21 July 2018
RSS Facebook Twitter   

මෛත්‍රී මඟ හැරියේ මොනවාද? - නිලන්ත ඉලංගමුව

mathripala 15ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ ලබා දීම ඉතිහාසය වෙනුවෙන් වැදගත් විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රමාදය තුළ තම පරිපාලනයේ ප්‍රතිරූපයට සිදු වූ බොහෝ හානිදායක දෑ තිබේ. එවැනි දෑ එකිනෙක ගෙන විස්තර කිරීමට වඩා මෙහිදී අවධාරණය කළ යුතු මූලික කාරණා කිහිපයක් තිබේ.  

Read more...

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය!

m3 waveආදරනීය මිතුරනි

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගන්නට හැකියාවක් නැතත්, දේශීය හා විදේශීය මූලයන්ගෙන් ලැබෙන සල්ලි විශාල වශයෙන් විසි කරමින් ඡන්ද ප්‍රචාරය කිරීමේ හැකියාව ඔහුට තිබේ. කලින් පැවති ආණ්ඩුව බලය අයුතු ලෙස භාවිතා කළ ආකාරය හා දූෂණයේ යෙදුණු ආකාරය කවුරුත් දනිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත් සමග ශ්‍රීලනිපයේ කොටසක් ඔහුට සමීප වී ඇති අතර තවත් කොටසක් ඔහුගෙන් ඈත් වී තිබේ. Read more...

225 ට වැඩියෙන් ඉල්ලන සාගින්නක් ඇයි? - එස්. සිවදාසන්

parliament fightඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ. මොන පැත්තකින් බැලූවත්, කිසි රටක් තමන්ගේ ස්ථාවර භාවය, තම ආර්ථික වර්ධනය හෝ සමාජ සාමය සමග නියෝජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය ඈඳන්නේ නැත. එසේ තිබියදී ශ‍්‍රී ලංකාව පමණක්, දැනට අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව වන 225 සිට 237 හෝ 255 දක්වා වැඩි කර ගැනීමට වලිකන්නේ ඇයි? 225 දෙනෙකුගේ මොළේ අඩුවක්, තවත් මොළ ටිකක් එකතු කර ගැනීමෙන් පියවා ගැනීමට හැකි වෙතැයි සිතන නිසාද? නිදහසේ පටන් මෙවැනි මන්ත‍්‍රී සාගින්නකින් අප පෙළෙන්නේ ඇයි?

Read more...

ඒ නයා සහ මේ නයා

mahinda maithrepalaඑක්තරා කැලයක නාගයෙක් ජීවත් උනා. නමුත් ඒ නාගයා තීරණය කළා මම අනිත් නයි වගේ වෙන්නෙ නැහැ. වෙනස්ම වෙනස් නයෙක් වෙනවා කියලා. මොකද නයා කිව්ව ගමන් මිනිස්සුන්ට එන්නෙ මාරාන්තික බයක්. නයෙක් දැක්කොත් එහෙම පණ එපා කියලා දුවනවා. නැත්නම් නයා ට ‍වැඳලා කණ්නලව් කරලා කියනවා අනේ නයි හාමී අපිටනම් කරදරයක් කරන්න එපා කියලා. නයා ව මරන්න තියා කිට්ටුවෙන්නවත් මිනිස්සු බයයි.
Read more...

මහින්ද කුරුණෑගලට යාම

mr speakසුභාෂිත කල්පනා
මහින්ද පටන් ගත් බව කියයි.  හම්බන්තොට භීෂණය මෙන්ම  නිවිතිගල මිනි මැරුමද මහින්ද සූදානම් බව සහතික කරයි. මහියංගනයේ පහරදිම තවත් එකකි. ඒ කියන්නේ මහින්දගේ පැමිණීම ජන ජිවිතයට නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියකට තර්ජනයක් බවය. මේ සිය`ථ තක්කඩිකම් සිද්ධ වෙන්නේ යහ පාලනය අතරය. යහ පාලන ආණ්ඩුවෙන් මහින්දට ලැබෙන්නේ නාම යෝජනා පමණක් නොවේ. චණ්ඩිකම් කරන අවසරයද ලබාදී ඇත. රත්නපුරේ මෛති‍්‍රගේ රැස්වීමට වෙඩි තබා මිනිසෙකු ඝාතනය කළ නියෝජ්‍ය ඇමතියාට ඇපදි නාම යෝජනා පිරි නැමිමට යහ පාලන ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුවේ. එසේ නොකර එජාපය වට්ටන්න නිදහස් සංධානයට හා ශී‍්‍රලනිප නායකයක් හයියක් නැත.

Read more...

