23 April 2018
RSS Facebook Twitter   

ලැජ්ජා නැතිකම මහාචාර්යකමටත් වඩා ලොකුය! -රවි චන්ද්‍රලාල්

kalo 123අප උගන්නා තරුණ කාලයේ අපට අපේ ලෝකයේ වීරයෝ සිටියෝ ය. ඔවුන් අපට වීරයන් වුනේ සමහර ආචීර්ණ කල්පිත සම්මතයන්ට විවෘතවම අභියෝග කළ නිසා ය. ලාංකික ජන විඥානය වෙත විද්‍යාවෙහි ආලෝකය රැගෙන ඒමට කරන ලද කැපවීම් නිසා ය. එකල අවිද්‍යාවට එරෙහිව සටන් වැදුනු ප්‍රධාන කුලකයක් වූයේ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර්ගේ නායකත්වයෙන් යුත් හේතුවාදීන්ගේ සංගමයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා එහි කැපී පෙණුනු චරිතයක් විය.

Read more...

නයින් නැවත හුඹස් කරා ඇදෙති.

chamal gotaසුභාෂිත කල්පනා

සති අන්තයේ පළවූ පුවත් පත් අතර රාජපක්‍ෂ පවුල ගැන ප‍්‍රවෘත්ති දෙකක් පළවිය. ඒ චමල් සහ ගෝඨාභය රාජපක්‍ෂ දෙබෑයන් දේශපාලනයෙන් සමු ගන්නා බවකි. චමල් රාජපක්‍ෂ ප‍්‍රවීන දේශපාලනඥයෙකි. චමල් රාජපක්‍ෂ යනු මහත්තයෙකි. ගෝඨාභය, මහින්ද රාජපක්‍ෂ පාලනයේ දේශපාලන අයිතිවාසිකම් අහිමි තනතුරක් දැරූවෙකි. එහෙත් ගෝඨාභය විටෙක ලේකම්ය. විටෙක හමුදාපතිය. විටෙක පොලිස් පතිය. ඔහු බලය හිස වටා කරකවමින් දේශපාලනය කළේය. ඡුන්ද රැස්විම් ඇමතිය. තුච්ඡ ආකාරයට මාධ්‍යවේදින්ට සැලකීය. Read more...

ඇමෙරිකානු වලිගයේ එල්ලී රාජපක්ෂ ‘ගොඩයෑම’! - සුනන්ද දේශප්‍රිය

Mahinda-Rajapaksaෂෝක්! 

රාජපක්ෂවරු දැන් සිය පිහිට පතා ඇමෙරිකානු වලිගයේ එල්ලී සිටිති. දෙව්ලොව යෑමට අලි වලිගයේ එල්ලුනු ගමරාළ මෙන් මෙවර රාජපක්ෂ සනුහරයම වෙනුවෙන් ඇමෙරිකානු වලිගයේ එල්ලී ඇත්තේ යුද්ධ හමුදාවෙන් ඉවත් වී සිය යහපත් ජිවිතයක් ගත කරනු පිනිස ඇමෙරිකාවට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ම ය. එකී හාස්‍ය ජනක ජනප්‍රවාදයට අනුව දෙව්ලොව යනු වෙනුවට ගමරාළට සිදු වූයේ අලි වලිගය අතැරී පුක බිම ඇන ගැනීමට ය. දැන් 2014 වසරේ ත්‍රස්තවාදය පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ජේදයෙහි එල්ලී ‘ ගොඩ යෑම’ ට දගලන රාජපක්ෂවරුන්ට සහ එහි වහලුන්නට ඊට වෙනස් සන්තෑසියක් හිමි විය යුතු දැයි බලමු. Read more...

ජනාධිපති සිරිසේන අනුගමනය කරමින් සිටින්නේ සිවුරු න්‍යාය පත්‍රයක්ද? - හිල්මි අහමඞ්

ms anuradhapura20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප‍්‍රයත්නයක් වශයෙනි. 20 ගැන මේ තරම් ඔහු කැප වී සිටින්නේ, 19 සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දුවක් නිසා විය හැකිය. එහෙත්, ඒ හේතුව මත, මැතිවරණ සංශෝධනයේ ක‍්‍රියාවලිය සමතලා කළ යුතු නැත. Read more...

