22 January 2018
RSS Facebook Twitter   

රාජපක්ෂ පරාජය අභිමුව: අනේ මෙහෙම ආසාවක්! - සුනන්ද දේශප්‍රිය

 

mr basil gota‘තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං’
තන්හාව සෝකයට ද බියට ද හේතුවේ.
මහින්ද රාජපක්ෂ සම්බන්දයෙන් මෙම බුදු වදන සමස්තයක් වශයෙන්ම අදාළය.

Read more...

පෝයදා ටත් ‘පාපතරකම‘ දෝර ගලන කොට අපි තවත් මේ බිමට ‘පිං බිම‘ කියා කියමුද?

mr silඅද පෝය දවසක්. උදේ කෑම කන්න ගිය කඩේ දෙරණ රෑපවාහිනීය දාලා තිබුණා. ඒ වෙලාවේ ප්‍රචාරය උනේ ධර්ම සාකච්ඡාවක් යැයි කිව හැකි වැඩසටහනක්. එයිනුත් ඇහුණේ අන්තිම හරිය. Read more...

නාවික හමුදාපතිගේ විශ්‍රාම යෑම ගැන නව අර්බුදයක් - නිලන්ත ඉලංගමුව

jayantha pereraනාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ විශ්‍රාම යෑම සම්බන්ධයෙන් මේ වන විට නව කාරණයක් මතු වී තිබේ. එය අර්බුදකාරී තත්වයක් නිර්මාණය කොට ඇති අතර එමඟින් නාවික හමුදාවේ නිලධාරින් අතර මහත් කුකුසක් හටගෙන තිබේ. Read more...

මහින්ද මළකුණ සහ අවතාර

 

mahinda b

<<මහින්ද සූදානම් >> යනුවෙන් කරගෙන යන කාලගෝට්ටිය ගැන අපේ මිත්‍රයෙකුවන ඉන්දික ගුණවර්ධන සිය ෆේස් බුක් පිටුවේ ටක්කෙට එක වාක්‍යයකින් ලියා තිබුණේය.

"මහින්ද සූදානම්!!! අප්පචිගේ මළකුණ වළලන්න පෙට්ටයක් හදාගෙන ඔබත් එන්න !!!"

ඇත්තටම මහින්ද මළකුණ මේ තරම් ගදගස්සමින් ලංකාව තුළ හොල්මන් කරන්නේ මහින්දගේ වරදක් නොව ලාංකීය ජනතාවගේ වරදක් නිසාවෙනි. මැරැණු පසු ඕනෑම මළකුණක් වැළලිය යුතුය. මේ ජනවාරියේදී මුලින්ම ​​මෛත්‍රී විසින් කළ යුතුව තිබුණේ එයයි. නමුත් ඔහු ඉතාමතාම හෝ නොහිතා ඒ මළකුණ විමල් වාසු ඇතුලු පිරිසකට කරතබාගෙන යාමට ඉඩ තැබීමෙන් විෂ බීජ තව තවත් රට පුරා විසිරී ගියේය. ​​විෂ බීජ පැතිරී යාමට කිසිදු බාධාවක් නැති රටක මහින්දගේ මළකුණෙන් විසිරෙන ගද සහ විෂබීජ රටම තවදුරටත් ගද ගස්සනවා පමණක් නොව ආසාදනය නොවූ පිරිස් පවා ආසාදනය කරයි. මහින්ද මළකුණෙන් විසිරැණු ​වෛරසය ආසාදනය වී වැඩිම හානිය විය හැක්කේ ජනාධිපති ​මෛත්‍රීටය.

අපි ඕක කිව්වා කියා කිසිවෙකුට කිව නොහැක. මන්ද සමාජය තුළ විෂබීජයක් පැතිරෙමින් යන විට එය මර්ධනය කිරීමට ​මෛත්‍රීට මෙන්ම සිවිල් සහ ජනතාව කියන කොටසටද අතිශය වගකීමක් තිබෙන බැවිනි.

නමුත් නුගේ​ෙගාඩින් අවතාර නැගිට්ටවීමේ රැස්වීම් තියෙන කොට කවුරැත් විෂබීජ පැතිරීමේ අවදානම සම්බන්ධයෙන් ඉවත බලා සිටියහ. එවකදී ඔවුන් සිටියේ අලුත් ආණ්ඩුවේ මධු සාදයේය. අවදානම සරල කොට ගැනූනි. එහි ප්‍රතිපළය වූයේ මළගියවුන් භූමියේ හොල්මන් කිරීම පැමිණ මේ වන විට වසංගතයක්ව විසිරී පැතිරී යාමයි.

