නේය. සමරවීර මහතා, ඔවුහු හමුවූ පළමුවතාව මෙය නොවේ. සැබවින්ම, අදාළ කාරණය සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමේදී ඔහු දැඩි වෙහෙසට පත් වී ඇති සැටියෙකි. Read more...

මිථ්‍යා විශ්වාස, ප‍්‍රචණ්ඩත්වය සහ බලය - තිසරණී ගුණසේකර

superstition‘‘ස්වාධීනව සිතීමේ ශක්තියක් අපට නැත්නම්, බලාධිකාරය ප‍්‍රශ්න කිරීමේ වුවමනාවක් අපට නැත්නම්, අපට සිදුවන්නේ බලයේ සිටින අයවළුන්ගේ අතේ හැඩවෙන මැටි ගුලියක් බවට පත්වීමටයි’’ -කාල් සගාන් (‘‘යක්ෂාවතාරයට යට වූ ලෝකය’’) Read more...

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුද්දයි!

dargaදර්ගාවට ඇදිරි නීතිය දැමුවේ පසුගිය වසරේ(2014) ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය. Read more...

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව නොව, පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන්න - ලසිල් ද සිල්වා

parliament slඅපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක‍්‍රමයට තෝරාගන්නා මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක‍්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම ප‍්‍රමාණය ඒ ඒ දේශපාලන පක්ෂ මහ මැතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප‍්‍රමාණයට සමානුපාතිකව බෙදා හැරේ. Read more...

වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා චීනයට ගියේ පරණ යකඩවලට විකිණිය හැකි නැවක් මිලදී ගැනීමටද? - නිලන්ත ඉලංගමුව

jayanaඒ පසුගිය වසරේ ජූලී මාසයේ පළමු දිනයයි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම සමීපතම නිලධාරියෙකු වූ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ ඔහු තරු තුනේ වයිස් අද්මිරාල්වරයෙකු ලෙසද උසස් කරවමිනි. හෙතම, නාවික හමුදාපතිවරයා වීමට පෙර නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය. Read more...

පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? - සුනන්ද දේශප්‍රිය

MR 12ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහකි. අද රාජපක්ෂ පරම්පරාවට සහ රාජපක්ෂ වහලුන්ට සිදුව තිබෙන්නේ ගලා ගෙන එන දූෂණ භිෂණ විරෝධී  ප්‍රවාහයෙන් බේරෙනු පිනිස එල්ලෙන්නට පිදුරු ගස් සොයමින් කැ ගැසීමට ය. Read more...

 

 

විශේෂාංග