20 වැනි සංශෝධනයේ නිරුවත - ගාමිණී වියන්ගොඩ

 

parliament slදේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු ඇත. ඊළඟට, කෙනෙකු දේශපාලනයට එන්ට කලින් ගත් ඡායාරූපයක් සමග දේශපාලනයට ඒමෙන් පසු ගත් ඡායාරූපයක් සසඳා බලන්න. ඒ දෙවැනි ඡුායාරූපයේ ඉන්නේ, බෙල්ල පිම්බුණු, බඩ ඉදිමුණු, ඇඟ ඈරූ යෝධයෙකි. එය ආරය අනුව ඇති වූ වෙනසක් නොව, චාරය අනුව ඇති වූ වෙනසකි.

Read more...

සෙනෙවි සහෝදරයා

Senevi
කිසිවෙකුගෙන් සද්දයක් නැත.

සෙනෙවි සහෝදරයා (කමල් දේශප්‍රිය) මිය ගොසිනි.

කවුද ඒ? කිසිවෙකු විමසනු ඇත.

සෙනෙවි සහෝදරයා යනු 1988/1989 යුගයේ පේරාදෙනියේ වෛද්‍ය පීඨ ශිෂ්‍යෙයකුව සිටිය අවදියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජිකයෙකු ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙනුර, කොල්ලුරේ, ත්‍රීමා ලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගාමිනී සිසිර කුමාරලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී අනූනවයෙන් පණ බේරා ගත්තෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ ඔහු එවකට ජවිපෙ විප්ලවීය දේශපාලනය සඳහා දැඩි කැපකීරීමක් සිදු කළ දක්ෂ සංවිධායකයෙකි. පසු කලෙක වෛද්‍ය පීඨයෙන් ඉවත්ව ඔහු ජවිපෙ දේශපාලනය සඳහා පූර්ණ කාලීනව කැප වූයේය.

සෙනෙවි සහෝදරයා 88/89 යුගයෙන් පසුව නැවතත් ඉස්මතු වූයේ තැන තැන විසිරී කැබලි වී තිබුණු ජවිපෙ අනූවේ දශකයේ මුල් භාගයේ දී නැවත් වතාවක් එක් මිටකට ගැනීමෙනි. එකි නෙකා විශ්වාස කිරීමට නොහැකී වීම නිසාවෙන් කිසිවෙකුටත් එකමුතු කීරිමට නොහැකි ලෙස තැන් තැන්ව එකතු වී තිබුණු කුඩා කණ්ඩායම් එකතු කර හේන් වල මූකලාන් වල සැඟව දිවි ගෙවූ පක්ෂ කේඩරයන් එළියට රැගෙන අවුත් නැවත වතාවත් රහසිගතව පක්ෂ ගොඩනැඟීමේ ශක්තිය ඔවු වෙත තිබුණි. එවකට පක්ෂයේ නිල නොවන නායකයා සිටි සෙනෙවි සහෝදරයා ට කුමක් හෝ හේතුවකට සිය දේශපාලන දිවියේ වරද්දා ගත් තැන් කිහිපයක් ම තිබුණු අතර ඉන් එක් ප්‍රධානම වැරැද්දක් වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභාවෙන් දිවි ගලවා ගෙන එවකට ප්‍රංශයේ සිටි සිරි අයියා (සෝමවංශ අමරසිංහ) හා සම්බන්ධතා පවත්වා ඔහු වෙත තමන් වෙහෙසව ගොඩ නැංවූ පක්ෂය මල් වට්ටියක තබා පූජා කිරීමයි. සෙනෙවි සහෝදරයාගෙන් ඇති අභියෝගය වටහා ගත් සිරි අයියා මෙන්ම ඔහු වටේ සිටි ගුණ්ඩා (කුමාර් ගුණරත්නම්) වැන්නවුන් පක්ෂයේ ප්‍රධාන නිලතල සඳහා තමන්ගේ හිතවතුන් පත් කර සෙනෙවි සහෝදරයා සතු බලතල උවමනාවෙන්ම කප්පාදු කළ අතර අවසානයේ තවදුරටත් ජවිපෙ රැඳීමෙන් පලක් නොවන බව වටහා ගත් ඔහු සහ ඔහු වටා සිටි කණ්ඩායම මාධ්‍ය සාකච්චාවක් පවත්වා ජවිපෙන් ඉවත් වූ බව ප්‍රකාශයට පත් කළේය. ඔවුන් සමඟ ඉවත් වීමට සිටි විමල් ජුදාස් වීරවංශ අන්තිම මොහොතේ පාවා දී සෝමවංශ සමඟම නතර වූ අතර සෙනෙවි සහෝදරයා ඇතුළු පිරිස දේශපාලන වශයෙන් ක්‍රමක් ක්‍රමයෙන් අක්‍රීය විය. ඒ වකවානුවේ සොමවංශගේ මැර කණ්ඩායමෙන් සෙනෙවි සහෝදරයාගේ මවගේ නිවසට ඇතුළු වී ඔහු සතුව තිබූ රහස් දේශපාලන ලියකියවිලි විශාල තොගයක් ද මහා දවාලේ කොල්ලකන ලදි.

