19 January 2018
RSS Facebook Twitter   

පසන් කොඩිකාර - ප්‍රියාත් ලියනගේ

pasan kodikara

Read more...

විප්ලව නැති පාවේල් සහ රාගික අරවින්ද - උදය ආර්. තෙන්නකෝන්

 

 fight

Read more...

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

NelumYaya
සියපත අගක රැඳි මුතු පිනි බිඳු සේම
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම
හමුවී දොඩා සොයුරන් මිතුදම් රෑන
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු රෑම

පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත හනික
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී විගස
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු සේම

ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි කරලා
මනා තත් වයා සැම කන්කළු කරලා
අපි තුටු උනේ සැමගේ දස්කම් දැකලා

අතිනත පටලවා සුභ පතලා දොඩලා
උණුසුම් හාදුවක් දී දෙකොපුල හැඩකරලා
මේ මල් යාය විකසිත කරනට බබලා
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

-http://dilagelokaya.blogspot.co.uk/2015/03/blog-post.html

•සොහොයුරේ..

april-heros"නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්..."

මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණු
අනන්තවූ අඳුරු රැයක
නිමා නොවන ගන අන්ධකාරය
නිමා කොට නව දිනෙක අරුණැල්
මිහිකතට උදාකර..

Read more...

අත්හරින

flower

minding a flowering orchid for a friend who is away

පුංචි සිත් රිදීමක්
නොවෙන්නට වග බලන
හද පෙලන තුහිනයෙන්
මුවා කර නිති රකින
පිපෙන මල් එකින් එක
සෙමෙන් අතගා සිඹින
පලක් නැති හීනයක
හිතට රහසින් යනෙන

හිමි දෑත පැමිණි දා
රහසින්ම අත්හරින
'හමුවීම සතුටක් ම!'
කියා නොහඬා හඬන

http://sahaspiyawara.blogspot.co.uk/2015/03/blog-post_30.html

සගවා ගනු මැන....

 

katusugirlතුන් තිස් පැය ගිනිගෙන දැවෙනා
නොසිදෙන උල්පත් දිය ගලනා
ඔය නෙතු නිවනට අංජන වෙනුවට
අයිලයිනර් අයිෂැඩෝ සාත්තුව
පින්සලකින් නෙතු මත ඇදෙනා
සමකරනට නෙතු රත් සියපතකට
නොසිතෙයි මා සිත මුග්ධය නැගෙනිය

දඩබලු රෑණට හසුවී ඉදිමුණ
නුඹේ දෙතොල් රත් පැහැයට හරවන
ලිප්ස්ටික් කූරෙන් ඇදෙනා සායම
මත නුඹ අඳිනා දිවියෙහි සිත්තම
සැලෙනා නා දළු හා සම කරනා
කතාවේ තේරුම සොයනා මගෙ සිත
අවිචාරයි අද සමාවියන් මට

නොදැමුන දෙ අතට සිරවී පොඩිවන
නුඹෙ පියවුරුවල දැනෙනා රිදුමද
ලැමට යටින් ඇති ලයෙහී රිදුමද
සමවන්නේ තිසරුන් හට පිහිනන
නොදෙනෙයි සිතුමට වනචර මා සිත

නිරුවත් මස්පර්වත බර උසුලන
දිනකට සියවර තැල්මට ලක්වන
දරු බර දැරුමට හැඩවුන උකුලද
නිරාවරණ වුන මලවිකරලියද
මල් රොන් පිරි රියසක බඳු දෙයකට
උපමා කෙරුමට ඉඩ නොදෙනා සිත
සමාවියන් මට පාපිශ්ඨයි එය

නොමැතිව හැඟුමන් පෙන්වා ඇති බව
ඈත බලාගන නිදියන විට යට
ගන්නා මුදලින් රකිනා දරු කැල
දකිනා මගෙ සිත මව යන පදයට
උපමා සොයනව විනිවිද නුඹෙ රුව
සමාවියන් මට නිරුත්තරයි සිත

-http://katusuhadawatha.blogspot.co.uk/2015/04/blog-post.html

 