මහින්ද සහ මහින්දගේ මළකුණ යනු ලංකීය සමාජයේ ලිස්මස් පරීක්ෂාවයි. 2004 දී ඇරඹි ඉතිහාසයේ කැතම යුගය තුළ ලාංකීය සමාජය සිංහල ස්වෝතතමවාදයේ කෙරවලට යොමුකරන ලදී. එහි ප්‍රතිපලය වූයේ "ළිද මගෙනම් මම ළිදෙනම් පූඹට උකද" යනුවෙන අසනා ගෙම්බන් රොතු වශයෙන් බිහිවීමයි.

කෙසේ හෝ වේවා මහින්ද අවතාර පරාජය කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොවේ. අවතාර පරාජය කළ යුත්​ෙත් සමාජය තුළදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එවැනිම මළකුණක් වන අතර බණ්ඩාරනායක ඇතුළ ඔහු​ෙග් සිංහල ස්වෝත්තමවාදී ඊනියා පංච මහා බලවේගයන් විසින් ලාංකීය සමාජයට මුදාහල ජාතිවාදී ​​වෛරස පරාජය කිරීම මේ යුගය අවශ්‍යතාවයක්ව පවතී. කුමන නායකයෙකු බලයට පැමිණියද එහි තාර්කික අවසානය ගදගහන සිංහල ජාතිවාදය බව ඉතිහාසය පුරා ඕනෑවටත් වඩා සාක්ෂි ඇත.

අවතාර මළකුණු රගන සොහාන් භූමියන ඉදින් අප කුමක් කරමුද?

අපේ ප්‍රශ්ණය මහින්ද නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීම නොවේ. මෙය ඉතා පැහැදිළිව සලකුණු කළ යුතු ​තියුණු දේශපාලනික මොහොතක් වන්නේ ඒ නිසාවෙනි.

අපට ඇති අභියෝගය අවතාර මළකුණු ඇතුලු ගද ගහණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය පත්කිරීමයි. මහින්දගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදාගැනීම යනු ලංකාව ප්‍රජාතන්ත්‍රවාද​ය වෙත ගෙනයාමේ එක අදියරක් ලෙස අජිත් පැරකුම් සහෝදරයා සිය බ්ලොග් පිටුවේ සදහන් කර තිබුණි.

නමුත් අප පැරකුම්ට යෝජනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දගෙන් මුදාගෙන මැතිවරණය ජයග්‍රහණය කළද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එය කිසිදු සාධනීය මැදිහත් වීමක් නොකරන බවයි. මේ මොහොතේ ලංකීය සමාජය යම් සාධනීය වෙනස් සිදුවීමටනම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල බෞද්ධ කටුගෙවල් කැඩී විසුරවා ලිය යුතුයි කියාය.

එහි ප්‍රතිපලය එතැන ඇරඹෙන හිඩස තුළම ​​මෛත්‍රී ජනාධිපතිවරයාට දැන් මේ කරන සෙල්ලම තවදුරටත් කිරීම නැවත්වීමට හැකිවීමයි.

එම නිසා අප යෝජනා කරන්නේ මහින්ද සූදානම් කියන නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට, මහින්ද, පැරණි පිස්සු වම්මුන්ට සහ පිස්සු ජාතිවාදී සුනඛයන්ට පෙට්ටිය ජනතාව විසින් දැන්මම සදා නිමකළ යුතු බවයි. දේශපාලන මළකුණු වන විමල්,වාසු දිනේෂ් මෙන්ම සිල්රෙදි ඇදගත් මිනීමරැ පාඨලී චම්පිකලාද, කටමැද දොඩවන රාජිත සේනාරත්නලා වැනි විෂබීජද දේශපාලනිකව භූමිදානය කිරීමට කාලය පැමිණ ඇත. ​බොහෝ දුරට මේ අවසාන අවස්ථාව විය හැකිය.

තවත් එකක් සටහන් කිරීමට කැමැත්තෙමි. ජනවාරියේදී අඩපණ කෙරැනේ රාජපක්ෂලා පමණක් නොව ඔවුන්ගේ කයිවාරැ දේශපාලනයයි. ඔවුන්ගේ පුත්තු මාධ්‍යවල කයිවාරැ ගැසූ සැටි අප දුටිමු. දැන් ඒ විලාසිතාවේ කයිවාරැ රාජිතලාගේ පුතාලගෙන් දැන් අපි දකිමු. ඒ නිසා අප චතුර සේනාරත්තට කියන්නේ කට ප්‍රවේසම් කරගන්නා ලෙසයි. පල් ටෝක, පොර ටොක් දේශපාලන මෙරට සමාජයට කළ විනාශය හොදටම ඇතිය. රාජපක්ෂ මළකුනෙන් ඇරඹි ​ෙපාර ​ෙටා්ක් අවසානයේ සුරැවා සුනිල් වැනි ස්ත්‍රී දුෂකයන්ද අනුකරණය කළ හැටි අප දුටිමු.