සෙනෙවි සහෝදරයා නැවතත් කරළියට මතුවන්නේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ගොඩ නැඟිම සඳහා දායකත්වය සැපයීමෙනි. කිසිවෙකුටත් තේරුම් ගත නොහැකි වූ සෙනෙවි සහෝදරයාට වූ දෙවැනි වැරදීම එයයි. එහෙත් ටික කලෙකින්ම එයින් ඉවත් වී නැවත වතාවත් සිය බිරිඳ විසින් පවත්වාගෙන ගිය මොන්ටිසොරිය සඳහා සුපුරුදු උදව් සපයමින් කාලය කා දමන්නට විය. ඉහතින් සඳහන් කළ වැරදීම් දෙකම සඳහා පසුකාලීනව සිත් තැවුලෙන් සිටින බැව් ඔහු විසින් ප්‍රකාශ කර තිබුණි. මීට වසර කීපයකට පෙර අවාසනාවන්ත ලෙස පිළීකාවට ගොදුරු වූයේ ඒ අතරතුරේදීය.

ඉහතින් සඳහන් කළ ලෙසම සෙනෙවි සහෝදරයා ඉතා දක්ෂ සංවිධායකයෙකි. රැඩිකල් ව්‍යාපාරයක නායකත්වය සතු ගුණාංග විශාල සංඛ්‍යාවක් ඔහු සතු විය. ඉතා ප්‍රසන්න පුද්ගලයෙකු වූ ඔහු ඉක්මනින්ම අනෙකාගේ ආකර්ෂණයට ලක් වන්නේය. එබැවන්ම ඔහු කොකු ගැසීමේ ජගතෙකි. අනුගේ දුක දැනෙන ඒ දුකට පිහිට වෙන පීඩිත පංතිය වෙත හැමදාමත් ආදරය කරමින් සිය අධයාපනය මෙන්ම යෞවන කාලය ද ජවිපෙ ‘විප්ලවීය‘ දේශපාලනය වෙනුවෙන් කැප කළ ඔහු අප මෙන්ම තවත් බොහේ අය අකුරු කළ ජවිපෙ දේශපාලනයේ එක් යුගයකි. අමතක කළ නොහැකි එක් පුරුකකි. එහෙත් අවාසනාවකට ඔහුගේ දේශපාලන පරිනත භාවයට ජවිපෙ පටු දේශපාලනයෙන් ඔබ්බට යන්නට ඉවිපෙන් ඉවත් වූ පසුවත් නොහැකි විය. විශේෂයෙන්ම දෙමළ ජාතික අරගලය සමිබන්ධව තිබුණු ඔහුගේ මතය රෝහණ විජේවීරගේ ‘ජාතික ගැටළුව‘ කටු පොතින් එහාට ගෙන යන්නට අසමත් විය. අප දේශපාලනමය වශයෙන් මතවාදීව වර්ධනය වෙද්දී ඔහු ජවිපෙට කවදාවත්ම ගොඩ එන්නට නොහැකි ලෙසින් සිර වී සිටින පටු ජාතිවාදී සිංහල ජාතිකවාදී අවබෝධයේම සිර වී සිටි අතර ඉන් ගැලවෙන්නට මැලි විය.