එජාපයේ උජාරුව සහ මහින්දලාගේ දියාරුව - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

mr sadලබන අපේ‍්‍රල් මාසය තෙක් ජන වරම පැවති පාර්ලිමේන්තුුව වහා විසුරුවා හැරිණ. පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරිමට ගැසට් පත‍්‍රය අත්සන් කළේ මෛති‍්‍රපාල සිරිසේන  ජනාධිපති තුමා බව සැබෑය. එහෙත් ඊට බලපෑ ගාමක බලවේගය මහින්ද පරාද කළ සිවිල් සංවිධාන බව රහසක් නොවේ. සිවිල් සංවිධාන ඒ බලපෑම සිදු කළේ විසුරුවා හළ පාර්ලිමේන්තුව ජන සම්මතවාදි මෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍රික නොවූ නිසාය. මහින්ද කල් තියා සිය බලයෙන් විසිවිය. ඔහුගේ පාර්ලිමේන්තුවද ඒ ටිකම සිදුවිය. Read more...

දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත් - රංග කලන්සූරිය

m3 12 07 2015පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත‍්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින් තවත් එකක් විය හැකිය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පොරොන්දු වුණේ, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ අදාළ ආයතන වඩාත් ශක්තිමත් කිරීමෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමටයි. එහෙත් අද අප දකින්නේ එදා ඔහු වේදිකාවේ දුන් ප‍්‍රතිඥාවට ඉඳුරා පටහැනි තත්වයකි. Read more...

මහින්දට ජාතක සිතුවිලි- හිතුවේ වෙන දෙයක් සිදු උනේ තව දෙයක්

mr 10 07 2015සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ව්‍යුහවාදී නොවී සියලු දේශපාලනික ව්‍යුහන්ගෙන් වියුක්ත වී ලංකාවේ දේශපාලනයට සංයුත්ත වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් මෙම ලිපියට මුල පුරන්නේ මා තුල ද ප්‍රතිවිරෝධතා ගණනාවකට මුල පිරීමෙන්ය. Read more...

දේශපාලඥයාගේ සිට රාජ්‍ය තාන්ත‍්‍රිකයා බවට උසස් වීමෙන් අසමත් වූ ජනාධිපති සිරිසේන

ms 04පසුගිය ජනාධිපතිවරණය, ඊට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකින්ම වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ, එක පැත්තකින්, ජනාධිපතිවරයා නැමැති රාජ්‍ය නායකයා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් නිර්-පාක්ෂිකව සිටීමට බල කෙරෙන පූර්ව කොන්දේසි මැතිවරණයට කල්තියාම නිර්මාණය වී තිබීමයි. අනිත් පැත්තෙන්, එම කොන්දේසිවලට පිටුපෑමට නොහැකි වාස්තවික (බිම් මට්ටමේ* තත්වයක්, එම ජනාධිපතිවරයාව බලයට පත්කිරීමට පෙරමුණ ගත් බලවේග විසින් සේම ඔහුව පරාජය කිරීමට පෙරමුණ ගත්
Read more...

කිරි කළයේ ජනවරම තව තවත් ඉහළට.. - ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

m3 oath 10 07 2015සාමාන්‍යයෙන් ජූලි මාසය රටේ දේශපාලනය කළඹවන සිදුවීම්වලින් ගහණ බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. ඉතිහාසයද ඒ සඳහා අවශ්‍ය තරම් සාක්ෂි සපයන්නේය. යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කළේ 1975 ජූලි මාසයේය. එය තිස් අවුරුදු යුද්ධයේ ආරම්භය විය. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම 1957 ජූලි මාසයේ අත්සන් තැබූ අතර ඉන්දු - ලංකා ගිවිසුම 1989 ජූලි මාසයේ අත්සන් තැබීය. ඒවාද සමාජයේ බරපතළ ගැටුම්කාරී සිදුවීම්වලට පසුබිම් විය. 1980 ජූලි වැඩ වර්ජනය හා 1983 ‘කළු ජූලිය‘ ද මෙරට ජනතාවට කිසිදා අමතක වන්නේ නැත. ඒ අතුරින් අතිශය අප්‍රසන්නතම සිදුවීම වන්නේ 1983 ජූලි 23 – 25 දිනවල සිදු වූ ‘කළු ජූලිය‘ බවට විවාදයක් නැත.

Read more...

මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නීචයි!!! - සුනන්ද දේශප්‍රිය

m37 10 2015මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී  තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත වන්නේ ඔහු විසින් මෙම පාවාදීම සිදු කරන ලද ආකාරය යි. එනම් සිය මිතුරු බලවේග ලෙස සළකනු ලැබූ සියලු පාර්ශවයන් බොරු සහ වංචා මගින් මුලා කරමින් බොරු බේගල් දෙසා බාමින් නීව ලෙස සිරිසේන, රාජපක්ෂ සමඟ දේශපාලන යහන්ගත වීම ය. Read more...

 

 

විශේෂාංග