වතුර බෙදන මහත්තුරු

studentsඅනේ සුසානෝ මම කොළඹ යනකොට
කලබලයක්ය කොල්ලුපිටි හංදියේ
කඳුලු ගෑස් එක්කම ගිනිරාමේට
වතුර බෙදනවා පොලොසියේ මහත්තුරු

මොකදැයි කියලා වට පිට බලන කොට
පන්දාහක් දෙනවා කියු යහපාලකයෝ
දෙදාස් පන්සීයක්ම කපලා නොකියාම
අපමණ අගයක්ද මේකත් කියාපියෝ

රංචාගොඩ ළමයා

-http://bitternight.blogspot.co.uk/2015/04/blog-post.html

ඈ සින්නතම්බිය. දෙමළිය. -යශෝධා සම්මානි ප්‍රේමරත්න

sinnathambiස්වාමිනී ඈ සින්නතම්බිය. දෙමළිය.
සළු වියන්නිය, කෙසඟ ගාමන්ට් කෙල්ලය
මැසින් ඉඳිකටු සිදුරකින් හඳ දකින්නිය
එහෙට පායන හඳ උනත් කලු පාටය.


මඩකලපුවේය. ඒ නොරට ය
යාපනේටත් වඩා හම මඩ පාටය
පෙම්වතුන්ගේ දිනයය – උන්නේ තනියම ය.
පත් සිඳුනු ගස් ආදරේ දන්නැතිය. අපිටනම් කම් නැතිය.


හිරවෙලා උන් කෙහෙ කැරැල්ලක් හුළඟෙ පාවිය
තල් වැටක ආදරේ කෙටු හැටි සිහිවිය
තුවාලේ හෑරුවේ කොණ්ඩා කටුවය
සුසුම් වැද සෙලවුනේ කැටපත් පවුර ය.


සින්නතම්බිය ජීවිතේ විත්තිකාරිය
තුවක්කුව මිස පෑන පැන්සල අහිමි ය
කවක උරුමය වියත් සුදු කෙස්වලටය
දෙවසරක් සිර දඬුවමක් හොඳටම මදිය!

 

 - බස්සි 

-http://bassigenawathana.blogspot.co.uk/2015/04/blog-post.html

අධි පීඩන මල් වැස්ස යටින්........

kawi

අම්මගෙ ආදරේ
කිරිපිටි පැකට් එකක හිර කරපු
තාත්තගෙ රැකවරණය
රක්ෂණ ඔප්පුවෙන් මනින
ලස්සන කරන්නම දගලන
කැතම කැත නගරෙක
Macdonalds ළඟින්
KFC පහු කරන්
අපි යනව පෙළපාලි
ODEL එක ගාවදි
ඇස් කඩන් යන දැන්වීම් පුවරු යට
උගුර ලේ රහ කරන්
මොර දෙන සටන් පාඨය
"අධයාපනය වෙළඳ භාණ්ඩයක් නොවේ "
අධි පීඩන මල් වැස්ස යටින්
කදුලු ගෑස් මීදුම අතරින්
ගිණියම් කාපට් පොළව
දහඩියෙන් පෙඟිල මදිනම්
බැටන් පොලු සංග්‍රහයට
බොහෝම ස්තුතියි
එවාපන් වෙඩි උණ්ඩ
රතු ලෙයින් දෝවනය වන දාට
ටිකක්වත් මග ඇරෙයි
ආශ්චර්යයේ මළ පුලුටු ගඳ........

 - රිවිහාර පින්නදුව

සේයා රූ - රොෂාන් චතුරංග

බොල් පිළිම - වෛද්‍ය රුවන් එම් ජයතුංග​

y678h 1 Read more...

අලුත් වැස්ස - දිනිති දීපිකා

 

rainදෙහි රේණු
සිනා සල සල
අඬන ඇස්


පැඟිරි කොල
පිච්චි පිචිචී
හූල්ලයි


කෑගැසූ
පක්ෂියෙකුගේ
තටු සැලෙයි


දෙහි කටුවක්
හද පතුලේම
සැඟව නිදි


සිසිරයට
නිධන්ගත කවි
එළි බසියි


මේ තමයි
අලුත් වැස්සක
පරණ ගති

-දිනිති දීපිකා

 

 

 

සයිබර් පවුර