පිළිකාවට ගොදුරු වී වසර කීපයක් ගතවුවත් සහජව ඔහු කෙරෙහි වූ ජීවිතය දෙස සුබවාදීව බැලීමේ හැකියාවම ඔහු ව වැඩි පුර කාලයක් ජීවත් කරවීමට උපකාරී වන්නට ඇත. වෛද්‍ය ශිෂ්‍යෙයක්ව සිටීම නිසාවෙන්ම තමන් ගොදුරු වී ඇති පිළිකාවේ සියළුම අහු මුළු ප්‍රතිකර්ම මෙන්ම ප්‍රතිළුල ද ඔහු මැනවින් දැන සිටියේය. මැනවින් ඔහුව මුණගැසීමට එන අයට තේරුම් කර දුන්නේය. එහෙත් කිසි විටෙකත් ජීවිතයෙන් පරාජය වූ බවක් ඔහුගෙන් දිස් නොවුණි. එහෙත් අවසානයේ ඔහුටත් නොදන්වා මරණය ඔහු වෙත ඊයේ උදෑසන පැමිණ තිබුණේය.

අප අතර දේශපාලන වෙනස් කම් බොහෝ ඇතත් ඔහුගේ මරණයේ දී මේ සටහන තබන්නට සිත් වූයේ ජවිපෙ දේශපාලන ඉතිහාසයෙන් ඔහුව ගලවා ඉවත් කිරීමට නොහැකි බැවිණි. එහෙත් සෙනෙවි සහෝදරයා ගැන හොඳින්ම දන්නා ජවිපෙ ඉහළ පෙළ ද කුමාර් ලාගේ පෙරටුගාමීන්ද ඔවුන්ගේ අන්තරේ කෑල්ල ද විමල් වීරවංශලාගේ ජනිපෙද තනි සෝමවංශ ද නගරාධිපති නන්දන ද මේ වෙලාවේ සිටින්නේ ඔවුන් කිසිදා සෙනෙවි සහෝදරා ගැන අසාවත් නැති පරිද්දෙනි (ඉහතින් නම් සදහන් කළ සියල්ලම පාහේ දැන් ජවිපෙ නැත). අන්තර්ජාලය පුරා ඕනැම වර්ගයේ මළගෙයක් වාර්තා කරන ඔවුන්ගෙ වෙබ් සයිට් කිසිවක් ඔහුගේ මරණය ගැන සටහනක් තබා නැත. ජවිපටෙ මෙන්ම ජවිපෙන් කැඩී වෙන්ව ජනප්‍රිය දේශපාලනය කරන සියළුම දේශපාලන කැරලිකරුවන් ට උරුම පොදු කුහකමේ ලක්ෂන ය එයයි.

රතු ජවිපෙ සිටි නිසා සෙනවි සහෝදරයාට විප්ලවීය ආචාරය යැයි කියන්න ද බොදු-සිංහල ජානිපෙට එක් වුණු නිසා උපතින් බොදුනුවෙකු වූ ඔහුට නිවන් සුව අත් වේවා යැයි කියන්නදැයි අප නොදනිමු. එහෙත් දේශපාලන මතවාද පසෙක තැබූ විට අප වෙතින් නික්ම යන “ඔබට සුබ ගමන්“ යැයි කියන්නට තරම් ඔහු හිත හොඳ මිනිසෙකි. හොඳ මිත්‍ර යෙකි.

ඔබට සුබ ගමන්!
http://www.loopholesblog.org/2015/06/blog-post.html

තලවාකැලේට නෑගම් යමු !!

 

thalawakele-1තේ කර්මාන්තශාලාවක් ළඟින් යද්දි දැනෙන තේ දළු ඇඹරෙන සුවඳ විඳලා තියෙනවද ? ඒවගෙ මිහිරක් ප්‍රබෝධයක් කවදාවත් තේ කෝප්පෙකින් ලැබෙන්නෙ නෑ. අපෙ ජීවිතත් වෙලාවකට ඒ වගෙ තමයි. ගෙදරදොරේ වැඩත් එක්ක, රස්සාවත් එක්ක හිර උනාම
Read more...

නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම

 

thalavakale
ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ.ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් ටී ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා. ඔවුන් ජිවත් වුනේ, වෙන්නේ ඉතා පහසුකම් අඩු ලැයින් කාමර
නමින් හඳුන්වන ගෙවල් පේලි වල.
මහා ජාතියකින් සුළු ජාතියකට පීඩනයක් එල්ලවන බව අප දන්නවා. බහුතර පිරිසක් කොතැනක හරි සිටියොත් ඉන් සුළුතරයකට බල පෑමක් එල්ල වන බව වෙනත් රටවල් වල සේවය කරන විට වඩාත් වැටහෙනවා. මේ මිනිසුනුත් එසේ වෙනත් රටකට පැමිණ එය තමන්ගේ වාස භූමිය කර ගනිමින් එහි ප්‍රධානම අපනයන භාණ්ඩයක කොටස් කරුවන් වුනා. ඒ අතර සුළුතරය නිසා ඇතිවන හිරි හැර වලටත් මොවුන්ට මුහුණ දෙන්නට සිදු වුනා. මොවුන්ට "අති බලවත්" දෙමල ඩයස්පෝරාවේ සහය නැහැ. ඩයස්පෝරාවේ කුලීනයෝ , බලවන්තයෝ මොවුන් දිහා බලන්නේ නැහැ. යාපනේ කුලිනයන්ට වුනත් මොවුන් තවත් පහල පන්තියක අය විතරයි. ප්‍රභාකරන්ගේ අරගලය යාපනයේ කුලීනයන්ට එරෙහිවත් සිදු වුණා එක ප්‍රමාණයකට. මොවුන්ගේ අසරණකම ඒ අරගලයටත් බිල්ලට දෙන්නට සුදුසු කට්ටියක් නිර්මාණය කෙරුව එක විතරයි සිද්ධ වුනේ.
මහා ජාතියේ ජාතිවාදය තිබුනත් ඒ බිල්ලා පෙන්වමින් මොවුන් මුලා කරමින් තමන්ගේ මඩිය පුරවා ගන්න තව කොටසක් ඉන්නවා. ඒ ජාතිවාදී සුළු ජාතික දේශපාලනඥයන්. තොන්ඩමන් පරම්පරාව මේ අතින් මුල් තැන ගන්නවා. තමන්ගේ පරම්පරාව හොඳට හැදුව මිස තොන්ඩමන්ලා හා ඔවුන්ගේ වතු කම්කරු සමිති වතු කම්කරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් බොහොමයක් දේ කලාය කියල කියන්න අමාරුයි.
එක ප්‍රශ්නයකට තියෙන්නේ මේ මිනිස්සු දැනුවත් කරන්න විධිහක් නැති වීම. ජාතිවාදය අවුස්සන හොරුන්ගේ බහට නැමි සිටින්න ඔවුන්ට වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවේ වාමාංශික පක්ෂ සුළු ප්‍රමාණයකට ඔවුන් අමතන්න පුළුවන් වුනත් ඔවුන් අතර වැඩි බලයක් නැහැ.
ඒ අඩුපාඩුව නැති කිරීමට එක පියවරක් අපි ගන්න ලෑස්තියි. නෙලුම් යායේ දෙමළ භාෂාවෙන් පලවෙන වෙබ් අඩවිය "තාමරි කුලම්" (නෙළුම් වැව) මේ ජුලි මස විවෘත කරනවා. ඉන් පස්සේ බොහෝ සිංහල බ්ලොග්වල සාධනීය ලිපි ආදිය දෙමළට පරිවර්තනය කිරීමටත්, දෙමල බ්ලොග් ලිපි සිංහලට පරිවර්තනය කිරීමටත් බලා පොරොත්තු වෙනවා.
තලවකැලේ "අඩයාලම්" සංවිධානය විසින් කාන්තා ක්‍රිකට් උත්සවයක් සංවිධානය කරනවා මේ සඳහා. ඊට අමතරව අඩයාලම් කට්ටිය හා නෙලුම් යාය බ්ලොගර්ස් ලා අතර 20-20 ක්‍රිකට් තරඟයකුත් සංවිධානය කරනවා.එනිසා නෙලුම් යාය සහෘද සමුහය, ශ්‍රී ලංකා බ්ලොග් සංසදයේ මිතුරි මිතුරියන්ටත් ආරාධනා කරනවා මෙයට එක්වන්න කියා.
ජුලි 11 සෙනසුරාදා උදේ එහෙ යන්න. එයාලගේ ක්‍රිකට් මැච් එක උදේ 11.00 ඉඳන් තියෙනවා. 11 වැනිදා උදේ 9.00/10.00 වෙද්දි තලවාකැලේට යන්න පුළුවන්. ගිහින් ඒ අයත් එක්කම 11 රෑ එහේ ඉඳලා සින්දුවක් කියලා බජව්වක් දාල විනෝද වෙලා ජුලි 12 අපේ වෙබ් එක ඕපන් කරලා එන්න ඉරිදා අපහු රෑ 07ට 08 ට විතර.