මිත්‍රවරැණි, මහින්ද මළකුණ සූදානම්, අපි පෙට්ටිය තනා අගෝස්තු 17 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මහින්ද භූමදානය කර මේ ​​ඉතිහාසගත ​​වෛරසය නිමාකරමු.

පසන් ජයතිලක

 

ඇස්බැන්දුම් මවා පෑම් සහ යථාර්තය - රංජිත් හේනායකආරච්චි

 

mr meetingජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන් මෙනි. ඒ අලුතින් පත්වූ ආණ්ඩුවත් තමන් මෙන්ම පිස්සන් කඩු ගත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත යන ඔවුන් තුල වූ බිය කෙමෙන් පහව යන්නට පටන් ගත් බැවිනි.

Read more...

රාජපක්ෂ උතුමාණෙනි.... මේ...කෝයි යාන්නේ ! - නිලන්ත ඉලංගමුව

mahinda raja 30මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ හෙතමෝ, තවමත් සක්‍රීය පරාජිතයෙකි. Read more...

කුඩුකාර මඩුවේ චණ්ඩි කල්ලිය

parlimentපාර්ලිමේන්තුව විසුරුවා හැරිණ. මහා මැතිවරණයක් පැවැත්වීමට දින නියම කර ඇත. එය රටේ කාගේත් අපේක්‍ෂාව විය. පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක සරල ස්වරූපය රටේ ජන මතය ප‍්‍රකාශ වීමය. එහෙත් පසුගිය සිකුරාදා විසුරුවා හරින විට 2010දී ජනතාව පත් කළ පාර්ලිමේන්තුව ඒ ස්වරූපය නො පැවතිණ. Read more...

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමන රැලක් තෝරා පත්කර ගමුද? - යුදන්ජය විජේරත්න

sl parliaඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. Read more...

නාවික හමුදාපති ත්‍රිකුණාමලයේදී, ජනාධිපති සිරිසේන ගොනාට අන්දවා යහපාලනය ඔලුවෙන් සිටුවයි - නිලන්ත ඉලංගමුව

ms worshipතම “අති සාර්ථක” චීන සංචාරයෙන් පසු වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද දින ( ජුනි 28) විශාල මුදලක් වියදම් කරමින් උත්සවයක් ත්‍රිකුණාමලයේදී පවත්වනු ලැබීය. ඒ ත්‍රිකුණාමලයේ පිහිටි නාවික සහ සාගරීක විද්‍යාපීඨයේදීය. කොමදෝරු එම්. ජී. එස්. පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් 1967 ජූලී මාසයේ ආරම්භ කරනු ලැබූ අදාළ විද්‍යාපීඨය නාවික හමුදාවේ සේවය කළ කීර්තිමත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් දියුණු කරනු ලැබීය. නමුත් ආයතනයේ වත්මන් තත්වය ගැන බොහෝ දෙනෙකු චෝදනා කරනු ලබන්නේ එය දේශපාලන වුවමනාවන් සඳහා භාවිතා කිරීම කණගාටුදායකය. Read more...

අජිඞ් නිවාඩ් කබ්රාල්ගේ කිඹුල් කඳුළු - අශෝක මිහිඳු

ajith niwardවිවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඩ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා හේතුවෙන් ඇති වූවා යැයි කියන පොලී අනුපාතයේ වැඩි වීම නිසා නිවාස ණය ලබාගන්නා සාමාන්‍ය ජනතාවට අත්වී ඇති පාඩුව ගැන ඔහු කතා කරන්නේ මහත් අනුකම්පාවකිනි. Read more...

රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ! - නිලන්ත ඉලංගමුව

MRතවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත් වනු ඇත. මෙය අතිශය තීරණාත්මක තීන්දුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නොයෙකුත් අවලාද සහ නින්දා මධ්‍යයේ තම පක්ෂය අවස්ථාවාදී ගෝත්‍රික දේශපාලනයෙන් ගොඩ ගැනීම සඳහා තමන්ට ගතහැකි උපරිම තීන්දුව ලෙස අදාළ තීන්දුව ගැනීමට ජනාධිපති මෛත්‍රී මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තීරණය කළ ඇති සැටියෙකි. මෙය යහපත් තීන්දුවකි. Read more...

 

 

විශේෂාංග