නෙළුම් යාය විසින් බස් රථයක් ඒ සඳහා සංවිධානය කරන්න කැමතියි කට්ටියටම තලවකැලේ යන්න. කෑම බීම වියදමත් අපි දරනවා. රාත්‍රී නතරවෙන්න වෙන්නේ ඒ අය ඉන්න තැන් වලමයි. ටිකක් නවීන වුනු නිවෙස් කීපයක් සංවිධානය කරන්න පුළුවන් කියා සංවිධායකයෝ කිව්වා.

එක දවසක් විතරක් එන්න කැමති අයට ප්‍රවාහන පහසුකම් තමන්ට සපයා ගන්නට වෙනවා. අපට දැනට වෙන වෙනම දෙන්න ප්‍රතිපාදන නැහැ.


මෙයට සහභාගී වෙන්න කැමති බ්ලොග් කරුවන් කරුණාකර ලන්කා ඩේලි හි හිමාශි කරුණාරත්න ට This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට හරි කලාහිත බ්ලොගය ලියන බ්ලොග් සංසදයේ ලේකම් කල්‍යාණමිත්‍ර (සුමිත් කලනසිරි) ට හරි දන්වන්න.

thalavakale2

 

ඇති 225 ඇති

parliamentපාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය යන එකම රාවයයි. දින 100 තුළ ඇති කරගනිතැයි කී අතිශය අත්‍යාවශ්‍ය ‘තොරතුරු දැන ගැනීමේ පනතට’ හෙණ ගැසුවත් කම් නැත. ගිය සතියේ මේ තීරුවේ සඳහන් කළ කුණු කඳු ගොඩගැසීමේ ප‍්‍රශ්නයත් යකාට ගියදෙන්. යහපාලනය තදින්ම ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රශ්නයත් ඔහේ පැත්තක තිබුණාදෙන්. ඔවුන් සියල්ලන් එක හඬින් කෑගසන්නේ, 20 වැනි සංශෝධනය තුළ අඩංගු අනාගතේ අපට ලැබෙන පාර්ලිමේන්තුව කෙසේ විය යුතුද යන්න ගැනයි. Read more...

රනිල්ගේ තරම නොදන්නෝ...............!

ranilnබැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි.

“එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?”

සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි.

“නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…”

ඒ ඔවුන්ගේ විග්‍රහයය.

“ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…”

අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි.

ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය.

අරගෙන කියවන්න මෙන්න මේ පොත

“ඇයි එහෙම හිතන්නේ”

රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී.

“රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

මේ කොටි න්‍යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි.

බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්‍ෂක විශ්ලේෂකයෙකි.

“අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th Anniversary of Sri LAnka Army. ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.”

ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියනව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය.

“හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…”

50th Anniversary of Sri LAnka Army
පිටු අංක, 503
ශ්‍රී ලංකා හමුදාව

මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැලැබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි.

මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි.

“සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරුදින කතාව
ටැමිල්නෙට්
2008.11.27

2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි.

සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය.

“මා ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්‍ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…”

ඔස්ටින් ප්‍රනාන්දු
පිට – 143

එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය.

චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ.

ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය.

ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්‍රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්‍ෂක යුද නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටත් ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්‍ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය.

එසේම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්‍වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්‍ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රිකා 2003 නොවැම්බරයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත.

මෙම යුධ ආධාර සහ ආරක්‍ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්‍ෂක අමාත්‍යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය.

ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

උපුටා ගත්තේ ෆේස්  බුක් ලිපියකිනි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත

 

sl logoආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ වූ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.

Read more...

 

 

විශේෂාංග